එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට  යොමු කර ඇතැයි  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

තමා අගමැති ධුරයෙන් අද ඉවත් වන බව අරලියගහ මන්දිරයේදී  විශේෂ ප්‍රකාශක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ (20)  සඳහන් කළේය.

 රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි . 

( ඡායාරූප - ලහිරු හර්ෂණ)