IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සවුදියේ දී වෙඩි තබා ඝාතනය කළ කතගේ සිරුර ලංකාවට



(විනීතා එම් ගමගේ)
 
සවුදි අරාබියේ සේවය කළ නිවසේ වෙසෙන මානසික රෝගී තරුණයෙක්  වෙඩි තබා ඝාතනය කළ ගාල්ලේ වඳුරඹ ප‍්‍රියන්තා ජයසේකර මහත්මියගේ දේහය අද (17) පෙරවැරවේ මෙරටට එවනු ලැබ තිබිණි. 

37 හැවිරිදි ප‍්‍රියන්තා ජයසේකර මහත්මිය සවුදියේ සේවය කළ නිවසේ හාම්පුතාගේ පුතෙකු විසින් මෙම වෙඩි  තැබීම සිදුකර තිබුණේ ඉකුත් මාර්තු 10 වැනි දාය. එම තැනැත්තා මානසික රෝගියකු බව වාර්තා වී ඇත. 

මියගිය ප‍්‍රියන්තාගේ සිරුර අද (17) උදේ 6.15 ට කටුනායක ළඟා වූ ගුවන් යානයකින් මෙරටට එවා තිබු අතර කාර්යංශයේ නිලධාරින් විසින් ඥාතීන් වෙත භාරදීමට කටයුතු කළේය.

තිදරු මවක වන ජයසේකර මහත්මිය ඉකුත් වසරේ අපේ‍්‍රල් 25 වැනි දා විදේශ ගතවූ අතර ලියාපදිංචිය ලබා ගෙන නිත්‍යානුකූලව විදේශ ගතවූ අයෙක් යැයි කාර්යංශය කියයි. 

ඇයගේ හිමිකම් වෙනුවෙන් කාර්යංශයත් සවුදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් කටයුතු කරමින් සිටින බව ද කාර්යංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (7)

සවුදියේ දී වෙඩි තබා ඝාතනය කළ කතගේ සිරුර ලංකාවට

ලකිත් Tuesday, 17 April 2018 07:49 AM

දැන් එතකොට මේ කාන්තාව මරපු කෙනාව ... කෙහෙල්මල් ශරියා මගුල අනුව මරන්නේ නැද්ද?

:       0       4

Hafeel Tuesday, 17 April 2018 08:28 AM

ඉන්දියාව නම් කාන්තාවන් සෞදි යවනඑක නවත්තලයි තියෙන්නේ. නමුත් රජය තවමත් අසමත්... සෞදි යන කාන්තාවන්ගේ ප්‍රශ්නය මේ රටතුළ විසඳීමට නොහැකිවීම පිළිබඳව... නම්.

:       0       8

Sarasi Tuesday, 17 April 2018 08:34 AM

මේ කාන්තාවගේ සැමියාට කියන්න මට සිතන දෙය මෙහි ලිවිය නොහැක. තමන්ට දරු පවුලක් නඩත්තු කරන්න බැරි නම් නෝනාව වහල් සේවයට විකුණන්නේ නැතිව වෙන රැකියාවක් කරන්න බැරිවුනාද? මෙහෙම පිරිමි කසාද බඳින්නේ නැතිව ඉන්න තරමට හොඳයි. කවුද දන්නේ වෙඩි තැබුවේ ඇත්තටම මානසික රෝගියෙක්ද? නැතිනම් මේ අසරණ කාන්තාවට වෙනත් අගතියක් වුණාද කියලා. දේශපාලකයින්ට, තානාපති කාර්යාලවලට, විදේශ සේවා කාර්යාංශයට බනින මිනිස්සු තමන් තවත් කුලී වැඩක් කරලා හරි බිරිඳ පෝෂණය කළා නම් මෙහෙම විපතක් අද නැහැ.

:       0       10

rama Tuesday, 17 April 2018 08:42 AM

තිදරු මවක් වන ජයසේකර මහත්මිය ඉකුත් වසරේ අපේ‍්‍රල් 25 වැනිදා විදේශගත වූ අතර ලියාපදිංචිය ලබා ගෙන නීත්‍යානුකූලව විදේශ ගතවූ අයෙක් යැයි කාර්යංශය කියයි. දැන් කව්ද මේ ළමයි තුන්දෙනා බලාගන්නේ? සල්ලි ටිකක් දුන්නාම ප්‍රශ්න විසඳෙනවා නම් එ්ක මුලදීම කරන්න තිබුණා.

:       0       0

piyal Tuesday, 17 April 2018 09:22 AM

නඩුවෙන් බේරෙන්න මානසික රෝගියෙක් වෙඩි තිබ්බා කියල කියනවා. ඒ මානසික රෝගියාට වෙඩි තියන්න ඕනෑම නම් වෙන කෙනෙක් අල්ල ගන්න තිබුනනේ. අපේ රටේ අහිංසක රිසානා එහෙදි පොඩි ළමයෙකුට බෝතලෙන් කිරි දෙනකොට ඉස්මොලේ ගිහින් මරුවා කියල බෙල්ල කපල දානවා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ ඕකට තමා.

:       0       0

Senarath Tuesday, 17 April 2018 09:27 AM

මේ ටික කියන්නද කාර්යාංශය රක්ෂණයක් කියල අහිංසකයන්ගේ මුදල් කඩන්නේ. මේ තරම් දෙයක් වෙලත් කාර්යාංශයෙන් වන්දි මුදලක් දෙන්නේ නැහැ කියන්නේ, මේ කාර්යාංශයෙන් වැඩක් තියෙනවද ? හරිනම් ඇයගේ ජිවිත කාලයේදී ඉපයිය හැකි මුදල වන්දියක් ලෙස ලැබිය යුතුයි. අඩුම තරමේ ඇයට වයස අවුරුදු 60 වෙනකම් පඩි මුදල ලැබෙන්න ඕනේ. ඒ වගේම සෞදී රජයෙන් ඇයට බ්ලඩ් මනි (ලේ සල්ලි) ලෙස රියල් 150,000 ක් වත් ලැබිය යුතුයි.

:       0       0

menna Tuesday, 17 April 2018 01:20 PM

දැන්වත් වහල් සේවය නතර කරන්න බැරිද? බලාගෙන ගියාම කොම්පඤ්ඤ වීදිය විතරක් නෙවේ, මුළු ලංකාවම ස්ලේව් අයිලන්ඩ් එකක්... නීත්‍යානුකූලව විදේශගතවූ අයෙක් යැයි කියා සාධාරණිය කාරණයත් කරනවා.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 71 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 284 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 642 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 478 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 495 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1147 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site