IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලන්ච් ෂීට් කෝටි දෙකක් දිනපතා පරිසරයට

(විනීතා එම් ගමගේ)

කෑම එතීම සඳහා භාවිතා වන තුනී පොලිතින් (ලන්ච් ෂීට් ) කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක් දිනපතා පරිසරයට එකතුවන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.  ශ්‍රී ලංකාවේ ජනගහණයද කෝටි දෙකක් වුවත් එක්පුද්ගලයකු දිනකට තුන්වේලක් හෝ ඊට වැඩි ගණනක් ආහාර ගැනීමේදී මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 
මෙරට එක් පුද්ගලයෙකු වසරකට භාවිතා කර ඉවතලන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5.72 ක් වන බවත් කොළඹ දී එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 7.5 ක් වන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා එම අධිකාරියේ අද (12) පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. රටේ ජනනය වන සමස්ත කසල ප්‍රමාණයෙන් 10% ත් 15% අතර ප්‍රමාණයක් පොලිතින් සහ ප්ලාස්ටික් වන බවත් හෙතෙම සඳහන්  කළේය.
2016 වසරේ ආනයනය කළ පොලිතින් සෑදිමේ අමුද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 113500 ක් වූ  බව කී සභාපතිවරයා ඒ  සඳහා විදේශ විනිමය රුපියල් කෝටි දෙදහසක් වැය වී ඇතැයි ද පැවැසීය. එමෙන්ම ආනයනය කරන පොලිතින් අමුද්‍රව්‍ය ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවෙමින් ඇතැයි ද ප්‍රකාශ කළේය. 
මෙසේ  කසලවලට එක්වන පොලිතින් ප්ලාස්ටික් වසර සියයක් ගියත් නොදිරන තත්ත්වයක් ඇතැයි කී සභාපතිවරයා නව නීති හා තහනම ගෙන එන්නට හේත-ු වූයේ මෙම තත්ත්වයන් යැයි ද සඳහන් කළේය. 



අදහස් (14)

ලන්ච් ෂීට් කෝටි දෙකක් දිනපතා පරිසරයට

ධම්ම Wednesday, 12 July 2017 02:42 PM

කුණුගොඩට එකතුවෙන කෙහෙල්කොළ දමන්න මුතුරාජවෙලත් මදි කියයි දවසක...

:       160       9

ධම්මජාThursday, 13 July 2017 01:45 AM

ධම්මගෙ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැතිබව පේනව මේ ක්මෙන්ටුවෙන්

:       0       42

swasantha Thursday, 13 July 2017 01:44 AM

වතුර සහ බීම බෝතල් සඳහා අදික බදු පනවා වීදුරු බෝතල් පාවිච්චියට යොමු කරවන්ඩ. ප්ලාස්ටික් පාවිච්චිය අවම කරමු. විකල්ප අසුරන හදුන්වා දිය යුතුයි. මෙයට අපේ සහයෝගය.

:       2       58

mohanThursday, 13 July 2017 07:23 AM

මෙම පෙට් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කරන නිසා පරිසර හානිය අවම වෙනවා.

:       1       0

kithsiri Thursday, 13 July 2017 02:19 AM

මේක හොඳ ක්‍රියාවක්... කවුරුත් නැවත භාවිතා කල හැකි කෑම පෙට්ටි භාවිතයට පුරුදු වෙයි. මේ දිනකට කෝටි 2 ගණන නම් ටිකක් අතිශයෝක්තියක් ද මන්දා. එත් වැඩේ හොඳයි.

:       0       16

rodny Thursday, 13 July 2017 02:20 AM

හොද වැඩක්. මිනිස්සු දැනුවත් කරන්න ඕන පොල්තින් වලින් ශරීරයට වන හානිය

:       0       16

sri Thursday, 13 July 2017 02:30 AM

කඩේ කෑම පිඟනත් ලන්ච් ශීට් දාලනේ දෙන්නේ

:       0       15

සරත් Thursday, 13 July 2017 03:47 AM

අපේ මිනිස්සු පොලිතින් පාවිච්චි කරලා හැම තැනම දානවා, ගඟක් ,පාරක් ,දිහා බැලුවොත් තියෙන පොලිතින් ,ප්ලාස්ටික් ,වීදුර බෝතල්,ප්ලාස්ටි කප් ප්‍රමාණය දැක්කහම් දුක හිතෙනවා.ටොපියක් කෑවත් ඔතල තියෙන කොලේ පාරට විසිකරන්න ,සබන් කැටයක් ගත්තත් පොලිතින් බෑග් එකක දාගෙන යනවා වගේ ,දේවල් කරන්නේ බොහොමයක් මිනිස්සු මේ ගැන නොදැනුවත් හෝ පොලිතින් ටික තමන්ගේ වත්තෙන් පාරට දැම්මහම ඔක්කොම හරි කියන මානසිකත් වයෙන් ඉන්න පිරිසක් . දඩ ගහල හරි උගන්වන්න ඕනේ .හෝටලයකට ගියොත් පොලිතින් වලින් ඔතපු පින්ගානක තමයි කෑම දෙන්නේ ,වතුර බිල අඩු කරගන්න වෙන්න ඕනේ මයේ හිතේ. පොලිත්නින් නතර කරන එක ප්‍රායෝගික ව අමාරු උනත් 80 දශකයට පෙර පැවති පොලිතින් වලින් තොර ලංකාවකට යන්නන උත්සහයක් වත් කරන්න ඕනේ.

:       0       7

දිලුම් Thursday, 13 July 2017 03:57 AM

හොඳ දෙයක් කාලෙකින් අහන්න ලැබීමත් සතුටක්. ඒත් මේක එක කාලයකත් ගෙනාවා ක්‍රියාත්මක උනේ නෑ. ඒ නිසා මේ පාරවත් හරියට කරනවනම් ලොකු දෙයක්. අශ්වය ගියාට පස්සෙවත් ඉස්තාලෙ වහන්න මතක් උනානේ හිටන්

:       0       10

Samarajeewa Thursday, 13 July 2017 04:22 AM

ඉවත ලන මෙගා සැහැල්ලු බීම බෝතල් , පලතුරු බීම බෝතල් , පානීය ජල බෝතල් ,වීදුරු බීම බෝතල් මෙන් එම ආයතන වලට භාරදී නැවත පාවිච්චි කිරීමේ හැකියාව ඉක්මනින් සොයා බැලිය යුතුය .එසේ නොමැතිනම් ඉදිරියට එවැනි ඇසුරුම් හඳුන්වාදිය යුතු වීම හෝ ඒ වෙනුවට වීදුරු බෝතල් භාවිතා කිරීම අනිවාර්ය කල යුතු වේ .

:       0       3

mohanThursday, 13 July 2017 07:24 AM

මෙවැනි බෝතල් 99% දැනටම ප්‍රතිචක්‍රීයකරණය කරනවා.

:       0       0

srimala Thursday, 13 July 2017 05:35 AM

මේක හොඳයි ,නමුත් කලකට පෙර අපි ජීවත් වුනේ පර්චස් පහේ දහයේ තැන්වල නොවේ . හැම වත්තකම කුනුවලක් කියල තැනක් තිබුණා.. වත්තේ කෙසෙල් ගස් කීපයක් තිබුණා ..දැන් අපි කොහෙන්ද කෙහෙල් කොලයක් හොයාගන්නේ ? හොඳම විකල්පය,, මට මතකයි ඉස්සර අපි බෙලෙක් පිඟානකට කෑම බෙදල තව බෙලෙක් පිඟානකින් එය වහලා නැප්කිනයකින් බැඳගෙන ගෙදරින් කෑම රැගෙන යනවා ..

:       0       0

jeeva Thursday, 13 July 2017 06:56 AM

පොලිතීන් හැමතැනම වීසි නොකර එවා හරියට තම තමන්ගේ කුණුකසල අඩුගානේ හැමදාම බැරිනම් සුමානෙට එක දවසක් හරි එකතු කරලා පුච්චලා දන්න බැරි මිනිස්සු ඉන්න රටක් අපේ රට කියන්න ලැජ්ජයි

:       1       0

ඩන්හිල් Thursday, 13 July 2017 09:03 AM

පොලිතින් පුච්චන්න හොඳත් නැහැ, ප්ලාස්ටික් පාට කරන්න ලේඩ් ගන්නවා ප්‍රතිචක්‍රීය කරපුවාගේ ලෙඩ් කෑම ,වතුර එක්ක මිශ්‍ර වෙන්න තියෙන හැකියාව වැඩියි.ලෙඩ් ඇඟේ ස්නායු වලට හොඳ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 12 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 48 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 120 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 149 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 269 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 96 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site