( තිළිණි ද සිල්වා )
යුද ගැටුම් පැවති සමයේ දී අතුරුදන් වූවායැයි කියන පුද්ගලයින් සම්බන්ධයෙන් අන්තර්ජාලයෙහි පළ කර තිබුණු 351 දෙනෙකුගේ නම් ලැයිස්තුව පිළිබඳ හෝ ඊට අදාළ වෙනත් තොරතුරු අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යයන්තර ව්‍යාපෘතිය විසින් අන්තර්ජාලයෙහි පළ කරන ලද නම් ලැයිස්තුව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මෙම ඉල්ලීම කර තිබේ.
එම ජාත්‍යන්තර ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කළ මෙම ලැයිස්තුවට ඇතුළත් වනුයේ 2009 මැයි මාසයේදී හමුදා භාරයේ සිටියදී අතුරුදන් වූ යැයි කියනු ලබන පුද්ගලයන් වන අතර එහි පුද්ගලයින් 351 දෙනෙකුගේ විස්තර සඳහන්ව ඇති හෙයින් එම සියලු තොරතුරු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත දැනුම් දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම, ඔවුන් එසේ අතුරුදන් වූ වාතාවරණයන් හා ඔවුන්ට අත් වූ ඉරණම පැහැදිලි කිරීම, පුද්ගලයන් අතුරුදන්වීමේ සිද්ධීන් අඩු කිරීම පිණිස අදාල බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් සහ අභිලාෂයන් ආරක්ෂා කිරීම සහ එවැනි අතුරුදන් වූ පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට පිළියම් ලබාගැනීම සඳහා භාවිතා කළ හැකි යෝග්‍ය මාර්ග හඳුනා ගැනීම යන කාර්යයන් ඉටු කිරීම පිහිටුවනු ලැබූ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් සිදු වන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
එබැවින් මෙවැනි තොරතුරු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස මෙරට හෝ විදේශ රටවල වාසය කරන සියලු දෙනාගෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය කාරුණිකව ඉල්ලා සිටී.
එසේම යුද ගැටුම් සමයේ අතුරුදන්ව ඇතැයි කියන පුද්ගලයින් සම්බන්ධයෙන් ඇති ඕනෑම තොරතුරක් සභාපති ,අංක 34 , නාරාහේන්පිට පාර , නාවල යන ලිපිනයට හෝ යන [email protected] විද්‍යුත් තැපෑලට යොමු කරන්නැයිද එම අමාත්‍යාංශය දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 04
407
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතුරුදන් වූවන් ගැන විස්තර කාර්යාලයට දෙන්න - විදේශ අමාත්‍යාංශය
lusena Wednesday, 20 June 2018 03:40 PM
88.89 භීෂණ සමයේ අතුරුදන් වූවන් ගැන (60,000 ජනතාව) මෙමගින් සොයා බැලීමක් නැද්ද?