(සිරාජ් හසීම්)
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ සැලසුමකට සම්බන්ධ වූ බව කියන හිටපු කොටි සාමාජිකයින් පස් දෙනා ලබන 22 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් ඒ.ආනන්දරාජා මහතා අද(13) නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අනාවරණය කරගෙන ඇති පරිදි ඕස්ට්‍රේලියාවේ පදිංචි කන්නන් අනෝජන් වෙට්‍රි නැමති අන්වර්ථ නාම ත්‍රිත්වයකින් හදුන්වන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කරනු ලැබිණි
සුමන්තිරන් ඝාතන තැතක නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරිමට සැලසුම් කිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ මොවුනට එරෙහිව නඩු පවරා තිබේ.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්ත විමර්ශන ඒකකය සදහන් කර සිටියේ මොවුන් සුමන්තිරන් මහතා ඝාතනය කිරීම සදහා ආයුධද සන්තකයේ තබාගෙන සිටි බවය.එමෙන්ම මොවුන් සන්තකයේ මත්ද්‍රව්‍යද හමුවූ බවය.
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුමන්තිරන් ඝාතනය සැලසුම් කළ කොටි 5 දෙනා තවදුරටත් රිමාන්ඩ්
kumar (galf) Monday, 13 March 2017 10:27 AM
හොඳ වැඩක්, නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. බොහෝ කොටි තාම නිදාගෙන විතරයි ඇතුළතින් වෙනස්වෙලා නෑ.