IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


වස විසෙන් තොර ගොවිතැනක් ඇති කිරීමට මෙහෙයුම් කමිටුවක්

(විනීතා එම් ගමගේ)
වස විසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීමට ජනාධිපති මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ඇතැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසයි. 

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම පර්යේෂණ මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ  ලේකම්, ජේ.එම්.මංගල තිස්ස මහතා කටයුතු කරන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති  ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්. සකලසූරිය,  කෘෂිකර්ම,  වාරිමාර්ග, ජන හා සංඛ්‍යාලේඛන යන දෙපාර්තමේන්තු වල සහ මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතනය,  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන අයතන වල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ද විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන් සහ මහාචාර්යවරුන් කිහිපදෙනෙකු ද ඇතුළත් වේ.  

මෙම කමිටුවේ පළමු රැස්වීම පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනයේ දී පැවැත්විණි. 

දේශීය කෘෂි නිෂ්පාදන පද්ධතිය තුළ පාරිසරික සහ මානව සෞඛ්‍යට හිතකර වන තිරසර තාක්ෂණයන් නිර්මාණය කිරීම සහ ඒවා ව්‍යාප්ත කිරීම ප‍්‍රමුඛ කාර්යයක් සේ සලකනු ලබන අතර එහිදී මෙම ව්‍යාපෘතිය මගින් රටේ වත්මන් සහ අනාගත අවශ්‍යතා වලට උචිත වඩා දියුණු තාක්ෂණයන් හඳුනාගැනීම, වැඩිදියුණු කිරීම හා නව නිර්මාණ බිහිකිරීම අරමුණු කෙරෙන බවත් එම අරමුණු ජයගැනීම වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා මෙම ජනාධිපති මෙහෙයුම් කම්ටුව පත්කර ඇති බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය කියයි. 

වස විස නැති ගොවිතැනට අදාළ යෙදවුම් පරීක්ෂණ, වස විස නැති ගොවිතැනට අදාල වගා ක‍්‍රම පිළිබද පරීක්ෂණ, ප‍්‍රභේද වලට අදාල ගුණාත්මකභාවය පිළිබඳ පරික්ෂණ මෙන්ම ආහාර නිෂ්පාදනයට අදාළ වෙනත් පර්යේෂණ සම්බන්ධ විශේෂ ඉල්ලීම් ද සඳහා වන පර්යේෂණ කඩිනමින් ආරම්භ කිරීමට මෙම මෙහෙයුම් කමිටුව විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇත. ​



අදහස් (3)

වස විසෙන් තොර ගොවිතැනක් ඇති කිරීමට මෙහෙයුම් කමිටුවක්

ranga Wednesday, 21 March 2018 10:21 AM

දැන් කමිටු නැතිව එළවළුවක්, පළතුරක්වත් වගාකර ගන්න බැහැනේ...

:       0       4

Paliths Wednesday, 21 March 2018 11:23 AM

මොනවද වස විස කියන්නේ?

:       0       0

සෙනෙවි Wednesday, 21 March 2018 12:18 PM

ඒක වෙන්න ඇති ග්ල්යිෆොසේට් තහනම ඉවත් කළේ...

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 1 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 28 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 127 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 441 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 841 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 350 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site