IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශ්‍රීලනිප 16ට විශ්වාසභංගයක් ගෙන ආවොත් පෙනි සිටිනවා - දුමින්ද දිසානායක

(ඩයනා උදයංගනී)
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා රජයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය භාවිතා කළ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂයෙන් විශ්වාසභංගයක් ගෙන ආවොත් එහිදී පක්‍ෂයේ මැති ඇමතිවරුන් ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින බව ශ්‍රී.ල.නි.ප මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

 
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ  කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (6) පැවති මාධ්‍ය හමුවකදීය. 
 
ආණ්ඩුව නියෝජනය කරන්නන් ලෙස ආණ්ඩුව රැකගැනීමට කොන්දක් තිබූ අයට පක්‍ෂයක් ලෙස පක්‍ෂයේ අය රැකගැනීමටත් කොන්දක් තිබෙන බව මහ ලේකම්වරයා මෙහිදි සඳහන් කළේය. විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දුන් අය සමඟ එක්ව කටයුතු කිරීමේ ගැටලුවක් ශ්‍රී.ල.නි.පයට නැතැයිද ඇමතිවරයා කීවේය.
 
පක්‍ෂයක් ලෙස බහුතර මතයට මෙන්ම සුළුතර මතයටද ගරු කරන බව කී අමාත්‍යවරයා සුළුතරය නියෝජනය කළ පිරිස සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගත යුතු නැතැයිද කීවේය.
 
පසුගිය පළාත් පාලන මැතිවරණය හෝ විශ්වාසභංගය සමඟ ශ්‍රී.ල.නි.පය කැඩී යා යුතු නැතැයි කී දුමින්ද දිසානායක මහතා පක්‍ෂය කැඩීම කළේ විශ්වාසභංගය නොව පළාත් පාලන මැතිවරණයේදී අපේ කණ්ඩායමක් සමඟ වෙනත් වේදිකාවකට ගොඩවූ  හිටපු ජනාධිපතිවරයා බවද ප්‍රකාශ කළේය. 
 
මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂය බෙදා පොහොට්ටුවක් සැදුවාක් මෙන් ශ්‍රී.ල.නි.පය බෙදාගැනීමට අපි සූදානම් නැතැයි ද ඔහු කීවේය.
 
ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමේ අදහසක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් දුමින්ද දිසානායක මහතා පැවසුවේ තමන්ට ශ්‍රී.ල.නි.පය අත්හැරීමේ කිසිඳු අවශයතාවයක් නැති බවයි.



අදහස් (14)

ශ්‍රීලනිප 16ට විශ්වාසභංගයක් ගෙන ආවොත් පෙනි සිටිනවා - දුමින්ද දිසානායක

ගාමිණී Friday, 06 April 2018 03:03 PM

කිසිම විනයක් නැති පක්ෂයක් බවට ශ්‍රීලනිපය පත්වීම රටේ අවාසනාවකි

:       0       212

Shan Friday, 06 April 2018 03:15 PM

නිකන් පුස් වීරයෙක් වෙන්න හදන්නේ නැතුව ඉන්න. ආණ්ඩුවට කැමති නැත්නම් අයින් වෙන එකනේ තියෙන්නේ... කොහොමද ඇමතිකම් කරන්නේ?

:       107       466

රවින්ද්‍ර Friday, 06 April 2018 05:20 PM

පදනමක් නැති මෝඩ කතා. බහුතර මතයට මෙන්ම සුළුතර මතයටත් ගරු කරනවාලු

:       82       309

කුමාර් (ගල්ෆ්) Friday, 06 April 2018 07:46 PM

යන්න හලෝ යන්න... ඕනෑම කතරගමක යන්න. අනිත් මිනිස්සුන්ට ආණ්ඩුවයි, රටයි කරගන්න ඇරලා යන්න.

:       0       148

sunil Saturday, 07 April 2018 12:19 AM

දුමින්ද තමයි පක්ෂය වනසන්නේ....

:       1       65

vijitha Saturday, 07 April 2018 01:01 AM

මේක මහ මෝඩ තර්කයක්.

:       0       74

Thilini Saturday, 07 April 2018 02:09 AM

මෙතුමා ශ්‍රී ලංනිපයෙන් අයින් වුනොත් පක්ෂය නැවත හදන්න පුළුවන්.

:       0       109

Rohana Saturday, 07 April 2018 02:10 AM

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ය . පොහොර සහනාධාරය නැති කලා. අනවශ්‍ය ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලකට කෝටි ගණන් ගෙව්වා. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය නැතිකළා. වී මිලදී ගැනීම ක්‍රමවත් කලේ නැහැ. වියළි කලාපයේ වැඩි ප්‍රාදේශිය සභා පොහොට්ටුව ජය ගත්තේ ගොවි ජනතාවට සහන නුදුන් නිසාය. ඔබ ගත් පඩියට වරදානවලට ජනතාවට සේවයක් කළාද?

:       0       106

ajithkaru Saturday, 07 April 2018 04:36 AM

විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීපු ඇමතිවරුන් එක්ක වැඩ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළුවක් නොමැති වුනාට යූ.එන්.පී එකට ප්‍රශ්නයක් නොවෙයිද? අඟේ ඉඳන් කන කනවට වඩා නරකද පැත්තකට වෙලා තමන්ගේම වලිගෙ විකා ගන්න එක...

:       0       42

ashan Saturday, 07 April 2018 04:51 AM

සියලු දෙනා පක්ශයට පෙර රට ගැන සිතිය යුතුයි. ඇමති පඩියත් අරගෙන ආණ්ඩුවේ කකුලෙන් අදින අය මොන පක්ශෙ වුනත් එලවන්න ඕනෑ. උන් සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි එක්කයි.

:       0       123

bamunuarachchi Saturday, 07 April 2018 05:46 AM

මේගොල්ලන් ගැන සත පහකට විස්වාස තියන්න එපා...

:       0       85

PJSunday, 08 April 2018 03:27 AM

ඔවු ඔවු තම තමන්ගේ සාක්කු පුරවා ගන්න ඕනේ නම් මහරජ ගැන පමණක් විශ්වාසය තියා ගන්න.

:       5       0

P.Ilangaratne Saturday, 07 April 2018 08:51 AM

මෙවැන්නන් මහා ලේකම් වුණාම පක්ෂයක විනයක් තියේද?

:       0       78

Nuwan Sunday, 08 April 2018 04:33 AM

ඕක දැන් විසි කරන්න කියල තියෙන්නේ අගමැති තුමා. අද පටන් එතුමා ඔය එක එකාට ඕන විදිහට තවත් නටන්න ඉඩ දෙන්නෙ නෑ. එහෙම තමා ඉන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 579 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1089 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1279 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 720 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 681 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 227 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site