(රංජන් කස්තුරි)
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවයක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ සඳහා අවැසි විදුලි ජනන යන්ත්‍ර බදු පදනම මත ලබා ගැනීමටත් එම යන්ත්‍ර උපයෝගීකර ගනිමින් අවශ්‍යතාවයක දී විදුලිය උත්පාදනය කිරීමටත් පියවර ගන්නා බවද ඇමැතිවරයා කීය.
මේ මාසයේ සිට ඉදිරි මාස හයක කාලයක් සඳහා මෙම අතිරේක විදුලි ජනනය සිදුකරන බවත් විවෘත ජාත්‍යන්තර ලංසු කැඳවීම මගින් කෙටි කාලීන පදනම මත මෙම විදුලි ජනන මිලදී ගැනීමට නියමිත බවත් ඇමැතිවරයා කියා සිටියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිරේක විදුලිය මිලට ගැනීම ඔන්න ඔතනදි තමයි විනිවිධභාවයෙන් කටයුතු කළ යුතු වන්නේ. මැති ඇමැතිවරුනට ලැබෙන දීමනා ප්‍රමාණවත්. ලද දෙයින් සතුටුවන්න . විනිවිදභාවයෙන් කටයුතු නොකොළත් පට්ට හොරුන්ගේ ලේඛනයට ඔබේ නමත් ඇතුළත් වේවි .
සූර්ය බල සංග්‍රාමයට මොකක් උනාද දන්නේ නැහැ නේද?
ඔන්න කොමිස් ගහන්න තවත් මගෝඩි වැඩක් පටන් ගන්න යන්නෙ.
විදුලි බල මණ්ඩලයයි මහජන උපයෝගිතා කොමිසමයි මේ දවස්වල " අවරුදු ක්‍රීඩාවක " නිරත වෙලා ඉදිරි වසර 20 ක ජනන සැලසුම් සම්බන්ධව. ඒ අතරේ අර ප්‍රකට ඩීසල් මාෆියා කල්ලිය නටනවා " අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලෙක ට පස්සේ " ගීතය ගයමින් !