IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

(ඩයනා උදයංගනී)


වකුගඩු රෝග සායන පැවැත්වෙන කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල ඇතැම් ඖෂධ හිඟවීම හේතුවෙන් වකුගඩු රෝගීහු දැඩි පීඩාවකට පත්ව සිටිති.
 
 සාමාන්‍යයෙන් මාසිකව පැවැත්වෙන සායනවලදී රෝගියාට මසකට අවශ්‍ය ඖෂධ ලබාදෙන අතර මාස කිහිපයක සිට පවතින ඖෂධ හිඟය හේතුවෙන් එම ඖෂධ නිසි ලෙස ලබාදීම සිදු නොවේ.
 
මේ හේතුවෙන් තමාට අවශ්‍ය ඖෂධ සඳහා මසකට රුපියල් 40,000ක පමණ මුදලක් වැය කරමින් ඖෂධ ලබාගැනීමට සිදුව ඇති බව වකුගඩු බද්ධ කිරීමක් සිදුකළ රෝගියෙක් ලංකාදීපයට පැවසීය.
 
උදාහරණයක් ලෙස ගතහොත් වකුගඩු බද්ධ කළ රෝගීන් ඇතුළු රෝගීන්ට දෛනිකව අවශ්‍ය එම්.එම්.එෆ් (මයිකොෆිනොලේට් මොෆිටිල්) නැමති ඖෂධය වර්තමානයේදී මසකට ලබා නොදෙන අතර ලබාදෙන්නේ සතියකට පමණි.
මේ හේතුවෙන් දුර බැහැර සිට සතිපතා රෝහලට පැමිණීමට සිදුව ඇති බව රෝගීහු පවසති.
 
එලෙස ඖෂධ ලබාගැනීම සඳහා අද (21) දිනයේ කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග සායනය වෙත පැමිණි රෝගීන්ට හා එදින නියමිත සායනයට පැමිණි රෝගීන්ට ආපසු යාමට සිදුවූයේ එම ඖෂධය නොමැතිව හිස් අතිනි.
 
එම ඖෂධය ඔසුසල්වල රුපියල් 290ක් වන අතර පෞද්ගලික ඖෂධ වෙළ`දසැල්වල රුපියල් 300ත් 350ත් අතර මිලක් වේ.
           
ඔසුසල්වල පවා අද (21) දිනයේදී ඖෂධය නොමැති බව වාර්තා විය.
 
එමෙන්ම පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වලින් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ තමන් සතුවද මෙම ඖෂධය නොමැති බවයි.
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඒ.ටී සුදර්ශන මහතා පැවසුවේ ඖෂධ සමාගම්වලින් එම්.එම්.එෆ්  ඖෂධයේ මිල ඉහළ නැංවීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ගැටලූව ඇතිවූ බවයි.


මේ වන විටත් රුපියල් 200ක් පමණ වන මෙම ඖෂධයේ මිල රුපියල් 400ක් පමණ දක්වා වැඩිකිරීමට සමාගම් උත්සාහ කළ අවස්ථාවේ රුපියල් 35ක මිලකට ටෙන්ඩර් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා ආරම්භ කළ බවත්, එම කාලයේ එක් ටෙන්ඩරයක් අවලංගුවීම හේතුවෙන් මෙම හි`ගය ඇතිවූ බවත් ඔහු සඳහන් කළේය.
           
කෙසේ වෙතත් මේ වන විට ඖෂධ සමාගම් එම ඖෂධය රුපියල් 55ක මිලකට ලබාදීමට එකඟවීම හේතුවෙන් ටෙන්ඩර් කැඳවා ඇතැයි කී නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා තවත් දෙසතියකින් පමණ රෝගීන්ට මෙම ඖෂධය හිඟයකින් තොරව ලබාදීමට හැකි වනු ඇතැයි ද කීවේය.



අදහස් (0)

වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 91 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 500 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 138 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 204 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 571 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 440 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site