IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ස්වීඩනයේ රාජකීය කිරුළු දෙකක් සොරාගෙන

ස්ටොක්හෝම්හිදීය (රොයිටර්)

ස්වීඩන රාජකීය පවුලට අයත් කිරුළු දෙකක් ඇතුළු වටිනා භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇතැයි එරට පොලිසිය අද (1) ප්‍රකාශ කළේය. 

සොරුන් ‘මෝටර් බෝට්ටුවකින්’ පලාගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේය. මිල කළ නොහැකි මෙම වටිනා රාජකීය බඩු භාණ්ඩ සොරාගෙන ඇත්තේ ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හෝම්හි ආසන දෙව් මැදුරකින් බව පැවසේ.

සොරකම සිදුව ඇත්තේ අඟහරුවාදා (31) දහවල් කාලයේදී බව පොලිසිය සඳහන් කරයි.කෙසේ වෙතත් මෙම තොරතුරු මාධ්‍යයට අනාවරණය කරන ලද්දේ අද (1) ය. 

නවවැනි කාල් රජුට සහ ඇගේ බිරිඳ ක්‍රිස්ටිනා අයත් කිරුළු සහ 17 වැනි සියවසට අයත් ගෝලයක් ඇතුළු රාජ භාණ්ඩ කිහිපයක් මෙලෙස සොරකමට ලක්ව ඇත. 

ආසන දෙව්මැදුරේ කිරුළු තබා තිබූ ස්ථානයට කඩා වැදී ඇති සොරුන් රාජකීය කිරුළු යනාදිය රැගෙන ස්වීඩනයේ තෙවැනි විශාලතම විල වන ‘මාලරෙන් විල’ ඔස්සේ වේග බෝට්ටුවකින් පලාගොස් ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ සහ පොලිසිය සඳහන් කරති. 

මේ වනතෙක් කිසිවකුත් අත්අඩංගුවට නැති නමුත් සොරකම කළ බව කියන පිරිස හඳුනාගෙන ඇතැයි ස්වීඩන පොලිසිය අද සඳහන් කළේය. සොරකම් කරන ලද වටිනා භාණ්ඩ නැවත සොයා ගැනීම සඳහා අද (1) මෙලෙස සොරකම පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් කළ බව ද පොලිසිය සඳහන් කළේය. 

“සොරකමට ලක්වූ අයිතමවල ඡායාරූප සහ තොරතුරු බෙදා හරින්න අපට අවශ්‍යයි. ඒ අනුව අපට ඒ දේවල් හඳුනාගන්න පුළුවන්” යැයි සොරකම සම්බන්ධයෙන් විස්තර ප්‍රසිද්ධියට පත් කරමින් ස්වීඩන පොලිසියේ ප්‍රකාශක තෝමස් අග්නෙවික් පැවැසීය. 

නවවැනි කාල් රජු 1611 දී මියගිය අතර ක්‍රිස්ටිනා රැජින මියගියේ 1625 දීය. සොරකමට ලක්වූ භාණ්ඩවලට ඉතා වටිනා බවත් ඊට මිලක් දිය නොහැකි බවත් ස්වීඩන පොලිසිය සඳහන් කරයි. එමෙන්ම එම භාණ්ඩ විවෘත වෙළෙඳපොළේ විකිණිය නොහැකි බව පොලිසිය පවසයි. 

055



අදහස් (8)

ස්වීඩනයේ රාජකීය කිරුළු දෙකක් සොරාගෙන

Hichchimshaththeya Wednesday, 01 August 2018 06:31 PM

ලංකාවෙන් ගිය ඈයො සෑහෙන්න එහෙ ඉන්නව නෙ ඕයි

:       4       29

Kalum Wednesday, 01 August 2018 07:51 PM

දෙකක් නෑ. කන්ගැට්ට තමා.

:       0       35

පුෂ්පකුමාර Wednesday, 01 August 2018 08:38 PM

ලංකාවේ කෞතුකාගාරය හොරාකාපු අයගේ පරම්පරාවේ කවුරුහෝ ඊයේ පෙරේදා ස්වීඩන් පැත්තේ ගියාද? රජකාලේ බඩු පේන්න බහ ඒ අයට.

:       7       139

rohana Thursday, 02 August 2018 02:05 AM

සහෝදර සමාගමේ කෙනෙක් එහෙ ඉන්නවාද දන්නේ නැහැ?

:       80       132

vernon Thursday, 02 August 2018 03:57 AM

අර කන්ගැට්ටා අතුරුදහන් කිව්වා නේද?

:       0       34

kapThursday, 02 August 2018 06:03 AM

මම කියන්න හිටපු දේ ඔයා කිව්වා.

:       0       1

kithsiri Thursday, 02 August 2018 04:25 AM

මියුසියම් එකේ කඩු හොරකම් කරපු කන් ගැට්ටා අතුරුදහන් කියලා පුවතක් තිබුනා... ෂුවර් එකටම එයා ස්වීඩනයට පැනලා ඇති.

:       0       52

Sunil Thursday, 02 August 2018 08:15 AM

අපේ කන්ගැට්ටා එහෙ ගිහින්වත්ද?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුජිබර් හෙට දිවුරයි
2024 මැයි මස 09 155 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල


ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දොපොළ රජයට
2024 මැයි මස 09 672 0

දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්


ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
2024 මැයි මස 09 928 0

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 09 891 0

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
2024 මැයි මස 09 540 1

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘
2024 මැයි මස 09 2138 8

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 573 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2048 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1801 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site