IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෙළඳ කලාපවලටත් ඡන්ද මධ්‍යස්ථාන ඉල්ලයි

(විනීතා එම් ගමගේ)
 
නිදහස් වෙළද කළාපවල සේවය කරන ලක්ෂයකට අධික සේවක සේවිකාවන් වෙනුවෙන් කලාප ආශ්‍රීතව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන්නැයි මැතිවරණ  ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
 
කලාප වල සේවය කරන අති බහුතර සේකව පිරිස ඈත ගම්දනව්වලින් පැමිණ කලාප ආශ‍්‍රිතව නැවතී සේවය කරන පිරිස්  බවත් ඔවුන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමට යාම සදහා නිවාඩු දුන්නත් නොයන්නේ ලබාදෙන නිවාඩු ඔවුන්ට ප‍්‍රමාණවත් නොවීම නිසා මෙන්ම ඒ සදහා ප‍්‍රමාණවත් නිවාඩු හෝ මුදල් නොමැති නිසා බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
 
සාමාන්‍යයෙන් ඈත ගමකට යන අයෙක් එක් දිනකින් ගමට ගොස් ඒමට කැමති නොවන බැවින් නොගොස් සිටින බවත් මෙවැනි කරුණු අනුව ඔවුන්ගේ ඡන්ද අයිතීන් වෙනුවෙන් එක් කලාපයකට එකක් හෝ කිහිපයක් බැගින් ඡන්ද පොලවල් ආරම්භ කිරීම විශාල පිරිසකට තම මතය පල කිරීමට අවස්ථාවක් ලබා දීමක් වන බවද  සංවිධානය පෙන්වා දෙයි.
  
ජනාධිපතිවරණය වැනි මැතිවරණයක දී මෙසේ කලාප ආශ්‍රීතව ඡන්ද පොලවල් ආරම්භ කිරීම ඉතා පහසු වනු ඇති බවත් එහි දී එන ප‍්‍රායෝගික ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට මැතිවරණ කොමිසම සමත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ ජාතික   සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා පැවසීය. එයින් ලක්ෂයකට ආසන්න ඡන්දදායකයින් පිරිසෙන් අති බහුතරයකට සාධාරණය ඉටුවනු ඇතැයි  ද  ඔහු  පැවසීය.

 
 පළමු නිදහස් වෙළද කලාපය වන කටුනායක නිදහස් වෙළද කලාපයේ 40000 කට වැඩි පිරිසක් සේවය කරන අතර බියගම නිදහස් වෙළද කලාපයේ 22000 ක් පමණ ද, කොග්ගල නිදහස් වෙළද කලාපයේ 17000 ක් පමණ ද, වතුපිටිවල නිදහස් වෙළද කලාපයේ 8000 ක් පමණ ද ඇතුළු පිරිසක් වෙළද කලාප වල සේවය කරන  බව ශ‍්‍රමාභිමානි කේන්ද්‍රයේ වැඩසටහන් සංවිධායක සුගත් රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය.   



අදහස් (5)

වෙළඳ කලාපවලටත් ඡන්ද මධ්‍යස්ථාන ඉල්ලයි

චමින්ද Sunday, 27 October 2019 11:18 AM

මෙවැන්නක් කිරීමට නම් මොවුන්ට තැපැල් ඡන්දය වැනි ක්‍රමයක් ඇතිකරන්න වෙනවා.. නැත්නම් රටේම ඡන්දය පාවිච්චි කිරීමට අන්තර්ජාලය හරහා යාන්ත්‍රිකව සිදුකරන්න වෙනවා. එසේ නොමැතිව ආයතන සංග්‍රහයේ දැක්වෙන පැය 4කට නොඅඩු නිවාඩුවක් යන්න පැය 4කට සීමා කිරීමක් වෙනවා. නැත්නම් මෙවැනි කලාපවල සේවක පිරිස්වලට අවම වශයෙන් දින 3ක් වත් නිවාඩු දීම අවශ්‍ය වෙනවා. මෙය තරමක් කරදරකාරී ක්‍රියාවක් වුවත් ඡන්ද අයිතිය රැකීමට සිදුකළ යුතු දෙයක්...

:       0       8

de Sunday, 27 October 2019 12:30 PM

ඉතාමත්ම හොඳ යෝජනාවක්... මොකද අපේ රටේ මැතිවරණ නිසා කර්මාන්තශාලා විශාල ගැටලුවකට මුහුණ දෙනවා. තම නිෂ්පාදන ප්‍රමාදවීම නිසා විවිධ ගැටළු නිර්මාණය වෙනවා. රටේ ආර්ථිකයට විශාල බලපෑමක් මෙම කාලසීමාව තුළ සිදුවෙනවා. ඒ කිසිවක් කිසිඳු දේශපාලන පක්ෂයකට අදාල නැත. මා මෙහෙයුම් ප්‍රධානියකු ලෙස ප්‍රධාන වෙළඳකලාපයක සේවය කරන සමයේ නිෂ්පාදන සැපයුම් ප්‍රමාදවීම නිසා, වරක් විදේශීය ගැණුම් කරුවකු මගෙන් අසා සිටියේ ඔබගේ ඔය කුඩා රටේ මෙතරම් මැතිවරණ සංඛ්‍යාවක් තිබ්බ ඔහුට තේරුම් ගැනීමට නොහැකි බවකි. අනෙක් අතින් ඔබ වැනි දියුණුවෙමින් පවතින රටක මැතිවරණ රටේ නිෂ්පාදනයට මෙතරම් බලපෑමක් කරන බව රටේ පාලනය නොදන්නේ කෙසේද යන්නයි. එවකට මා ඔහු සැනසීමට පිළිතුරක් දුන්නද? ඔහුගේ කතාව ඉතා අරුත්බර බව මට හොඳින් වැටහුණි. ප්‍රමාද වී හෝ මෙවැනි යෝජනාවක් ගෙන එ්ම පිළිබඳව ඉල්ලීම් කළ පාර්ශවය වෙත ස්තුතිවන්ත වෙමි...

:       0       16

Nuwan Sunday, 27 October 2019 05:14 PM

පිටරට සිටින අපටත් ඡන්දය පාවිච්චි කිරීමට අයිතියක් ඇත, වහාම ඒ සදහා ක්‍රම සකසන්න, ඉන්දියාව ඇතුළු අනිකුත් රටවල් ඒ සදහා පහසුකම් දීලා තියනවා. ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙනෙන්නේ අපි

:       0       0

Surendra Monday, 28 October 2019 06:09 AM

ඉතාමත්ම හොඳ යෝජනාවක්... රටක මැතිවරණ රටේ නිෂ්පාදනයට මෙතරම් බලපෑමක් කරන බව රටේ පාලනය නොදන්නේ කෙසේද?

:       0       5

sampath Monday, 28 October 2019 10:18 AM

වෙළඳ කලාප විතරක් නෙවෙයි රෝහල් ගතවෙලා නේවාසිකව ප්‍රතිකාර ගන්න රෝගීන්ටත් විදේශගත ලාංකිකයින්ටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ටත් වෙනත් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍යයින්ටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැක කරුවන්ටත්, වැඩිහිටි නිවාසවල ඉන්න තැනැත්තන්ටත් ඡන්දය භාවිතා කිරීමට ක්‍රමයක් වගේම තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයට නොගොස් අාසන්න ඡන්ද මධ්‍යස්ථානයකට හෝ එම තමන් නේවාසිකව ඉන්න ස්ථානයේදී ඡන්දය දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම ඉතාමත්ම කාලෝචිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 7 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 386 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 119 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 200 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 545 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 426 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site