IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වසර තුනකදී ලාංකිකයන් 35,000ට ද්විත්ව පුරවැසිභාවය

සුජිත් හේවාජුලිගේ

විදේශ රටවල පුරවැසිභාවය ගෙන සිටි ශ්‍රි ලාංකිකයන් 35,000 කට පමණ රජය පසුගිය වසර තුනේදී ද්විත්ව පුරවැසිභාවය දී ඇත.

2017 වසරේ පමණක් ශ්‍රි ලාංකිකයන් 12,000 කට පමණ ද්විත්ව පුරවැසිභාවය දුන් බව ආගමන විගමන පාලක එම්.එන් රණසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ශ්‍රි ලාංකිකයන්ගෙන් අයදුම් 700ත් 800ත් අතර සංඛ්‍යාවක් මසකට ලැබෙන බව කී ආගමන විගමන පාලකවරයා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් මගින් මේ අයදුම්පත් පුළුල්ව පරීක්ෂාවට ලක් කරන බවද ප්‍රකාශ කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන අන්දමට විදේශ ගත ශ්‍රි ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබ ඇත්තේ 2015 මාර්තු මාසයේදීය.



අදහස් (9)

වසර තුනකදී ලාංකිකයන් 35,000ට ද්විත්ව පුරවැසිභාවය

නලින් Wednesday, 27 June 2018 12:39 PM

මාසෙකට 800 ටම දුන්නත් අවුරැද්දට 9600. මොනවද දන්නේ නෑ පුළුල්ව පරික්ෂා කරන්නෙ.?

:       513       71

Cyril Wednesday, 27 June 2018 01:39 PM

යුරෝපයේ පුරවැසි භාවය ස්ථීර පදිංචි බලපත්‍රයක් තියෙන කෙනෙකුට අයදුම් කල හැක. මෙය ලේසි කටයුත්තක් නොවෙයි. එම රටේ භාෂාව හොඳට කතා කළ යුතුය. හුඟක් දෙනෙක් මෙය ගන්න අයදුම් කරන්නේ නොයෙක් හේතු දක්වා තිබෙන බලපත්‍රය අහෝසි කරන නිසයි. තමරටේ පුරවැසි භාවය ලබා ගන්න අය කරන මුදල අඩු වුනොත් මීට විශාල ප්‍රමාණයකින් අයදුම්කරුවන් වැඩිවෙනවා...

:       15       10

Jayantha Wednesday, 27 June 2018 02:59 PM

35,000 කට ද්විත්ව පුරවැසිකම දුන්නා නම් එතනම තියෙනවා යූ.එස්. ඩොලර් මිලියන 100ක්.. ලංකාවට සංචාරකයෝ 2.5 මිලියන එනවා නම් වීසා වලින් එතනම තියෙනවා ඇ.ඩො. මිලියන 75 ක් (මේ සෑම සංචාරකයෙක් දින 10ක් ලංකාවේ ගත කරනවා නම් හෝටලයක දවසකට ඩොලර් 100 හෝටල් ගාස්තු ගෙවනවා නම් එයින් ආණ්ඩුවේ ටැක්ස් අාදායම ඩොලර් මිලියන 750යි. මේ අදායම් එන මාර්ග 3 ක් ගැන විතරයි මම ලිව්වේ... මගේ අම්මේ අනිත් ඒවත් එක්ක මේ සල්ලි කන්දරාවට මොනවද කලේ පසුගිය අවුරුදු 10 ටම ....

:       0       79

SanathWednesday, 27 June 2018 06:14 PM

ඔබ නිවැරදි නැහැ. මේ අවුරුද්දේ ජනවාරි සිට අප්‍රේල් දක්වා මාසයකට ඩොලර් මිලියන 430 ට වඩා සංචාරක කර්මාන්තයෙන් පමණක් ලැබිලා තියෙනවා. මේ සංඛ්‍යාව 12 න් වැඩිකලොත් අපිට‍ අවුරුද්දකට ඩොලර් මිලියන 5000 කට වඩා ලැබෙනවා. නමුත් අවුරුදු 10 කට ඉස්සර ලැබුනේ අවුරුද්දකට ඩොලර් මිලියන 500 කටත් අඩුවෙන්. 2017 මිලියන් 3500 ක් පමණ අදායමක් ලැබිල තියෙනවා.

:       44       38

JayanthaThursday, 28 June 2018 06:31 AM

සනත් ඔයා ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ බන්දුල ගුණවර්ධන ගෙන්ද.? ජනවාරි සිට අප්‍රේල් දක්වා මාසෙකට US $ 430 මිලියනයක සංචාරක කර්මාන්තයෙන් හම්බ කරනවානම් ඒක මහා විශාල අදායම් මාර්ගයක්. එක හරි හෝ වැරදි හෝ වේවා ඒ සියලුම අදායම ආණ්ඩුවට එන්නේ නැහැ. එයින් බදු ප්‍රමාණය පමණයි ආණ්ඩුවේ එන්නේ.

:       0       0

Sanath Wednesday, 27 June 2018 04:58 PM

ද්විත්ව පුරවැසිභාවය දේශපාලඥයන්ට නම් වහකදුරු වගේ ඇති.

:       0       27

මංජුල Wednesday, 27 June 2018 08:04 PM

ලක්ෂ තුනක් ගෙවලා ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්න මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා? යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, හෝ ඇමරිකාවේ සිටියත්, වැද්දන් හෝ,ගෝත්‍රිකයින් ලෙස ජීවත් වෙන්න තිබෙන ආශාව නිසාම නැවත ලංකාවට සංක්‍රමණය වීමට මේ අයට ආශාවක් ඇති. අපි නම් උත්සහ කරන්නේ බෝට්ටුවකින් හරි අඩුතරමේ, ස්වාසිලන්තයට වත් පැන ගන්නයි.

:       1       45

කසුන්Thursday, 28 June 2018 11:36 AM

මංජුල ඔයා එහෙම කියන්න එපා...! අපේ සුදුසු කම් අනුව රැකියා අවස්ථා ලබාගන්නත්, අනාගත උන්නතිතිය වෙනුවෙන් පිටරටක ට ආවත් වැඩි හරියක් ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ කවද්ද තම මව් රටට යන්නේ බලාගෙන ඒක නිසා, තම උපන් රටට ගරහන්න පුරුදු වෙන්න එපා !!

:       0       0

Cyril Thursday, 28 June 2018 06:58 AM

උපන් බිමේ අගය විදේශ රටේ අපහාස උපහාස විදගෙන ඉන්න අයට තේරෙනවා. ඒකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 361 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 750 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 910 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 497 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 546 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 193 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site