අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය මේ මස 21 වැනිදා දවසපුරා පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් රජයට චෝදනා කළ අතර, මෙම පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසුව එම කාර්යාලය පිහිටුවීමටද රජයේ එකඟතාවට පැමිණ තිබේ.
අදාළ සංශෝධිත පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය. මෙවර පාර්ලිමේන්තු සතිය ලබන 20 වැනිදායින් ආරම්භවන අතර එය 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
- 044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd