IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෙවනගල යළිත් දයා ගමගේට

(රංජන් කස්තුරි)

 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබූ සීමාසහිත සෙවනගල සීනි සමාගම එම පනත යටතේ පවරා ගනු ලැබූ අතර පනත අහෝසි වීමෙන් පසුව නැවත එම කෝටි ගණනක් වටිනා දේපොළ දයා සමූහ ව්‍යාපාරයට අයත්වනු ඇතැයි පැවසේ.



අදහස් (31)

සෙවනගල යළිත් දයා ගමගේට

Sam Sunday, 12 November 2017 04:40 PM

නියමයි මිතුරන්ට සලකන ඕනිනේ, ඔහොම යන්න ...

:       220       520

erdi Sunday, 12 November 2017 05:01 PM

දයා ගමගේ මහතා දක්ෂ ව්‍යාපාරිකයෙක්. පාඩු ලබන ව්‍යාපාර එතුමාට වගේම දක්ෂ ලාංකික ව්‍යාපාරිකයන්ට ලබා දීම වැදගත්.

:       394       356

Priyantha Sunday, 12 November 2017 05:27 PM

ඔන්න ඕක තමයි ලංකාවේ දේශපාලනය කියන්නේ.

:       213       249

ajih Sunday, 12 November 2017 05:28 PM

ලොකු මිනිසෙක්... වැඩක් කරන කෙනෙක්..

:       472       352

අනිල් Monday, 13 November 2017 07:10 AM

කියමු බලන්න කොරපු එක වැඩක්....

:       215       265

MuhanMonday, 13 November 2017 09:24 AM

පසුගිය රජය මෙම පනත ගෙනාවේ තමන්ට විරුද්ධ මත දරන අයගේ ආයතන රජයට පවරගන්න. මේ වගේ තව ආයතන පවරගත්හ. මෙම පනත අහෝසි කරන එක හොදයි. මෙමගින් ආයෝජකයෝ අධර්‍යයමත් වෙනවා.

:       9       32

Kumara Sunday, 12 November 2017 07:46 PM

ඒක හොඳ තීරණයක්

:       213       72

Hafeel Sunday, 12 November 2017 09:03 PM

ඔන්න ජනතාවට කොහොම වුනත්, දයාට මේක යහපාලනය.

:       208       305

Nandalal DE SILVA - France Sunday, 12 November 2017 11:07 PM

එතකොට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අමාත්‍ය ධුරයෙන් අස්විය යුතු නේද ? කෝටිපති ව්‍යාපාරකයෙකුට ඇමති තනතුරක සේවය කිරීම සුදුසු නැති බව රටේ මතයක් ? එතුමාගේ මැතිනියත් ඇමතිවරියක් නේද ? දෙන්නටම ගෙදර යන්න වෙනවාද ?

:       214       264

dasun Monday, 13 November 2017 01:19 AM

මේ ආත්මයේ බැරිනම් ලබන ආත්මයේවත් මමත් පවතින රජයක ඇමතිවරයෙක්වී ඉපදේවා.

:       10       55

saman Monday, 13 November 2017 01:24 AM

ඔයාල ඔයාලම ඕක බදාගෙන, බෙදාගෙන කන්න. සාමාන්‍ය මිනිස්සුන්ට හෙන ගහල ගියාවේ

:       507       607

wasantha Monday, 13 November 2017 01:41 AM

ඒකත් නරක නෑ. දැනට වඩා ලාභ පෙන්වා රජයට බදු ගෙවන්න. වැඩි සේවක සංඛ්‍යාවක් බඳවා ගන්න.

:       243       124

KANDEPOLA Monday, 13 November 2017 02:31 AM

ආපහු දෙන්න ඕන නිසාම තමයි පනත අහෝසි කලේ. ඒවා ඇතුලේ ඒ ඒ අයගේ වැඩ.

:       95       225

තිස්ස විඡේසුන්දර Monday, 13 November 2017 02:35 AM

ඕක දයා ගමගේ හදපු කම්හලක් නෙවෙයි. ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලය යටතේ හදපු කම්හලක්. ඒක දයා ගමගේ තුට්ටුවට දෙකට ගත්තා. ඕවා මහඡනතාවට අයිති දේපල...

:       145       2138

ධම්ම Monday, 13 November 2017 02:58 AM

පසුගිය අවුරුදු හතක් තිස්සේ එතුමාට එම සමාගමෙන් ලැබෙන්නට තිබූ ආදායම වහාම ගෙවන්නට කටයුතු කරන්න.

:       550       481

SL Monday, 13 November 2017 03:56 AM

හැන්ද ඇතිතාක් බෙදාගන්න! හැබැයි ආණ්ඩු මාරු වුනහම නඩු යන්නත් බලාපොරොත්තු වෙන්න!

:       43       372

Ruwan Monday, 13 November 2017 04:40 AM

මෙය දේශපාලන පලිගැනීමකට එරෙහිව ලබා දුන් නියමයක් පමණයි. දයා ගමගේ මැතිදුනි, ඔබට මේ ලැබුන වරමින් නැවත එම අහිංසක මිනිසුන්ට පෙර මෙන් පිහිටවන්න.

:       551       516

dinusha samratunga Monday, 13 November 2017 04:46 AM

අනුරපුරේට වතුර දෙන්න නුවර වැවෙන් .

:       2       42

suran Monday, 13 November 2017 04:46 AM

මහජන දෙපළ අනිසි ලෙස පරිහරණය කරන උදවියට විපාක වීදීමට සිදුවේ.

:       22       109

daham Monday, 13 November 2017 04:54 AM

අනේ ඇත්තට මේ ආණ්ඩුවට මොලේ කියල එකක් ඇත්තෙම නැද්ද? චන්දෙන් පරදින්න ඕනේ කරන දේවල්මයි කරන්න හදන්නේ. පවු චන්දෙ දීපු දුප්පත් යූඑන්පී සහ ශ්‍රී ලංකා අය

:       120       133

ajith Monday, 13 November 2017 05:23 AM

හිල්ටන් හෝටලයත් ආපහු දෙනවද?

:       35       57

bamunuarachchi Monday, 13 November 2017 05:38 AM

මොන නඩුද වැඩිම වුනොත් එයාගෙන් අරගෙන මෙයාගේ කට්ටියට දේවි

:       16       110

Sumathipala Monday, 13 November 2017 06:50 AM

හෝටලයක (ආපන ශාලාවක) බිල් ලියන්න අම්පාරට ආපු දයා ගමගේ අද කෝටිපතියෙක් වෙලා ඉන්නේ යූ.ඇන්.පී.යට පින් සිද්ද වෙන්න. ඉතින් යූ.ඇන්.පී.යෙයි දයා ගමගේ ගෙයි මේ න්‍යාය තව දුරටත් ව්‍යාප්ත වී යන බව පමණක් පෙනෙන්නට තිබේ. රටට ජනතාවට කෙසේ වෙතත් පක්ෂයටයි අැමැතිතුමාටයි ජයවේවා...!!!

:       63       121

Nandalal DE SILVA - FranceMonday, 13 November 2017 07:36 AM

සුළුවෙන් ජීවිතය ආරම්භ කර හිනි පෙත්තේ ඉහලටම එතුමා ගියේ උත්සාහය නිසා බව ඔබට අමතක වුණාද? ඔබටත් මටත් එවැනි ධනවත්, මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්!!! පාඩු ලබන සීනි සංස්ථාව එතුමාගේ පරිණත බුද්ධියෙන් බේරා ගත්තා. විරුද්ධ පක්ෂයේ ව්‍යාපාරිකයන්ට පහර ගසා ඒවා රෙජීමයේ පාලනය යටතට ගත් මැදමුලන නායකයාගේත්, ඔබේත් අදහස් එක සමානයි.

:       321       277

dahamMonday, 13 November 2017 10:25 AM

ඔබේ නොදන්නාකම ගැන කණගාටුයි. සෙවනගල පවරා ගත්තේ පාර්ලිමේන්තුවේ පනතකින්. එ්කට විවාදෙකුත් තිබුණා. එකේදී ඔප්පු වුණා සීනි හදනවාට වැඩිය එතනෝල් බිස්නස් එක තමයි කලේ කියලා.

:       1       30

darshana dubaiMonday, 13 November 2017 10:40 AM

සුළුවෙන් පටන්ගත්ත වෙලේ සුදා ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෙක් වුණා නේද? දේශපාලන බලයෙන් 2002 දී රුපියල් කෝටි 55 කට සෙවනගල ගැනීමත් පරිණත බුද්ධියේම කොටසක්ද? හැමදේටම රාජපක්ෂ මන්තරේ මතුරන්නේ නැතුව එතුමාගේ පරිණත බුද්ධියෙන් ටිකක් ඉල්ලගන්න.

:       0       10

sumathipalaTuesday, 14 November 2017 04:36 AM

ඔබතුමා ප්‍රංශ රටේ ඉඳන් හිතන දේයි ඇත්තටම සිද්දවෙන දේයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. උත්සාහයෙන් දියුණු වීම සහ දේශපාලන බලය අයුතු ලෙස යොදවා මුදල් උපයා ඊට මානුෂික මුහුණුවරක් දීම යන දෙක අතරේ වෙනස ඒක මුල සිට දැකපු අය හොඳට දන්නවා. ඔබතුමාලා පක්ෂයකට ගැති වෙලා රෙජීමයක් ගැන කියව කියවා රට විනාශ කරන අයට ආවඩන එකනේ කරන්නේ. සීනි ෆැක්ටරි යූ .එන් .පී. ආණ්ඩුවලින් පෞද්ගලික කරණය කරනවා කියලා කරපු දේවල් වලින් වුනේ මත් පැන් විශාල වශයෙන් නිපදවපු එක විතරයි. bi-product එක main-product එක කරගෙන ටික කාලයකින් සල්ලි හම්බකරගෙන ප්‍රදේශයේ උක් වගාව නැත්තටම නැති කරලා තිබුනේ. පහුගිය ආණ්ඩුවෙන් යන්තම් වැඩ පටන් අරන් කරගෙන යනකොට දැන් ආපහු දෙන්න හදන්නේ.

:       0       8

Raawana Monday, 13 November 2017 07:11 AM

ඇති හැකි අය ශක්තිමත් කිරීම සහ නැති බැරි අයට කෙලවීම තමයි මේ....

:       25       89

Perera Monday, 13 November 2017 08:13 AM

නන්දලාල්, ඔයා ගමගේගෙ කම්පැනි එකේ නේද වැඩ කරන්නේ?

:       29       102

prakaash Monday, 13 November 2017 12:03 PM

මේ වගේ නිවට දේශපාලකයෝ ගැන ජනතාව තේරුම් ගත යුතුයි. ජඩපාලකයින් මේ රටට කරන විනාශය තේරුම් ගන්න.

:       0       3

nimmi Monday, 13 November 2017 02:18 PM

බත් ඇති තැනටමනේ කොස්. එ්ත් පරරටක එකෙකුට තුට්ටුවට දෙකට විකුණනවට වඩා අපේ රටේ කෙනෙක්ට ලැබුණු එකට අපි සතුටු වෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 85 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 389 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 308 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 244 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 608 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1236 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site