(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් පස් දෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සමිතා කුමාරි බණ්ඩාර මහත්මිය අද (10) නියෝග කළාය.
එම්.අර්. ෆාතිමා , එම්.එස්.සිත්ති මංසිලා , මොහොමඩ් මිහිලාර් හස්මන්ඩ් , මොහොමඩ් හුසේන් රිස්කාන් , අහමඩ් ජමල් දීන් යන පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර 14 හැවිරිදි මොහොමඩ් රිෆාඊ හබ්සා දැරිය පරිවාස භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය.
බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ඊයේ (09) ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කළොත් වෙඩි තියයි.
අපි සාමාන්‍ය නීත්‍යානුකූල ජනතාව හැටියට පොලිස් නිලඅැඳුමට කොයිතරම් ගරු කරනවද? කොතැනක හෝ වරදක් තියෙනවා. ඒ වරද හැදෙන පාටකුත් නෑ. නැවත නැවත මේ අසංවර මිනිස්සු මේ වැඩේ කරාවි...