IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වාර විභාගවලට බාධාවක් වෙන්න දෙන්නේ නෑ - අධ්‍යාපන ඇමති

(ඩයනා උදයංගනී)

අධ්‍යාපන ක්‍ෂ්ත‍්‍රයේ වෘත්තීය සමිති අනිද්දා (26)  දිනයේදී වැඩවර්ජනයන නිරත වුවත්  එයින් පාසල්වල වාර විභාග කටයුතුවලට බාධාවක් වීමට ඉඩදෙන්නේ නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

දරුවන්ට ආදරේ කරන , දෙමාපියන්ට ගරු කරන ගුරුවරුන්ට වාර විභාගය අඩපණ කළ නොහැකි බව කී අමාත්‍යවරයා එවැනි බොහෝ දෙනෙක් එදින සේවයට වාර්තා කරන බව දැනුම් දී ඇතැයි ද කීවේය.

වෘත්තීය සමිති අයිතිවාසිකම් වෙනුවෙන් විභාග පවත්වන දින කල්දැමීමේ හැකියාවක් නැතැයි කී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඔවුන්ගේ න්‍යාය පත‍්‍රවලට විභාග පැවැත්වීමට නොහැකි බව ද සඳහන් කළේය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට අධ්‍යාපන ක්‍ෂ්ත‍්‍රයේ පත්වීම් ලබාදීමේදී වරදක් සිදුව ඇත්නම් ඊට විරුද්ධව අධිකරණයට නොයා දරුවන්ගේ විභාග කටයුතුවලට බාධා වන අයුරින් වැඩ වර්ජන කිරීම පිළිකුලින් හෙළා දකින බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

වෘත්තීය සමිතිවලට වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමේ අයිතියක් ඇතත් එයින් පටු දේශපාලන උවමනා ඉටුකරගැනීමට උත්සාහ කිරීම වරදක් බව කී අමාත්‍යවරයා ආණ්ඩු පෙරළීමට අවශ්‍ය නම් එය දරුවන්ගේ ජීවිත මතින් නොව වෙනත් ක‍්‍රමයකින් කරන ලෙස තමන් ඉල්ලා සිටින බව කීවේය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (24)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාසල්වල දෙවැනි වාර නිවාඩුවට පෙර වාර විභාග පවත්වා දරුවන්ට එහි ලකුණු ලබා දිය යුතුව තිබියදීත් පටු දේශපාලන අරමුණු ඇති කුමන්ත‍්‍රණකාරී පිරිසක් පාසල් පද්ධතිය අඩාල කිරීමට උත්සාහ ගන්නා බව කී අමාත්‍යවරයා එය ඉතා අසාධාරණ බව ද මෙහිදී පැවසීය.

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු ඇතැම් පිරිස් පාසල්වලට ගොස් වැඩවර්ජනය යොදාගෙන ඇති දිනයේදී සේවයට නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට බලපෑම් කරන බවට පැමිණිලි රැසක් පොලීසිවලට ලැබී ඇතැයි කී අමාත්‍යවරයා කලාප අධ්‍යක්‍ෂවරු සහකාර අධ්‍යක්‍ෂවරුන්ට බලපෑම් කළ සිදුවීම් ගැන ද පැමිණිලි තිබෙන බව කීවේය.

පාසල් ආවොත් අසූචි ප‍්‍රහාර එල්ල කරන බවට පවා නිලධාරීන් ගුරුවරුන්ට පවසා ඇතැයි කී ඇමතිවරයා  තමන්ට වෘත්තීය ක‍්‍රියාමාර්ග ගත හැකි නමුත් වෙනත් අයට බලපෑම් කළ නොහැකි බවත් එවැනි බලපෑම් කරන නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්නා බවත් කියා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

 



අදහස් (0)

වාර විභාගවලට බාධාවක් වෙන්න දෙන්නේ නෑ - අධ්‍යාපන ඇමති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 306 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 644 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 782 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 431 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 502 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 176 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site