හිරාන් ප්‍රියංකර ජයසිංහ
විල්පත්තුව ජාතික වන උද්‍යානය ඉතිහාසයේ වාර්තාගතම ආදායම වු එක්කෝටි හැට නව ලක්ෂයක මුදලක් අගෝස්තු මාසයේ සංචාරකයින් පැමිණීමෙන් උපයා ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පවසයි.
උද්‍යාන පාලකවරයා පවසන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආරම්භ කළ සමයේ සිට මේ ආකාරයෙන් ආදායමක් උපයා නැති බවයි.
එසේම මෙම වාර්තාගත ආදායම වු එක්කෝටි හැට නව ලක්ෂයක මුදල ලබා ගැනීමට හැකිව ඇත්තේ උද්‍යානය නැරඹීමට පැමිණි දේශීය සංචාරකයින් 8000 කට ආසන්න පිරිසක් හා විදේශීය සංචාරකයින් 4500 කට ආසන්න ප්‍රමාණයක් වෙත අලෙවි කළ ප්‍රවේශ පත්‍ර වලින් බව කියයි.
දිස්ත්‍රික්ක තුනකට මායිම්ව පිහිටි විල්පත්තුව ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම වන උද්‍යානයයි. දශක කීපයක් එල්.ටි.ටි.ඊ තර්ජන හේතුවෙන් වසා තිබුණ ද නැවත විවෘත කිරිමත් සමඟ සංචාරකයින් මේ ආකර්ෂණීය භුමිය නැරඹීමට පැමිණිම වැඩිව තිබෙන බව වනජීවි නිලධාරින් පවසයි.
විල්ලු සහ විශාල කරදිය හා කිවුල් දිය මිශ්‍ර ජලය ඇති වැව් රැසකින් සමන්විත විල්පත්තුව වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දිවියන් දැකගත හැකි උද්‍යානයක් ලෙසයි.
එසේම අලි ඇතුන්, මුවන්, ගොනුන් ඇතුළු වන සතුන් සේම උරග විශේෂ සමනල් විශේෂ ඇතුළු සතුන් විශාල ප්‍රමාණයකින් පෝෂිත භුමියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.
එසේම දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණයට ලක් කරන සංචාරක බංගලාවන් ද විල්පත්තුවේ අගය තවත් වැඩිකර තිබේ.
මුහුදු මට්ටමේ සිට සාමන්‍ය මීටර 15.2 ක් පමණ ඉහළින් පිහිට ඇති මෙම ජාතික උද්‍යානයේ උතුරු ප්‍රදේශයට මායිම්ව මල්වතු ඔය හා මෝදරගම් ආරු ද දකුණට මායිම් ව කලා ඔය ද පිහිටා තිබීම උද්‍යානයේ අලංකාරය වැඩි කිරිමට හේතු වී තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ බලන්න තරම් දෙයක් ඉතුරු වෙලා තියෙනවද?
ඔය තියෙනේ ගස් හොඳට වැවිලා
ලෝකයේ අනෙත් රටවල මෙවන් වනෝද්‍යාන වල සංචාරකයින් සඳහා සපයා ඇති "පහසුකම්" සමඟ සසඳා බලන කල ලංකාවේ කිසිම වනෝද්‍යානයක් ඒ අහලකටවත් කිට්ටු විය නොහැකි ඒවා බව කනගාටුවෙන් උනත් කිවයුතුව තිබේ. වන සතුන් සහ ස්වභාව අලංකාරය ඒ කිසි තැනකට නොඅඩුව පිහිටි අපේ වන උයන් මෙයට වඩා විධිමත් අන්දමට පවත්වාගෙන යාම වගකිව යුත්තන්ගේ යුතුකම විය යුතුය. විශේෂයෙන් වන උයන් වල ඇති සියලුම සංචාරක නවාතැන් කිසිම ප්‍රමිතියක් නොමැති මිනිස් වාසයට කිසිසේත් නොසුදුසු අඩුම සහ දුර්වලම පහසුකම් සහිත ඒවා වීම කනගාටුවට කරුණකි. මේවා නිසිපරිදී සකස් කොට නඩත්තු කරන්නට බැරිනම් පෞද්ගලික අංශයට හෝ බාරදී ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන සේවාවක් ලබාදෙන්නේනම් මිට වඩා හොඳය. වන උයන්වල සේවය සඳහා දේශපාලඥයින්ගේ ගෝල බාලයන් පත් කර තිබීමත් ඔවුනට වනය, වන ජීවින් හෝ ගහ කොළ පිලිබඳ දැනුමක් හෝ විශේෂයෙන් ඇල්මක් නොතිබීමත් අපේ වන උයන් පරිහානියට පත්වීමට තවත් හේතුවක් වී ඇත. වන සතුන්ට නිදහසේ ඔබ නොබ ගමන්කිරීමට හැකිවන ආකාරටය විධිමත් සැලැස්මකට අනුව හරි හමන් විදුලි වැටක්වත් සවිකර ගැනීමේ ශක්තියක් හෝ උවමනාවක් නැති අපේ වන ජීවි බලධාරීන්ගෙන් මිට වැඩි දෙයක් බලාපොරෝත්තු විය නොහැක.