IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සෙබළුන් අත්අඩංගුවට ගැනීමට පෙර හමුදාපතිවරුන්ට දන්වන්න‘යි රතන හිමියෝ කියති

(බිඟුන් මේනක ගමගේ)

අපරාධ පරීක්ෂණ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින් හෝ සෙබළු අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන් සැකකරුවන්දැයි සෙවීමට ත්‍රිවිධ හමුදාවේ ඒකාබද්ධ පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ. 

සැකකරුවන් යැයි කියමින් බුද්ධි අංශ නිලධාරින් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගනිමින් රටත් ජනාධිපතිවරයාත් අනතුරේ හෙලන වැඩපිළිවෙලකට රාජ්‍ය නොවන සංවිධාන කීපයක් හා පොලිස් නිලධාරින් අතළොස්සක් අතගසා ඇති බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි ද උන්වහන්සේ කීහ. මෙය තනිකරම ජාතික අපරාධයක් යැයි කී රතන හිමියෝ මෙම වැඩපිළිවෙල පසුපස සිටින පිරිස් නම් ගම් සහිතව ඉදිරියේදී රටටම හෙළි කරන්නේ යැයි ද කීහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකවරයාට දැනුම් දෙන ආකාරයටම හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට පෙර අදාළ හමුදාපතිවරයා දැනුම්වත් කළ යුතු බව ද රතන හිමියෝ අවධාරණය කළහ. 



අදහස් (16)

සෙබළුන් අත්අඩංගුවට ගැනීමට පෙර හමුදාපතිවරුන්ට දන්වන්න‘යි රතන හිමියෝ කියති

මනෝජ් Tuesday, 07 March 2017 03:42 PM

දැන්ද මතක් වුනේ.

:       5       123

thilina Tuesday, 07 March 2017 05:06 PM

අවුරුදු දෙකක් තිස්සේ බුද්ධි අංශ නිලදාරීන් සිය ගණනක් නොයෙක් හේතු මත අත් අඩංගුවට ගනිද්දී රහත් වෙලාද හිටියේ.රටේම මිනිස්සු කම්පාවෙන් බලා ඉද්දි එකෙන් ලකුණු දාගන්න මොනවහරි කියන්නත් එපැයි

:       0       0

Lanka Perera Tuesday, 07 March 2017 08:51 PM

සෙබළු කරන අපරාධ සහ සාමාන්‍ය මිනිස්සු කරන අපරාධ අතර වෙනසක් තියනවා ද ?...සෙබළකු වීම නිසාම වෙනත් විදිහකට නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑද ?

:       0       0

wije Tuesday, 07 March 2017 09:38 PM

හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ මේ ආකාරයට මිනිස්සු වර්ග කරලා තියනවද ?

:       0       0

Prof Wijeratne Wednesday, 08 March 2017 12:15 AM

කිසි කෙනෙක් නීතියට ඉහලින් නැත. රටක රජතුමාගේ සිට හිගන්න දක්වා නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක විය උතුය. එසේ නැත හොත් රටක ඉදිරි ගමනක් ගැන සිතිය නොහැක.

:       0       0

hewawitharana Wednesday, 08 March 2017 12:24 AM

එක ලෝක සම්මත නීතියක් ස්වාමීන් වහන්සේ හරියට හරි

:       0       0

ලුම්බිණි Wednesday, 08 March 2017 01:33 AM

අන්න හරි. ඒවගේම පොලිසියේ අය අත් අඩංගුවට ගැනීමට පෙර පොලිස් පති තුමා දැනුවත් කල යුතුයි, හාමුදුරු කෙනෙක් අත් අඩංගුවට ගැනීමට පෙර මහා නායක හිමිවරු දැනුවත් කල යුතුයි කියල මම හිතනවා.

:       0       0

deebi Wednesday, 08 March 2017 02:13 AM

ඔබවහන්සේ එහෙම නායක හමුදුරුවරුන්ගෙන් අවසර ගත්තද ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය බාරගන්න?

:       0       0

Senarath Wednesday, 08 March 2017 03:28 AM

දැන් තමයි මේවා තේරිලා තියෙන්නේ. එදා කොහොමද කිව්වේ ? "රාජපක්ෂලා නෙමෙයි යුද්ධය කෙරුවේ අපි , එහෙම කරපු අපි නැවත මේ රටේ යුද්ධයක් හෝ රටබෙදෙන්න දෙන්නේ නැහැ " දැන් තමුන්ගේ තරම තේරෙනවද ?

:       0       1

Nishard Preena Wednesday, 08 March 2017 03:36 AM

කිසිම හිරිකිතයක් හෝ ලැජ්ජාවක් නැතුව මහජන මුදලින් පවුල් පිටින් සැප විඳිමින් මොන විදියේ ජඩ වැඩ, අපරාධ කලත් දියවන්නාවේ ඉන්න 225 දෙනාගෙන් එකෙක් හරි අත්අඩංගුවට ගන්න ඉස්සෙල්ල ඒ සියල්ලන්ගේ ආරක්ෂකයා වන කතානායකගෙන් අවසරය ගන්ට ඕනේ. ජීවිතය පරදුවට තබලා මුළු ශ්‍රිලන්කිකයින්ගේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කල හමුදා සෙබළුන්ගේ පිහිටට කිසිම කෙනෙක් නැහැ. කිසිම වග විභාගයක් නැතුව කරන අත්අඩංගුවට ගැනීම් සහ බන්ධනාගාර ගත කිරීම වැනි අකටයුතුකම් කරන පුද්ගලයින්ට හොඳක් නම් සිද්ධ වෙන්නේ නැහැ. මුළු ජාතියම ඔවුනට ශාප කරනවා.

:       0       1

sanjeewa Wednesday, 08 March 2017 03:45 AM

දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. මෙචචර කල් කොහෙද දන්නේ නෑ හිටියේ? සයිටම් එකේ මානසික ආබාද වලට ප්‍රතිකාර කරන ඒකකයක් නැතිව ඇති.

:       0       0

priyantha Gunasiri Wednesday, 08 March 2017 04:28 AM

එහෙම තියෙන්නේ මොන නීති පොතේ ද ? මෙහෙම ගියොත් ලංකාවේ කාවවත් ඇරෙස්ට් කරන්න බැ. යුද්දෙට මුවාවෙලා කරපු අපරාද වලට දඩුවම් දෙන්නම ඕන. මමත් යුද්දේ කරපු හමුදා නිලදාරියෙක්

:       0       0

roshan Wednesday, 08 March 2017 04:33 AM

ලංකාවේ දන්ඩ නීති සංග්‍රායේ නම් එහෙම නීතියක් නෑහෑ හාමුදුරුවන්ගේ බන පොතෙ ඈති මගෙ හිතේ

:       0       0

ufo Wednesday, 08 March 2017 04:45 AM

අපි නම් මේ ආණ්ඩුව බලයට එනකොටම දැනන් හිටියා ඔයටික වෙනවා කියල. හමුදුරුවොන්ට දැන්ද තේරෙන්නේ?

:       0       0

නාලක Wednesday, 08 March 2017 05:26 AM

හාමුදුරුවෝ ලංකාවේ නීතිය ඉගෙනගෙන ඉන්න. කොහෙවත් එහෙම කියලා නෑ.

:       0       0

susantha Wednesday, 08 March 2017 11:47 AM

එකතුවෙලා ඉන්න කට්ටියගේ පැටිකිරිය අපිනන් දැනගෙන හිටියා - ඔහොම වෙන බවත් අපි දැනගෙන හිටිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 230 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 501 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 609 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 369 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 450 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site