IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විශ්වාස භංගය පරාජය කර ජනපති සටන අරඹන්න එජාපය සූදානම්


(අංජුල මහික වීරරත්න)

අගමැතිවරයාට එරෙහි  විශ්වාසභංගය පරාජය  කිරීමෙන් අනතුරුව   2020 ජනාධිපති  සටන අරඹන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (02) පැවසීය.

අප්‍රේල් 04 වැනිදා  විශ්වාසභංගය  පරාජය කිරීමට කවුරුත් නොසිතන බලවේග  ඒකරාශී වන බවද   අමාත්‍යවරයා සඳහන් කළේය.

2015 ජනවරම රකින්නට සියළුම දෙනාට යුතුකමක් ඇතැයි කී අමාත්‍යවරයා වත්මන් ජනපති පත් කිරීමට විරුද්ධ වු අය අද ජාතික ලැයිස්තුවෙන් පැමිණ වෛර පිරිමසා ගැනීමට හදන බවද සඳහන් කළේය


මෙහිදී අදහස් දැක්වුඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  නලීන් බණ්ඩාර මහතා පැවසුයේ පොහොට්ටුවේ ඡන්දත් විශ්වාසභංගයට එරෙහිව දෙන්නට ඉඩ ඇති බවයි. ඡන්ද එකසිය විසි ගණනකට වැඩිපුර විශ්වාසභංගයට එරෙහිව ලැබෙන බවද මන්ත්‍රීවරයා කීය.

සිරිකොත  එක්සත්   ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණී. 

ඡායාරූප -  ෙරාමේෂ්  ධනුෂ්ක සිල්වා

 
 
 



අදහස් (16)

විශ්වාස භංගය පරාජය කර ජනපති සටන අරඹන්න එජාපය සූදානම්

Cisco Monday, 02 April 2018 06:25 AM

හිත නිවන කතා....

:       470       509

Dasuni Monday, 02 April 2018 06:35 AM

මහ බැංකු හොරකමෙන් අගමැතිව බේරලා ඡන්දෙ දිනන්න හිතන්නවත් එපා. අපි දෙන්නේ නැහැ.

:       726       834

saman Monday, 02 April 2018 07:12 AM

ඔබ ඔහොම දහවල් සිහින බලබලා ඉන්න ජනතාව නියම පිළිතුර වෙලාවට දේවි... එතකොට පෙරහැර ගිහිල්ලා ලොක්කත් එක්ක කුලියාපිටියේ වෝක්ස්වැගන් එක බලා ගෙන සැනසිල්ලේ ඉන්න පුළුවනි...

:       646       601

vipula Monday, 02 April 2018 07:19 AM

හිනහ යනවා මට මෙයා කියන කතාවට. හීනයක් තමයි ඒක ඉතින්. ලංකාවේද දන්නේ නෑ ඉන්නේ...

:       1332       1937

ranga Monday, 02 April 2018 07:23 AM

ඔබ තුමාගේ කතාවෙන්ම පරාජය බාරගෙන නේද? උපුටා ගැනීම "2015 ජනවරම රකින්නට සියළුම දෙනාට යුතුකමක් ඇතැයි"

:       541       611

Ruwan Monday, 02 April 2018 07:31 AM

එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ 36ක් ලබාගනිවී යයි මේ පිරිස කෙසේවත් සිතුවේ නැත. දැන් ඔවුන් කරන්නට දෙයක් නැතුව මේ කර ගත්තේ තමන්ගේ මළගම තමන්ම කපා ගනිමකුයි. මෙයින් සිදු වුයේ ඔවුන් නොසිතු පරිදි එක්සත් ජාතික පක්ෂය 2020 ඉදිරි මග එලි පෙහෙළි කර දිමක් බව ඔවුන් සිතන විට ඔවුන් ප්‍රමාද වැඩිය.

:       719       1562

KANDEPOLA Monday, 02 April 2018 07:47 AM

ඒ කියන්නේ මහබැංකුව මහ දවාලේ කොල්ල කාපු එකට දඬුවම් කරන්න ඕනේ නෑ කියලද?

:       15       218

Aslam Monday, 02 April 2018 07:50 AM

හීනෙන් දොඩවනවා වගේ..

:       213       252

shan saudi Monday, 02 April 2018 08:11 AM

ඔය මොන දෙයක්වත් කරන්න ඕනේ නැහැ අගමැතිකම චම්පිකට හෝ අනුරකුමරට දීල දාන්න

:       177       1449

ගලබොඩ අත්තේ චමින්ද Monday, 02 April 2018 08:52 AM

මෙම තත්වය උදාවුනේ දුන් පොරොන්දු කඩකරමින් කටයුතු කල නිසා. එහි වගකීම ජනපති සහ අගමැති දෙදෙනාම දැරිය යුතුයි. පුංචි ඡන්දයෙන් දුන්න පණිවුඩය අනුව නම් රජය නිවැරදි මාර්ගයේ නොගියොත් 2020 දී සියලුදෙනාම ගෙදර. එසේ නම් පසුගිය රජයේ දූෂිතයින් නීතිය හමුවට ගෙන ආ යුතුයි. එය ක්‍රියාත්මක කිරීමට කඩිනම් අධිකරණ කටයුත්තක් සඳහා යා යුතුයි. එයට අවශ්‍ය පසුබිම ගොඩ නගනකොට පසුගිය රජයේ අයට ඇති එකම විකල්පය මෙම ආණ්ඩුව කඩාකප්පල් කිරීමයි.

:       201       180

sirimal Monday, 02 April 2018 08:57 AM

විශ්වාස භංගය ගෙනවිත් ඇත්තේ මේ රජය පන්නා දමා නැවත බලය අල්ලා ගැනීමේ පරමාරථය පෙරදැරි කරගෙනය. එමනිසා එය පරාජය කිරීම අධර්මය පරදවා ධර්මය දිනවීමක් වන්නේමය. විශ්වාස භංගය සම්මත වුවහොත් රජය පීලිබද විශ්වාසය නොමැති වීම සම්මත වනු ඇත. මේ අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් ඉතා නිර්ලජ්ජී ලෙස බොර දියෙහි මාළු බාමින් කේවල් කරන්නන් අතර ආණ්ඩුවේම පිරිසක්ද සිටිති.

:       26       180

Senith Monday, 02 April 2018 09:04 AM

රතු තොල් සංගමයේ අය කියන කතා කවුද ගණන් ගන්නේ?

:       1       83

saliya Monday, 02 April 2018 09:07 AM

අගමැති තුමණි ඔබ පක්ෂයේ වසර 25 ක් විතර නායකයා . ඔබ පක්ෂය රටට උදාර සේවයක් කල විශිෂ්ට නායකයෝ හිටපු පක්ෂය . අගමැති තුමා නිසා පක්ෂයටත් රටටත් උරුම වී ඇත්තේ කුමක් ද ? මේ කුමන්ත්‍රනයේදී ඔබ ඔහු දිනවිය යුතු මුත් , අනතුරුව ඔහු පරදා රටෙත් පක්ෂයේත් අභිමානය ලබා දීමට ක්‍රියා කල යුතුය.

:       20       190

Mohamed Monday, 02 April 2018 10:26 AM

මෙතන කොමෙන්ට්ස් වලට dislike දාන්න ෆුල් ටයිම් එක්කෙනක් දල ඉන්නේ. එහෙම කරලා මිනිස්සු රවට්ටන්න පුලුවන්නම් ඉතින් මොනවා කරන්න බැරිද.

:       21       72

wedage Monday, 02 April 2018 11:17 AM

ජනාධිපතිතුමා දිනුවේ රාජ්‍ය බලය තිබූ කෙනෙක් පරදවලා අලියාගේ පක්ෂයෙන් කිසිම කෙනෙක්ට බැරි නිසා... එ්ක නිසා වාචාල කතා නොකියා සිටිනු මැනවි...

:       1       26

Bamunuarachchi Monday, 02 April 2018 07:03 PM

ගිය සැරෙත් දිනුවේ ලක්ෂ 2.5 නිසා. හිතනවාද 2020 දී ඔය ලක්ෂ 2.5 වත් ඔබලාගේ පැත්තට සිටීවි කියා.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 295 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 625 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 749 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 423 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 491 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 172 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site