IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ළමා නිවාසයේ දැරියන් අපයෝජනය කළ සේවකයා අත්අඩංගුවට


 
 
(සුමතිපාල දීයගහගේ)  
 
හබරාදුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන ළමා නිවාසයක නේවාසික බාල වයස්කාර දැරියන් පස් දෙනෙක් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ සේවකයෙක් අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසයි.‍

හබරාදුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන සැකකරු ළමා නිවාසයේ සිටින පහළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙක්, දහතුන් හැවිරිදි එක් දැරියෙක් සහ එකොළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙක්ද මාසයක  කාලයක් තිස්සේ වරින්වර අපයෝජනය කර ඇති බව මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය ළමා නිවාසයේ සහකාර පාළිකාවටද දැන ගැනීමට ලැබීමෙන් පසුව ඇය දැරියන්ගෙන් මේ පිළිබද විමසා ඇත. එහිදි සේවකයාගෙන් දැරියන්ට සිදුවන අතවර පිළිබඳ තොරතුරු හෙළිවිම නිසා හබරාදුව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (5) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.  



අදහස් (6)

ළමා නිවාසයේ දැරියන් අපයෝජනය කළ සේවකයා අත්අඩංගුවට

Bamunuarachchi Monday, 05 March 2018 04:19 AM

පිරිමි සේවකයෙක් ගැහැණු ළමා නිවාසයක සේවයට යොද වන්නෝ අමු මැට්ටෝ නොවේද? ගැහැණු ළමා නිවාසයක සේවයට පිරිමි සේවකයෙක් යෙදවූ තැනැත්තාත් අත්අඩංගුවට ගත යුතුයි.

:       157       163

පිුයා Monday, 05 March 2018 04:39 AM

මෙි වගෙ මිනිස්සු එල්ලා මැරිය යුතුයි. දැන් අපෙ රටෙත් බාල අපරාධ හැමදාම අහන්න සිදුවන්නේ රටෙ නිතියට කවුරුත් බය නැහැ හිරෙ ගියොත් මාසයක් නිවාඩු අරන් එලිය⁣ට ආපසු කරන්නෙත් ඔය ටිකම තමයි

:       0       47

පිටිගල මිලානෝ Monday, 05 March 2018 07:22 AM

හිරගෙවල්වල දැන් තියෙන්නේ ස්පෝර්ට් මීට්.. අන්තර් බන්ධනාගාර ක්‍රීඩා තරඟාවලි, දන්සැල්, සෙල්ෆෝන් සහ මත්ද්‍රව්‍ය මගඩි... මීට අමතරව නුවර පාසල් වල ප්‍රධාන අමුත්තාට ගෙන්නන්නෙත් බන්ධනාගාර ලොක්කන්. ඒ අය පාසල් ළමුන්ගේ ඡායාරුප තම ෆෙස්බුකියේ පවා දා ගන්නවා. ඉතින් මිනිස්සු හිරේ යන්න බයවෙයිද?

:       0       16

amila peiris Monday, 05 March 2018 11:16 AM

මව්පියන්,ඥාතීන් නොමැති හෝ විවිද හේතුන්මත ළමා නිවාසයක රැකවරණය ලබන මේ දරුවන්ට කරපු අපරාදයට යාපනය අධිකරණයෙන් මෑතකදී ලබාදුන් බාලවයස් ස්ත්‍රී දුෂකයාට දුන්නා වගේ තීන්දුවක් දෙන්න ඕන, තව මේවගේ අපරාද කරන්න හිතෙන්නේ නැතිවෙන්න.

:       0       35

rocky Monday, 05 March 2018 02:19 PM

චෝදනාවලට වැරදිකරු බව උසාවියේදී ඔප්පු වුණොත් ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුයි !..

:       0       31

Nandalal DE SILVA - France Tuesday, 06 March 2018 07:03 AM

මෙවැනි බාල දරුවන් සිටින ස්ථානවල සේවකයන් රැකියාවලට ගන්නා විට ඔවුන්ගේ අතීත අපරාධ, සිරගතවීම් වැනි නයිතික පසුබිම් වාර්තාවක් පොලිසිය මගින් ලබාගන්නා ක්‍රමවේදයක් සකසා ගැනීමට නීති සම්පාදනය කල යුතු වෙනවා ! එම වාර්තා ඔහුගේ " ෆයිල් " එකේ සුරැකිව තබාගැනීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් කරන්නත් ඕන ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 62 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 107 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 200 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 473 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 637 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 252 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site