IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


‘අක්බාර් ටවුන් යළි එඩේරමුල්ල කරනවා’ - ඇමැති ෆයිසර්

(විනීතා එම් ගමගේ)
 
මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල  ප‍්‍රදේශය එඩේරමුල්ල 2 ලෙසින් නම් කිරීම අදාල අංශ  සමඟ සාකච්ඡා කොට කමිටු නිර්දේශය ලබාගෙන වහා සංශෝධනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප‍්‍රකාශ කළේය.
 
ප‍්‍රදේශවාසින්ගේ අත්සන් සහිත සංදේශයක් රැගෙන අමාත්‍යවරයා හමුවට පැමිණි එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් හමුවේ අමාත්‍යවරයා මේ බව පැවැසීය.
 
එම නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ දී  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා එම කොට්ඨාසය එඩේරමුල්ල ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අදාල කමිටු නිර්දේශය ලබාගෙන ඒ පිළිබඳව වන සංශෝධනය ඉක්මණින් ඉදිරිපත් කරන බව ද පැවැසී යැයි හෙතෙම සඳහන් කළේය.
 
මෙම බල ප‍්‍රදේශය අක්බාර් ටවුන් ලෙස නම් කිරීම තමන් විසින් හෝ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය විසින් ගත් තීරණයක් නොවන බවත් එය දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ නිර්දේශ සහිතව අශෝක පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු අභියාචනා විමර්ශන කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට ඇතුළත් කර ඇති බවත් පැවැසී යැයි ද සඳහන් කළේය.
 



අදහස් (19)

‘අක්බාර් ටවුන් යළි එඩේරමුල්ල කරනවා’ - ඇමැති ෆයිසර්

Indunil Wednesday, 20 December 2017 11:41 AM

නොකලොත් වැඩ වරදියි...

:       371       1077

siri Wednesday, 20 December 2017 11:43 AM

එතකොට " දර්ගා ටවුන්" ගැන මොකද කියන්නේ?

:       108       329

නලින් Wednesday, 20 December 2017 12:54 PM

මේ ආණ්ඩුව නිකන් බොරු ප්‍රශ්න හදා ගන්නවා. අනවශ්‍ය ජාතිවාදී ප්‍රශ්න ඇති නොකර මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. රජය පත් කලේ රට දියුණු කරන්න. නමුත් කරන්නේ රට පස්සට යන වැඩ තමයි.

:       0       246

Hassanda Wednesday, 20 December 2017 01:14 PM

මෙතන ජාති වාද අවුස්සන්න එපා...

:       17       70

මුදලිතුමා Wednesday, 20 December 2017 01:15 PM

ශ්‍රී ලංකාවට අපකීර්තියක් දෙන කොළඹ 2 පිහිටි "වහල් දුපත - ස්ලේව් අයිලන්ඩ්" නම වෙනස් කරන්න පුළුවන් නේද?

:       1       136

nisar Wednesday, 20 December 2017 02:24 PM

අක්බාර් ටවුන් කියන්නේ විශාල, ලොකු නගරය කියන තේරුමනේ. "විශාල" කියන එක "එඩේර" බවට පත්වෙනවා . නගරය යන්න "මුල්ල" බවට පත්වෙනවා. එච්චරයි.

:       1840       467

GihanThursday, 21 December 2017 12:26 AM

සිංහලෙන් නම් එඬේරා කියන්නේ සතුන් පාලනය කරන තැනැත්තාට. නිකන් ගොන්කම් ප්‍රදර්ශණය නොකර ඉන්න.

:       0       17

රුවන් Wednesday, 20 December 2017 03:35 PM

නිසාර්. අපේ සීයලගේත් සීයලා පවා ඉපදුණු ගමට අපි උපන් දා ඉදන් කණට ඇහුණු හුරුපුරුදු "එඩේරමුල්ල" නම හොඳයි. ඔය කියන "විශාල නගරය"ට වඩා.. පොඩ්ඩක් හොයලා කියන්නකෝ "මුල් ඇඩිය" ඔය කියන "විශාල නගරය හෙවත් අක්බාර් ටවුන්" වුණේ එක්දාස් නවසිය කීයේ ඉඳන්ද කියලා...

:       33       464

රාජුන් Wednesday, 20 December 2017 03:54 PM

ඉතින් නිසර් ඕක අරාබි භාෂාවෙන්ම කියන්න ඕනෑද? විශාල හෝ මහනගරය කියා තේරුම් දෙන නමක් අපේ භාෂාවකින් දාන්න බැරිද?

:       76       337

JEEWA Wednesday, 20 December 2017 03:59 PM

නිසර් ඒවා කරගන්න සෞදියේ... මෙහෙ නෙවෙයි තේරුණාද?

:       119       736

asadThursday, 21 December 2017 08:03 AM

මෙතන චන්ඩිත් ඉන්නවනේ.. බය හිතෙනවා.

:       60       0

JEEWAThursday, 21 December 2017 09:17 AM

අපේ ඉතිහාසේ ඔයාල වෙනස් කරන්න එන්න එපා

:       0       13

Bamunuarachchi Wednesday, 20 December 2017 04:39 PM

අක්බාර් කියන්නේ විසාල නම්, අක්බාර් ටවුන් නොකියා විසාලා නුවර කියමු...... නැතුව ඔය සිංහල නගරයට හම්බ නමක් දාන්නේ මොන බම්බුවකටද? ඒ ගමේ මිනිස්සු එඬේරමුල්ල කියලාම භාවිතා කරන්න.

:       0       47

victor Wednesday, 20 December 2017 04:46 PM

නිසාර් කියන විදියට "අක්බාර් ටවුන්" කියන්නේ මහනුවරටද?

:       0       0

Sayimon Wednesday, 20 December 2017 10:43 PM

අක්බාර් ටවුන් කියන්නේ දුම්රිය පොළ අසළ පිහිටි ‘‘අක්බාර්‘‘ නම ඇති මිනිසුන් පදිංචි වී සිටිය ප්‍රෙද්ශයකට...කොළඹ නගරසභාවේ සිටි අක්බාර් නැමති ප්‍රධාන ජල ඉංජිනේරුවා සිටියේ මේ ප්‍රෙද්ශයේය. 1990 දශකයේ ඔහු මිය ගියා..........

:       0       0

ගයාන් Thursday, 21 December 2017 01:59 AM

එකම තේරුමනම් මොන එකටද අරාබියෙන් නම දාන්නෙ? එඩේරමුල්ල කියලම තිබුනම ඉවරයිනෙ. මෙතන යන්නෙ වෙනම කතාවක්. මෙයාල අපේ රටේ මෙයාලගෙ ඉතිහාස ලියන්න හදනව.

:       0       31

sirivikrama rajasinghe Thursday, 21 December 2017 03:24 AM

මේක වෙනස් කරපු අයට දඩුවම් කිරීමට නියම කරමි..............

:       0       7

abdul Thursday, 21 December 2017 06:09 AM

අක්බර් විනිශ්චයකාර තුමා මෙරටට සේවය කල අග්‍රගන්‍ය පුරවැසියෙක්. ජාතිවාදයට ඔහුගේ නම දැන්නුරුස්සන හැටි පේනවා. අබසරණ තමයි...........

:       150       1

thinuga Thursday, 21 December 2017 08:37 AM

මුස්ලිම් අය ඉගෙන ගන්නේ සිංහල ඉස්කෝලවල , කතා කරන්නේ දමිල බාසාව හැබැයි කඩේ යන්නේ අරාබි බාසාවට අනේ මන් දන්නේ නෑ.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 738 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 898 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 373 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site