IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හොර ක්‍රෙඩිට් කාඩ් සැකසූ ලාංකිකයෙක් ඉන්දියාවේ දී දැලේ

 ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කර ගනිමින් අන්තර් ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු  තිදෙනෙකු ඉන්දිය මධ්‍යම අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බැංගලෝර් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඩෙකෑන් හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ දිව්යාන් නමැති ශ්‍රී ලාංකිකයෙකි. මොහු  යාපනය ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසරකට පමණ පෙර සරණාගතයෙකු ලෙස ඉන්දියාවට ගිය අයෙකි.

සැකකාර ශ්‍රී ලාංකිකයා තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමඟ එක්ව විවිධ පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත්වල තොරතුරු ලබාගෙන ව්‍යාජ කාඩ්පත් සකස් කර ඒවා මාර්ගයෙන් අන්තර්ජාල මිලදී ගැනීම් සිදුකර ඇති බව ඉන්දීය මධ්‍යම අපරාධ ඒකකයේ නිලධාරීන්  විසින් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයා සහ අනෙක් සැකකරුවන් සතුව තිබූ එලෙස සකස් කරන ලද ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් 144ක් ද සොයාගෙන තිබේ. ඊට අමතරව එම ව්‍යාජ කාඩ්පත් බෙදාගනිමින් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රූපවාහිනි යන්ත්‍ර තුනක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව ඩෙකෑන් හෙලරඩ් පුවත්පත් වාර්තාවේ සඳහන්ව ඇත.

- 125



අදහස් (2)

හොර ක්‍රෙඩිට් කාඩ් සැකසූ ලාංකිකයෙක් ඉන්දියාවේ දී දැලේ

narada Sunday, 16 July 2017 10:31 AM

දැන් ඉන්දියාවට සනීපද? ... සරණාගතයන් ගන්න අනෙක් රටවලටත් ටික කාලෙකින් වෙන්නේ මේක තමයි.

:       37       138

suneth bandara New YorkSunday, 16 July 2017 02:03 PM

සමහර අය ප්‍රචාරය කරන්නේ "ශ්‍රී ලාංකික" කියලා. හොඳ වැඩක් කළොත් "ශ්‍රී ලාංකික දමිල" කියලා ක්‍රෙඩිට් ඒක දා ගන්නවා. වරක් ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා යෝජනා කළා වගේ ශ්‍රී ලාංකික පාස්පෝට් එකේ ජාතිකත්වය වගේම ජන වර්ගයත් දාන්නයි තියෙන්නේ...

:       0       63

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 331 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 689 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 850 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 461 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 521 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 184 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site