IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අගමැති නෝර්වේ රොබෝ තාක්ෂණ ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණයක

 


 
(අංජුල මහික වීරරත්න)
 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ සිය තෙදින නිල සංචාරය ආරම්භ කරමින් ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් (XXL) ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු නිරීක්‍ෂණය කළේය.


එලිමන්ට් ලොජික්ස් (Element Logics) හා ටික්රි (TIQRI) තාක්‍ෂණික සමාගම්වල මෙහෙයවීමෙන් මෙම රොබෝ තාක්‍ෂණික කාර්යයන් සැලසුම් කර ක්‍රියාත්මක වන අතර, මේ ඔස්සේ ඉතා කඩිනම් හා කාර්යක්‍ෂම ලෙසින් ගබඩාගත කිරීමට මෙන්ම, ඒවා යළි ඇසුරුම් කර නැව්ගත කිරීමට ද හැකියාව ලැබී ඇත.


ඇඟළුම්, වෙනත් නිෂ්පාදන මෙන්ම මත්ස්‍යයන්, එළවලූ හා පළතුරු ද මේ ආකාරයෙන් ගබඩා කිරීමටත්, ඇසුරුම් කිරීමටත් හැකියාව ඇති බව මෙහිදී අනාවරණය විය.


ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙවැනි ගබඩා පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් මූලික සැලසුම් සකස් කර ඇති බව ද, මේ සමාගම් හා එක්ව ලබන දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ ද මෙවැනි රොබෝ තාක්‍ෂණික ගබඩාවක් ඉදි කිරීමට පසුබිම සැකසී ඇති බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.


මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ මේ නිරීක්‍ෂණ චාරිකාවට එක් වී සිටියහ.
 



අදහස් (3)

අගමැති නෝර්වේ රොබෝ තාක්ෂණ ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණයක

lakpriya Thursday, 04 October 2018 11:07 AM

ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ගබඩා ප්‍රශ්නේ නෙමෙයි. රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැති එක. රොබෝ තාක්ෂණ ගබඩා හදල ඒවායේ ගබඩාකරන්නේ මොනවද?

:       0       0

nuwan Thursday, 04 October 2018 02:23 PM

අයියෝ සල්ලි!

:       0       0

rasika Thursday, 04 October 2018 02:24 PM

මේවා බොරු වැඩ , ගබඩා කරන්න , නැව්ගත කරන්න, රටේ නිෂ්පාදන තියෙන්න එපැයි............මොනාද රටේ තියෙන නිෂ්පාදන රට ඉන්න මිනිස්සු දුක් විදලා හොයන සොච්චමෙන් තම තම රෝල ගහන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site