තරිඳු ජයවර්ධන
අතුරුදන් වූවන් ගැන සෙවීමට පාර්ලිමේන්තු පනතකින් පිහිටවූ අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාජිකයන් පත් කළේය.
ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යාලයේ සාමාජිකයෝ හත් දෙනෙක් සිටිති.
ඒ අතර යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයෙක් ද වෙයි.
සභාපති ලෙස පත් කර ඇති සාලිය පීරිස් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ද සාමාජිකයෙන් වන අතර ඔහු මානව හිමිකම් ක්ෂේත්‍රයේ කීර්තිමත් නීතීඥවරයෙකි.
අතුරුදන්වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීම මානව හිමිකම් ක්ෂේත්‍රයේ හොඳ ප්‍රවණතාවක් බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන සැරසෙන්නේ විදේශ රටවල් (ඉන්දියාව සහ බටහිර )සහ කොටි ඩයස්පෝරාව සනසන්නයි. ඔවුන්ගෙන් ලබාගත් ඩොලර් මළුවලට සේවය කිරීමටයි.