IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විදුලිය හොරෙන් ගත් ව්‍යාපාරිකයා ලක්ෂ 16ම ලංවීමට ගෙවයි

මනෝප්‍රිය ගුණසේකර

කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් 16,06,487.26ක මුදලක් එම මණ්ඩලයට ගෙවු බව ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයා මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියට අද (13) දැනුම් දුන්නේය.

අධිකරණයේ නියමය අනුව විදුලි බල මණ්ඩලයට ගෙවු රුපියල් 16,06,487.26ක මුදල සම්බන්ධයෙන් එම මණ්ඩලයෙන් නිකුත් කළ රිසිට් පතද ඉදිරිපත් කරමින් මහා පරිමාණ ව්‍යාපාරිකයකු බව කියන  කොළඹ 07, බුලර්ස් පටුමගේ පදිංචි විත්තිකාර ලක්සිරි ද සිල්වා මහතා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම වරද සම්බන්ධයෙන් විත්තිකරුට නියම කරන ලද රුපියල් 10,000/-ක දඩය මීට පෙර දිනයේදී විත්තිකරු විසින් ගෙවන ලදී.

වායු සමීකරණ යන්ත්‍ර හතක් සහ වතුර උණුකරන යන්ත්‍ර තුනක් ඇති විත්තිකරුගේ නිවසේ විදුලි බිල වශ්‍යයෙන් පසුගිය වසර ගණනාවක කාලයක් ගෙවා ඇත්තේ රුපියල් 2,000/-ක පමණ බිලක් බවත් ඉන් ලංකා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවී ඇති බවට මීට පෙර අවස්ථාවක ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුට අදාළ දඩ මුදල හා විදුලි බල මණ්ඩලයට පාඩු වු මුදල වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 16කට අධික මුදලක් ගෙවීමට සිදුවිය.

විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 16ක මුදල කොටස් තුනකින් ගෙවීමට විත්තිකරු අවසර ඉල්ලා සිටියත් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඊට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් සම්පුර්ණම මුදල එකවර ගෙවීමට සිදුවිය.

ඒ අනුව අදාළ මුදල විදුලි බල මණ්ඩලයට ගෙවා විත්තිකාර ලක්සිරි ද සිල්වා මහතා එම රිසිට් පත අධිකරණයට ඉදිරිපත් කළේය.

විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරකට අනුව සති කිහිපයක් සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඉන්දික ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරී ගාමිණි ප්‍රනාන්දු සහ සහකාර විමර්ශන නිලධාරීන් වන අධිකාරි, පුෂ්පකුමාර සහ චානක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට තිබිණි.



අදහස් (3)

විදුලිය හොරෙන් ගත් ව්‍යාපාරිකයා ලක්ෂ 16ම ලංවීමට ගෙවයි

ලුම්බිණි Thursday, 14 June 2018 01:38 AM

ඉන්නේ කොළඹ 07 උනාට කරන්නේ වනාතමුල්ලේ වැඩ.

:       0       0

rocky Thursday, 14 June 2018 02:48 AM

මහා ව්‍යාපාර කරනවා කියන සමහර උන්නැහේල කරන්නේ මහා ජාවාරම්. ගෙදර ලයිට් බිලටත් කටුව ගහන මේ වගේ මිනිස්සු කොහොමද මහා ව්‍යාපාරිකයන් වෙන්නේ? එහෙම නම් මොනවා හරි හොර බිස්නස් වෙන්න ඇති!

:       0       44

Raveendra Thursday, 14 June 2018 05:57 AM

මොවුන් මහා පරිමානයේ ව්‍යාපාරිකයන් නොව ස්ථිර වශයෙන්ම හිගන තුට්ටු දෙකේ ව්‍යාපාරිකයන් බව කිසිදු සැකයක් නොමැත.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 324 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 679 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 827 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 454 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 519 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 181 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site