IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෛරස් උණ වැළඳුනු දරුවන්ගෙන් කරාපිටිය රෝහල උතුරයි

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්. චාමින්ද / උණවටුණ ඩී. ජී. සුගතපාල සහ ප්‍රේමතිලක ද සිල්වා)


කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ වෛරස් උණ වැළදිමෙන් අසාධ්‍ය වු දරුවන්ගෙන් පිරීයාම නිසා  එහි ඇඳක් වෙන්කර ගැනිමට නොහැකිවිමෙන් දැනට මාස දෙකක සිට වෙනත් ළමා ශල්‍ය කර්ම කිරිමට නොහැකි තත්වයක් උදාවි ඇති බැව කරපිටිය රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජනිත් ලියනගේ මහතා පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාව මගින් මෙම මාධ්‍ය හමුව සංවිධනය කර තිබුණි.

පිළිකා හා වෙනත් බරපතල රෝග නිසා කළ දරුවන්ට කළ යුතු  ශල්‍ය කර්ම මෙම තත්වය නිසා කිරීමට නොහැකි වි ඇති බවද ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය. එමෙන්ම මෙකි වෛරස් උණ රෝගි තත්වය  හේතුවෙන් ජනතාව අතර පවතින අනියත බිය නිසා වෙනත් රෝග සදහා  රෝහලට ඇතුළත් වන රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවි ඇති බවද, ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

මෙම අනියත බිය නිසා ශල්‍ය කර්ම සඳහා දින ලබාදුන් රෝගින්ද  නොපැමිණෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.  මේ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේසේද ප්‍රකාශ කළේය.

දකුණු පළාතට තියෙන්නේ එකම ළමා දැඩිසත්කාරක එ්කකයයි. මෙහි වෛරස් උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍ය වු දරුවන්ගෙන් පිරි පැවතීම නිසා වැඩිහිටියන් ඇතුලත් කරණ දැඩිසත්කාරක ඒකකවලට අැතුළත් කරලා දරුවන්ට ප්‍රතිකාර කිරිමට වෙලා තියෙනවා. මෙහි  ඇඳන් 07ක් තියෙනවා. එක් ඇදක වටිනාකම  ලක්ෂ 50ක් විතර වෙනවා.  ළමා දැඩි සත්කාරක ඒකකයේ ඇඳන් පිරීගොස් ඇති නිසා  දැනට මාස දෙකක විතර සිට ළමා ශල්‍යකර්ම කිරීමට ක්‍රමයක් නැත. එම දරුවන් නිවෙස්වලට යවා ඇත.

මේ නිසා ළමා දැඩි සත්කාරක ඒකකයට රෝගින් බාරගැනීමට බැරි තත්වයක් මතුව තිබේ.  ළමා දැඩිසත්කාරක ඒකකය ඉදිකර ඇති ගොඩනැගිල්ලේ තවත් ඇඳන් හයක් දැමිය හැකිය. ඇඳන් හයකට උපකරණ ලබාදෙන්නැයි සෞඛ්‍ය
අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි. උපකරණ සහ අනෙක් දේවල් ලබාදීමට ඉක්මන් පියවරක්  ගන්නා ලෙස ඉල්ලා සිටියි.

 



අදහස් (11)

වෛරස් උණ වැළඳුනු දරුවන්ගෙන් කරාපිටිය රෝහල උතුරයි

කපිල වසන්ත කුමාර Saturday, 26 May 2018 07:05 AM

ලෝකේ හොඳම සෞඛ්‍ය ඇමැති ඉන්නෙ අපේ රටේනේ. අඩුපාඩු මදි වුනත් වෛද්‍යවරුන් කරන සේවය ප්‍රශංසනීයයි. හැබැයි ඇමැතිවරු නම් සිංගප්පූරු යයි.

:       135       235

Oththu karaya Saturday, 26 May 2018 07:43 AM

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල කියලා එකක් මේ රත්මලාන කිට්ටුව තියෙනවා. ඒකේ ළමා වාට්ටුවේ ඕනෑතරම් ඇඳන් තියෙනවා. ළමා වාට්ටුව විතරක් නෙමෙයි.... ඇඳන් 810ක අංග සම්පූර්ණ රෝහලක්. ඇඳන් විතරයි ලෙඩ්ඩු නැහැ. මේක දැනටම වල්බිහිවෙන්න පටන් අරන් තියෙන්නේ.... රජය කිසිම විදිහකින් මේනෙ වැඩ ඉක්මන් කරලා ජනතා සේවයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ නැතිව කල් මරමින් ඉන්නවා. දැනට මේ රෝහල පළමු අදියරේ මූලික රෝහලක් ලෙස නොමිලේ සේවා සපයමින් වැඩකරගෙන ගියත් ... මෙම රෝහල අංග සම්පූර්ණ ලෙස පරිහරණය කිරීමට අවශ්‍ය සම්පත් සැපයුවොත් නමුත් කුමන හෝ බලපෑමක් මගින් මෙම ස්ථානය තවමත් පාලකයන්ගේ නිසි ඇගැයීමකට ලක්වී නොමැතිව. ගොඩනැගිලි වලට පමණක් සීමා වී පවතින එක සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අවාසනාවක්....

:       206       1635

ප්‍රීතිSaturday, 26 May 2018 12:28 PM

අංගොඩ රෝහල කියලා වැරදිලා රත්මලාන පැත්තේ රෝහලකට ගොඩ වූ ඔල්මාද කාරයෙක් කියලයි ලියා තිබෙන කතාවෙන් පෙනෙන්නේ. නැත්නම් කොළඹ 8 තිබෙන රිජ්වේ ළමා රෝහල ගැන මතක් නොවී තිබෙන්න පුළුවන්ද?

:       0       0

sisira Saturday, 26 May 2018 08:29 AM

අමතිවරු හිටියට වෙඩක් නේ

:       0       27

sampath Saturday, 26 May 2018 09:20 AM

මෙම වෛරසය රට තුල පැතිරගොස් මහා ව්‍යවසනයක් වීමට පෙර රජය මැදිහත් වී පුද්ගලික රෝහල්වල දැඩි සත්කාර එ්කකද භාවිතා කර අසරණ රෝගී දරුවන් සුවපත් කර මෙම වෛරසය අප රටින් තුරන් කිරීමට නියෝග ලබාදෙන්න.

:       0       142

AsankaSaturday, 26 May 2018 01:17 PM

ගානක් කපාගන්න පුලුවන් නම් කවුරු හෝ දේශපාලකයෙක් මැදිහත් වෙයි බයවෙන්න එපා ... මේ සිරි ලංකාව

:       4       15

එර්දි Saturday, 26 May 2018 09:43 AM

තුච්ච දේශපාලනය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැහැදිලි පිල්බෙදීමක් ඇතිකර ඇති මෙවන් සමයක රටේ ආපදා තත්වය තේරුම්ගෙන කඩිනමින් රෝග නිවාරනයට එකාමෙන් පෙලගැසෙමු..

:       7       1

පුෂ්පකුමාර Saturday, 26 May 2018 09:58 AM

හදිසි තත්වයන්ට සුදානම් විය යුතු පෙරහුරුවක් එහෙම කලේ නැද්ද? රෝගීන්ට ඇඟට දැනෙන්නත් එක්ක වර්ජනයකට යන්න කියාපු කාලේ. මෙම වෛරසය අර බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍යවරයා නොමිලේ කළ ශල්‍යකර්මවල කිසියම් බලපෑමක් වෙන්න බැරිද?

:       341       400

විකුම් රංගන Saturday, 26 May 2018 06:11 PM

දැන් අපේ රටේ නිසි ප්‍රමිතියෙන් යුත් දක්ෂ වෛද්‍යවරුන්ගේ විශාල හිගයක් පවතිනවා. ඔවුන් රෝගය හඳුනා ගන්න විට ලෙඩා මැරී අවසන්. මේක අවාසනාවන්ත තත්වයක්. මේ දුපතට පමණක් කොටු උන දේශපාලකයින් පිනවන දොස්තරලා වෙනුවට ජාත්‍යන්තරයේ දක්ෂ වෛද්‍යවරුන් මෙරටට ගෙන්වා, ඔවුන්ගේ දැනුම ලබාගැනීමේ වැඩපිළිවෙලකට යාමට රජය කටයුතු කල යුතු වෙනවා. රෝහල තුල මිය ගිය රෝගීන්ගේ සංඛ්‍යාව වත් නොදන්නා වෛද්‍ය වරු ෆේස් බුක් එකේ යන වැරදි ප්‍රචාරයන් ගැන බියෙන් කතා කිරීමත් විහිළුවක්. අනේ මෙහෙමත් දොස්තරලා!!

:       0       581

කුමාර් (ගල්ෆ්) Saturday, 26 May 2018 06:15 PM

දේශපාලුවන්ට වගේ මේ රටේ දරුවන් සින්ගපුරුවට වත් යවන්න බැරිද?

:       0       164

බද්රානි Saturday, 26 May 2018 11:12 PM

ඇත්තම කියනවා නම්, ඉස්සර හිටිය දොස්තරලගේ පැත්තකින් වත් දැන් ඉන්න දොස්තරලව තියන්න බැහැ නේද? ඒ කාලේ හියිය උතුම් වෛද්‍යවරු මේ වනවිට විශ්‍රාම ගිහින් ඒ කාලේ සල්ලි දීලා බෙහෙත් ගත්තත් අපි දොස්තරලට ස්තුති කරලා වැඳලයි එන්නේ. මුදල් ගෙවලා බෙහෙත් ගත්තට පව් සිද්ධ වෙන්නේ නැහැ, එක බෙහෙතින් ලෙඩේ සුවයි. ඒකටත් එක්ක දැන් ඉන්න දොස්තරලා ලෙඩාව විකුණගෙන කාල පොහොසත් වෙනවා. මේ අය තනිකරම, වෛද්‍ය විෂය නොදන්නා, කළුකඩ දොස්තර මුදලාලිලා. ලැජ්ජයි!!!

:       40       258

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 181 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 398 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 475 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 304 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 405 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 141 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site