IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලක්ෂ 50ක කුඩු සමග තරුණ යුවළක් සැකපිට

බිමල් ශ්‍යාමන් ජයසිංහ
මාලඹේ නගරයේදි අද උදෑසන සූඛෝප බෝගී මෝටර් රථයකින් කුඩු රැගෙන යමින් සිටි තරුණ යුවලක් අත් අඩංගුවට ගෙන අතර එම මෝටර් රථයේ තිබි රුපියල් ලක්ෂ50ක කුඩු සොයාගත් බව පොලිසිය කියයි.

කුඩු රැගෙන ගිය බව කියන තරුණයා අත්අඩංගුවටගෙන ඔවුන්ගේ නිවෙස රැගෙන ගිය අවස්ථාවේ කිසියම් තියුණු ආයුධයකින් ඔහු ඇන ගැනිම නිසා ප්‍රති කාර සඳහා රෝහල් ගත කර ඇත.

සැකකරුගේ වැඩිමහල් සහෝදරයා කුඩු රැගෙන යාමේ චෝදනාවට සිර ගත කර ඇති අතර බාල සහෝදරයා මිනීමැරීමේ චෝදනාවට සිරගත කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.



අදහස් (13)

ලක්ෂ 50ක කුඩු සමග තරුණ යුවළක් සැකපිට

lusena Saturday, 04 November 2017 07:23 AM

2014 වසරේදී පාර්ලිමේන්තුවේ ලංකාවේ බෙරිහන් දීපු රන්ජන් කියන මහජන නියෝජිතයා අද මේවා ගැන කියන්නේ මොනවද?

:       530       436

samSaturday, 04 November 2017 08:22 AM

කිවයුත්තේ නරක වැඩක් කියලා මිසක් වෙන මොකක්ද? එස් ටී එෆ් එකෙන් කුඩු අල්ලන්න ගියදාට පසුදා රටේ නායකයා ඒ ගෙදරට ගිහින් තේ බීලා ආපු රටේ, මන්ත්‍රී කෙනෙකුගේ නමට ලියාපදිංචි වාහනයක් (වාහනයේ නොම්මරය හඳුනාගත්තා වුණත්) කුඩු පටවාගෙන යනවිට හඹා යාමේ වරදට එම මත්ද්‍රව්‍ය නාශක අංශයම විසුරවා හැරිය රටේ, ඔබ ජීවත් වී නැති බව පෙනී යනවා.

:       1199       867

lusenaSaturday, 04 November 2017 09:44 AM

සෑම්, එතකොට ඔයාලත් යහපාලනය ගෙනෙන්න කඩේ ගියේ පසුගිය පාලනයේ වැරදි නව පාලනය යටතේ නිවැරදි කරගන්න නේ. එසේනම් නැවත එම අංශ සක්‍රිය කරලා මතද්‍රව්‍ය ලංකාවට එන මග අහුරන්න පුළුවන්නේ. මෙම යහපාලන කාලය තුල සීනි කන්ටේනර් තුල පවා විශාල කුඩු ප්‍රමාණයක් ලංකාවට ආපු බව ඔබ දන්නවද? එසේ ජාවාරම කල දේශපාලකයන්ට මෙම රජය ඇමති වරදාන දුන්නේ අැයි?

:       60       1384

Saman2Saturday, 04 November 2017 02:12 PM

ලුසේනා, කවුරු වුණත් වැරද්දක් ගැන හඬක් නගනවා නම් ඒ මනුස්සයා අගය කරන්න ඕනේ. එකට පාට, පක්ෂ බලන්න එපා. විශේෂයෙන්ම මේක ජාතික ප්‍රශ්නයක්. අර සෑම් කියන ප්‍රශ්නය ඇත්ත නම් එක ලොකු ප්‍රශ්නයක්. මට නම් එක බැඳුම්කර හොරකමට වඩා ප්‍රශ්නයක්. එ්ක අපේ ළමයි මරල හරි හම්බ කරන මනුස්සයෙක් බේරුවා වගේ වැඩක්. හැබැයි ගිය ආණ්ඩුව හොරකම් කළා කියලා ඇවිත් මේ ආණ්ඩුව ඊට වඩා හොරකම් කරන එකේ මේ ආණ්ඩුව අනිත් වැඩත් ඊට නොදෙවෙනි වෙන්න ඇති. ඒවට සම්බන්ධ නැති රංජන්ලා, ගම්මන්පිලලා උඩින් තියෙන එක හොඳ නැද්ද? මොකුත්ම කතා කරන්නේ නැති ගොළුවන්ට වඩා.....

:       525       154

Saman Saturday, 04 November 2017 07:37 AM

ජීවිතයක වටිනාකම මේ වගේ මිනිස්සු නොදැන සිටීම මොනතරම් විනාශයක්ද කරන්නේ? අනුන්ගේ ජීවිත විනාශකරන විෂ මත්ද්‍රව්‍ය විකුණලා ඉක්මණින් සල්ලි හම්බ කරන්න ගිහින් අහු වුණාම තමන්ගේම ජීවිතේ වුනත් විනාශකර ගන්න පෙළඹෙනවා. කෝ අපේ රටේ මිනිස්සුන්ගේ සාරධර්ම?

:       1       142

rohana kumara mendis Saturday, 04 November 2017 09:24 AM

රන්ජන් කියන්න ඕනෑ දේ කොහොමත් කියනවා. නමුත් රන්ජන් රටේ ජනාධිපති නෙමේ. ජනතා නියෝජිතයෙක්. අසාධාරණයට විරුද්ධ කෙනෙක්. ඕවට ලංකාවේ පොලිසියක් ඉන්නවා ආර්ෂක ඇමතියෙක් ඉන්නවා. පසුගිය කාලේ ආණ්ඩුවේ අයමනේ ඔය වැඩේ කළේ... ඇයි අමතකද? ලුසේනා මහත්තයෝ

:       93       295

Matin Saturday, 04 November 2017 10:19 AM

සමහර නායකයෝ හෙළිකොප්ටරයෙන් ලේන්සු ගේන්න ගියා නේද?

:       0       103

janathava mugda Saturday, 04 November 2017 11:45 AM

මත් ද්‍රව්‍ය වල අාරම්භය 1980 දශකයේ එවකට දේශපාලකයන්ට හවුල් වුණු අද ඉන්න පිරිසයි.. මේවායේ අතිදක්ෂයින්ට, නිර්මාණකරුවන්ට ජයවේවා!!!

:       2       1

janatha anura Saturday, 04 November 2017 11:47 AM

මේ හලෝ මෙහෙ කුඩු රාජධානියක් වෙලා මරා ගන්නවා. එදා මෙදා කතා වලින් දේශපාලනයෙන් වැඩක් නැහැ. කුඩු ආණ්ඩු කිව්වේ දැන් කුඩු රජ ආණ්ඩුද?

:       0       2

bamunu Saturday, 04 November 2017 12:12 PM

එදා තිබූ තත්වයට වඩා අද යහපත් තත්වයක් තියෙනවා.. රටේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා ඒවා බේරාගන්න යන්නේ නැහැ. ඉස්සර එහෙම තත්වයක් තිබුණා. අබා කොස්තා පියතුමා මරුවා. මිනීමරුවන්ටත් පාර්ලිමේන්තුවෙන් අනුමත කරගත් නීතියක් මගින් අැප නොදිය හැකි වරදක් බවට පත් කල යුතුයි. මෙම අපරාද කරුවන් මුළු ජීවිත කාලයේම හිරේ තැබිය යුතුයි.

:       102       322

pubudini Saturday, 04 November 2017 03:12 PM

මෙතන පටු දේශපාලන කතා එපා. රටේ පාලකයින් තද නීති සම්පාදනය කොට හමුදාවට, විශේෂ කාරය බලකාය යොදා හෝ කුඩු ජාවාරම් සහ මිනීමරු පාතාල කල්ලිය මැඩපැවැත්විය යුතුයි. පසුගිය රජය කාලේ කරපු දේවල් අහන්න ඕනෑ ඒ අයගෙන්මයි. මේ අපරාදකරුවන් මෙල්ල කල යුතුයි. මොවුන්ට ඇප නොදෙන නීතියක් ගේන්න. ප්‍රාදේශීය සභාවලට කුඩු සම්බන්ධ සහ පාතාල කරුවන්ට සම්බන්ධ අයට ඡන්දෙ ඉල්ලන්න දෙන්න එපා. එහෙම අයව ජනතාවට දැනුම් දීමට මාධ්‍යය පෙරමුණ ගත යුතුයි.

:       0       15

de silva Saturday, 04 November 2017 06:40 PM

සාමාන්‍ය පොලිසිය ගොළුවන් බිහිරන් මෙන් ඉන්න කොට විශේෂ කාර්ය බලකාය ලොකු සේවයක් රටට කරන බව පෙනී යනවා , ස්තුති

:       0       0

Rajarata Bayiya Sunday, 05 November 2017 03:05 AM

මේ කපේට ඕවා කරන එක නවතින්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 58 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 206 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 76 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 532 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 682 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 366 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site