IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වෘත්තියවේදීන්ට සවන් නොදීම බරපතලම ප්‍රශ්නයයි - ඇමති සුසිල් ප්‍රේමජයන්ත

(විනීතා එම්  ගමගේ)

අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රතිපත්ති සැකසීමේ දී වෘත්තියවේදීන්ට සවන් නොදීම දැනට පවතින බරපතලම ප්‍රශ්නය යැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. ජාතික  ප්‍රතිපත්ති සම්පාදනයේ දී සිදුවිය යුතු ප්‍රධානම කරුණ වන්නේ වෘත්තිකයන්ගේ සුරක්ෂීතතාව ඇති කිරීම බව ද හෙතෙම සඳහන් කළේය. විද්‍යා, තාක්ෂණ ඉංජිනේරු හා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කරමින් ඉදිරියට ගෙන නොගියොත් රටක් ලෙස අපි අනාථ යැයි ද අමාත්‍යවරයා පැවැසීය. 

සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ අදහස් පළ කළේ, ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසන් සභාව ඉදිරියේ අදහස් දක්වමිනි. කොළඹ 7 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ පැවැති මෙම මහජන අදහස් විමසීමේ අවස්ථාවේ දී තව දුරටත් අදහස් දැක්වූ ප්‍රේමජයන්ත මහතා මෙසේ ද කීය. 

‘‘මේ කාරණය දෙස බැලිය යුත්තේ සම්ප්‍රදායෙන් බැහැර වෙලයි. ජාත්‍යන්තර වෙළඳාමට යන්න නම් ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති භාණ්ඩ නිපදවිය යුතුයි. ඇසට පෙනෙන භාණ්ඩ පමණක් නොව දැනුම වැනි භාණ්ඩත් අපි නිපදවිය යුතුයි. 

ආචාර්ය බන්දුල හුස්ටන්හි පර්යේෂණ කරන කෙනෙක්. ඔහු ඇමෙරිකාවෙදි ස්ටෙන්ට් නිපදවීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ගත්තා. ලංකාවේ හිටියා නම් මේ ටික කරන්න ලැඛෙන්නේ නැහැ. ඔහු වෛද්‍යවරයෙක් නොවෙයි. ජීව තාක්ෂණ ඉංජිනේරුවරයෙක්. ඔහු මේ ස්ටෙන්ට් ලංකාවෙදි හැදුවානම් රටක් ලෙස අපට ගොඩ එන්න තිබුණා. ‘ යයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 



අදහස් (4)

වෘත්තියවේදීන්ට සවන් නොදීම බරපතලම ප්‍රශ්නයයි - ඇමති සුසිල් ප්‍රේමජයන්ත

සිරි Thursday, 20 April 2017 02:12 PM

ඔය කථාව හරියටම හරි. හැබැයි ඒ්ක පරිපාලනයේ ඉහල තැන්වල ඉන්න අය දේශපාලකයින්ට අවබෝධ කරල දෙන්නෙ නැති එක තමයි ගැටළුව. මේ රට දියුණු නොවෙන්නෙ දේශපාලකයින්ට වඩා පරිපාලකයින්ගෙ තියෙන කුහක වැඩ නිසා. විද්‍යා, තාක්ෂණ ඉංජිනේරු හා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කරන්න නම් ඒ ක්ෂෙත්‍රවල අයට නියම විදියට සලකන්න සහ පිලිගන්න ඕනැ. එහෙම නැති නිසා තමයි ඒ අය රට හැරල යන්නෙ. පරිපාලනයෙ උසස් අය සියළු සැප විඳිමින් මේ රට දියුණුවට අකුල් හෙලනව.

:       0       0

susantha Thursday, 20 April 2017 03:30 PM

අපේ රටේ වැඩිමනක් ජාතික තීන්දු ගන්නේ නුගත්, තමන්ගේ මඩිය තර කර ගැනීම පමණක්ම තම ප්‍රතිපත්තිය වන තක්කඩි ඇමතියන් තමන්ට ලැබෙන කොමිස් මුදල/ කුට්ටිය අනුව. ඉතින් එහෙවු රටකට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?

:       0       0

sathyayaa Thursday, 20 April 2017 10:36 PM

අප හොඳින්ම දන්නවා පසුගිය ආණ්ඩුවේ මෙයාට පැවරී තිබුන අමාත්‍යංශ වලට වෘත්තීය වේදීන්ගෙන් කිසිම උපදෙසක් ගන්න මොහු කැමති නොවූ බව. මන්ද යත් මොහුට වඩා අධ්‍යාපන සුදුසු කම් ඇති අය ලඟට ගත්තොත් තමන්ගේ දුර්වල කම් ලොවට හෙළිවේවි කියා මොහු තුළ තිබු අස්ථාන බියත්, උගතුන්ට ඊර්ෂ්‍යා කිරීමේ උපන් ගතියක් මොහු තුළ තිබුන නිසාත්ය.

:       0       0

ravin Friday, 21 April 2017 02:33 AM

ඇත්ත ඇති සැටියෙන්නම් වුර්තිය වේදීන්ට සවන් දුන්නොත් කොමිෂන් වේදීන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න බැරිවෙන නිසා වුර්තිය වේදීන්ගේ අදහස් කුනුකුඩයට දැමිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 427 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 862 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1025 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 587 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 597 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site