(ටී.කේ .ජී .කපිල )
රුපියල් අට කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ ශ්‍රී ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
මෙම යුවළ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙම කාන්තාවගේ වයස අවුරුදු 22 කි. ඇය ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින්නියකි. ඇගේ සැමියාගේ වයස අවුරුදු 24 ක් වන අතර ඔහු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවය කරයි.
ඔවුහු සුපිරි ව්‍යාපාරිකයන් විසින් ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑම සදහා මුදල් ගෙවා ලබා ගන්නා " සිල්ක් රූට්" (Silk Route) මාර්ගය ඔස්සේ ගුවන් යානය වෙත යෑමට පැමිණෙමින් සිට ඇත.
COMMENTS
පළමුව මාගේ ප්‍රනාමය රේගු නිළධාරීන්ට , ලංකාවේ සල්ලි විදේශ සල්ලි සියල්ලම පිට රටට අදින්නේ මේ ව්‍යාපාරික මුවාවෙන් සිටිනා එකතරා කොටසක් , අපේ රටේ රත්‍රන් , විදේශ මුදල් සහ වටිනා බොහෝ දෙවල් රටින් පිටවනවා, ඒ වාගෙම රටට අහිතකර බොහෝ භාණ්ඩ මත් ද්‍රව්‍ය අපේ රටට ගෙනවා, මෙවන් තත්වයක් යටතේ මොවුන් දෙෙදනා ඇල්ලූ අපේ දක්ෂ රේගු නිළධාරීන්ට දිරිමත් කිරීමක් රජයෙන් කළ යුතුමය...
ශ්‍රී ලංකා රේගුවට මාගේ ප්‍රණාමය.
මේ කෝටි අට රාජසන්තක කර ඒ මුදල සංවර්ධන කටයුත්තකට යොදවන්න. ආයේ මොකටද රට රටවලට ණය වෙන්නේ, රටේ සම්පත් විකුනන්නේ?
මේ ගෑනු ළමයි අර අනුරාධපුරේ අත ඇරලා ගිය ළදරුවයි අතර සම්බන්ධයක් තියනවද කියල බැලුවොත් හොඳයි. කියන විදියට දෙදෙනාගේම වයස එකයි.