IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලංකාවේ ඉඩම් මැනීමට ඇමෙරිකාවට දෙනවාට විරෝධය

(කාංචන කුමාර ආරියදාස)

ශ්‍රී ලංකාවේ ඉඩම් මැන සිතියම් ගතකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ඇමරිකාවේ ආයතනයකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය දී තිබෙන බවත් එම කැබිනට් අනුමැතිය ලබන තිස් වැනිදාට පෙර ඉවත් නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (24) දඹුල්ලේදී  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.ඉඩම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී  සිදු කෙරිණි.

“ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම, සිතියම් ගත කිරීම ආදී සියලු කටයුතු ඒකරාශි කිරීම සඳහා ඇමරිකාවේ පිහිටි සමාගමකට ලබාදීම සඳහා වත්මන් ආණ්ඩුව මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.  මේ සඳහා ඇමරිකාව ශ්‍රී ලංකා රජයට ණය මුදලක් ලබා දී එම මුදලින් ඇමරිකානු නියෝජිතයින් පැමිණ ශ්‍රී ලංකාවේ සිතියම් ගත කිරීම බරපතළ ප්‍රශ්නයක්.

මෙම ක්‍රියාවලිය නතර නොකළහොත් ශ්‍රී ලංකාවේ රක්ෂාවට බරපතළ ප්‍රශ්නයක් පැන නගිනවා. එමෙන්ම ඇමෙරිකාවෙන් ලබාදෙන විශාල ණය මුදලට වඩා ඉතා අඩු මුදලකින් දේශීය මිනින්දෝරුවන් සහ මිනුම් සහයකයන් යොදාගෙන ඉඩම් මැන සිතියම් කිරීමට හැකියාව පවතිද්දී අපේම භූමිය මැන සිතියම් ගත කිරීමට ඇමරිකාවට ලබා දීම බරපතල ප්‍රශ්නයක්“යැයි ඒ මහතා පවසයි.



අදහස් (39)

ලංකාවේ ඉඩම් මැනීමට ඇමෙරිකාවට දෙනවාට විරෝධය

sumal perera Friday, 24 November 2017 11:41 AM

ඉතින් ඇඉ මෙච්චර කල් බලන් හිටියේ. පුළුවන් නං කරන්නනේ තිබුනේ... මේක තමයි අපේ රාජ්‍ය සේවකයින්ගේ හැටි... සුද්දෙක් එනකන් බලන් ඉඳලා දැන් උඩු බුරනවා.

:       1446       1765

සංජීවFriday, 24 November 2017 02:01 PM

මුළු රටේම ඉඩම් නිකන් ආසාවට මනින්න මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉන්න අයට තමුන්ට වගේ ඔළුවේ අමාරුවක් නෑ. ඉස්සෙල්ලා ඒකට ආණ්ඩුවෙන් ඉල්ලීමක් එන්න ඕනේ. එහෙම අපේ අයගෙන් ඉල්ලන්නෙම නැතුව කෙලින්ම වෙන අයට දෙන එකනේ අවුල. අපේ අයට කියලා බෑ කිව්වා නම් වෙන රටකට දෙන එක සාධාරණයිවත් කියන්න පුළුවන්. මේ තීරණේ ගත්තු අයට හෙණ ගහන්න ඕනේ...

:       184       347

රවිඳු Friday, 24 November 2017 05:19 PM

සංජීව මහත්තය පලකරලා තියන අදහසින්ම පේනවා රාජ්‍ය නිලධාරියෙක් බව. රටේ ඉඩම් මනින්න කලින් තමන්ගේ මොළේ පරිමාව කොතෙක්ද කියලා තනිවම මැන ගන්න. තමුන්ගේ පොකට් එකට වැටෙන ගාන ගැන හිතලා අනුන්ට හෙන ඉල්ලන වෙලාවේ, සුදුස්සන්ට, සුදුසු තැන ලැබෙද්දී, ඒ ගැන හිතල සතුටු වන්න පුරුදු වෙන්න.

:       381       145

Upali Friday, 24 November 2017 12:33 PM

ඔයිට හොඳා රට පාලනය කරන එකත් ඇමරිකාවට හරි චීනෙට හරි දුන්නා නම්.

:       61       87

කුමාර් (ගල්ෆ්) Friday, 24 November 2017 12:48 PM

රජයේ සේවකයෝ වර්ජනය කරකර රට කනකොට කාට හරි දීලා මේවා කරගන්න එපායැ...

:       209       492

rocky Friday, 24 November 2017 01:07 PM

මුළු පාර්ලිමේන්තුවම පිට රටකට පන්ගාතු කෙරුවා නම් නරකද?

:       36       67

පිටිගල මිලානෝ Friday, 24 November 2017 01:59 PM

ඕස්ට්‍රේලියාවේ සහ මැදපෙරදිග වැඩිහරියක් ඉන්නේ අපේ රටෙන් ගිය මිනින්දෝරුවෝ... නමුත් අපේ රටේ නොදියුණුකම කියන්නේ එවන් දක්ෂයෝ පැත්තකට දමලා ඇමරිකාවේ මිනින්දෝරුවන්ට රැකියා අවස්ථා සලසා දෙනවා.

:       116       68

prathapa Friday, 24 November 2017 02:13 PM

ඇමෙරිකාවට නෙමෙයි, අපටත් රට දිහා ගූගල් වලින් බලන්න පුළුවන්...

:       2       29

බද්රානි Friday, 24 November 2017 02:15 PM

මේ ඉඩම් මැනීම ඇමරිකාවටම ලබා දෙන එක හොඳයි. එකපාර වැඩි මුදලක් වැයවෙන එක නෙවෙයි ප්‍රශ්නය. අපේ මිනින්දොරුවෝ ඔය වැඩේ කළොත් ටිකටික ඔය වගේ දහගුණයක් වත් වැඩිපුර ගෙවන්න සිදුවෙයි. ඒ කරන වැඩෙන් වැඩේ විතරක් නෙමේ, රටත් අවුල් වෙනවා. කාට රිදුණත් ඒක තමයි තිත්ත ඇත්ත...

:       333       206

Bamunuarachchi.Saturday, 25 November 2017 01:06 AM

ඇමෙරිකන්කාරයෝ ලංකාවට ඇවිත් යොදවන්නේ අපේ රටේ මිනින්දෝරුවන්ම තමා. මම මේ කියන්නේ අවුරුදු 15 ඇමරිකන්කාරයින් සමග වැඩකළ කෙනෙක් හැටියට. සමහර ඇමරිකානුවන් සුපර්වයිසර් වුණේ උන් වැඩ දන්නා නිසා නොවෙයි...ඒ අය ඇමෙරිකන් නිසා බර ඇද්දේ අපේ කොල්ලෝ. ඇමරිකන්කාරයෝ පාකිස්තාන්, ඉන්දියන් මිනින්දෝරුවන් පළාතකට ගත්තේ නැත.

:       0       26

ධම්ම Friday, 24 November 2017 02:45 PM

ඇමෙරිකාවට අප ගැන තව මොනවද දැනගන්න ඕනෑ?

:       2       11

gamaati Friday, 24 November 2017 02:59 PM

මේ අයට මේක භාර දුන්නොත් වැඩේ ඉවර වෙනකොට ලංකාවේ භූමියත් වෙනස්වේවි..

:       16       36

indika Friday, 24 November 2017 03:31 PM

හැමදේටම විරුද්ධ වෙන්නේ නැතිව වැඩක් කරගන්න පුරුදු වෙන්න වුවමනයි. අපි. ඇමෙරිකන් සමාගමක් මේක හරියට කරනවා නම් කමක් නැහැ. ලංකාවේ කට්ටිය කුලල් කකා ඉන්නවා විතරයිනේ. මෙපමණ කලක් මේක කරේ නැත්තේ මොකද කියලා හිතෙනවා ලංකාවේ පිරිස. ඇමෙරිකාවේ නෙවේ... ලංකාවේ වුණත් පුද්ගලික සමාගමකට දෙන්න ඕනේ කතා බතා නැතිව පිකටින් නැතිව කරගන්න. ලංකාවේ උගතුන් ගොඩක් දෙනා මහපරෙනේ ඉන්නේ පිකටින් කරගෙන. ආණ්ඩුවට ඒගොල්ලන්ගේ වැඩ කරගන්න දීලා සේවකයෝ තමන්ගේ වැඩේ හරියට කරා නම් හරිනේ. ආණ්ඩුව හරි නැතිනම් ඡන්දේ දවසේ වෙනස් කරන්න ඕනේ. එ්කනේ රටට දේශපාලන නිදහසක්, ඡන්දයක්, තියෙන්නේ. නාකි කට්ටිය පන්නලා වැඩ කරන ටිකක් පාර්ලිමේන්තුවට යවන්න. අමෙරිකාවෙන්ම උදාහරණ ගන්න. ට්‍රම්ප් ජනාධිපතිතුමා වෙන මොන රටකට විරුද්ධ වුණත් තමන්ගේ ඇමෙරිකාවට හොඳක් කරන්නේ. ඕනෙම ඇමෙරිකන් ජාතිකයෙක් එ්ක පිළිගන්නවා.

:       224       161

susith gomis Friday, 24 November 2017 03:36 PM

වෘත්තීය සමිතිවලට ඕනෑ විදියට කරන්න ඕනේ නම් ආණ්ඩුවක් මොකටද?

:       78       303

Bamunuarachchi Saturday, 25 November 2017 01:01 AM

අහසින් පාත්වන ඇමතියන් රජයේ ආයතන ගැන දන්නේ මොනවාද? විශේෂයෙන් නවීන තාක්ෂණය භාවිතාවන රජයේ ආයතන ගැන? මිනින්දෝරු වෘත්තීය සමිතිය වරාය හෝ බස් වෘත්තීය සමිති ගණයට දමන්න එපා.

:       5       26

ලංකා Friday, 24 November 2017 03:48 PM

භූමිය මැනීම සහ සිතියම් ගත කිරීම ඇමෙරිකාව කළොත් හරියට ඒක හරියට කරයි. දැනුත් අපේ රටේ ඕන තැනක් අපි බලාගන්නේ ගූගල් මැප් එකට ස්තුති වන්ත වෙන්න. ඊට අමතරව ඒවා අන්තර් ජාතිකව බෙදාහැරීම මගින් ලංකා භූමියට ඇති වටිනාකම වැඩිවෙන අතර, විදේශීය යෝජනා අවස්ථා වුණත් පුළුල් වේවි. ලංකාවේ කට්ටිය මැනලා ඔය සිතියම් ටික හමස් පෙට්ටියක දාලා තිබුනොත් කාටවත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.

:       152       289

lal Friday, 24 November 2017 04:18 PM

දැනටමත් සැටලයිට් වලින් මැනලා ඉවරයි ... ආයෙත් මොනවා මනින්නද? කලින් ආණ්ඩුව තියෙන කාලේ අර බිම් සවියද මොකක්ද එකක් දාලා අයිති කාරයෝ නැති ඉඩම්වලට කෙලින්නනේ බැලුවේ?

:       93       55

banda Friday, 24 November 2017 10:36 PM

වැඩේ හරියට කරන මිනිහෙකුට දෙන්න එපාය ...උබලගේ වැඩ වර්ජන කර කර ඉඩම් මනිනකොට හද පායාවි.

:       0       220

Bamunuarachchi Saturday, 25 November 2017 12:19 AM

මිනින්දෝරු දෙපාර්තමේන්තුව කියන්නේ සුදුමහත්වරු රටේ අවශ්‍ය තාවය ගැන සිතලා ලංකාවේ පිහිටවූ පැරණිම දෙපාර්තමේන්තුවලින් එකක්. 1800 අගෝස්තු 2 සිට J. ජෝහ්න්විල් සේර්වේ ජනරාලතුමාගෙන් පටන්ගෙන 1954 සී බී කිං දක්වා බ්‍රිටිෂ් සේර්වේ ජනරාලතුමන්ලා 21 දෙනෙකු මෙරටේ සේර්වේ ජනරාලවරු හැටියට සේවය කර ඇත. 1800 සිට මේ දක්වා රටට විසාල සේවයක් කල ඒ වගේම 2000 ගණන් දක්වා නොවෙනස්ව පවතී එකම දෙපාර්තමේන්තුව හැටියට අන්තර් ජාලයේ සටහන්ව ඇත. අවුරුදු 217 ක් මහාවැලි වැනි ඇති විසාල වියපෘති කලේ ඇමරිකාවෙන් හෝ වෙනරටකින් පැමිණි මිනින්දෝරු නොව ලංකාවෙන්ම උත්පාදනය වුන මිනින්දොරුවන්ගෙන් ය. ඔවුන් සේවය කලේ මහා කැළෑ වලය. ඒ රැකියාව බොහොම කර්කශ රැකියාවකි. නමුත් හරිම විනෝද ජනක රැකියාවකි. මිනින්දොරුමහතෙකුගේ වැඩ පරික්ෂාවට කැලේ කූඩාරමට පැමිණෙන ඉහල නිලදාරීන් මිනින්දූරු මහතාගේ වැඩ බලා අවසන් වී වැඩවල හොඳ නරක මිනින්දෝරු මහතා ළඟ තිබෙන උපදෙස් පොතේ සටහන් කරන්නේ ඊළඟට පැමිණෙන අනික් ඉහල නිලදාරියාටත් බලා ගැනීම පිණිසය. මෙහෙම සේවයක් කල පිරිසක් රජයේ අනිකුත් නිල දාරීන්ගේ ගණයට දමා කතා කිරීම ගැන කනගාටුවෙමි.

:       0       1

Bamunuarachchi Saturday, 25 November 2017 12:43 AM

දියතලාවේ මිනින්දෝරු අභ්‍යාස ආයතනය හැරෙන්නට ලංකාවේ මොන අභ්‍යාස ආයතනයේද අක්කර ගණනක ක්‍රීඩා පිටියක් තිබෙන්නේ? 1967 දී දැක්ක විදිහට සිසුන්ට ක්‍රීඩා කිරීමට ටෙනිස් කොර්ට් 4, බැඩ්මින්ටන් කොර්ට් 2, බිලියඩ් මේස 3, ටේබල් ටෙනිස් මේස දෙකක් සහ හොඳ බාර් එකක් තිබණි. සිසුවන්ට සවස 7 න් පසු කලබ් එකේ රැඳී සිටීම තහනම්ය. රබර් සෙරෙප්පු දාගෙන එම තහනම්ය. ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි විවිධ අදහස් වලින් පිරුණු ළමයින් එකම ක්‍රමයකට හැඩ ගැස්වීම් කළේ මෙතැනදීය. රජයේ අනික් ඉහල නිලධාරීන් සමග ලිපිගනුදෙනු කිරීම. රජයේ මුදල් පරිහරණය වැඩවල ප්‍රගතිය නිතර ඉහල නිලධාරීන්ට වාර්තා කිරීම වැඩවල නිරවද්‍යතාවය ගැන සහතික වීම මේ හැමදෙයක්ම එකම වහලක් යටදී පහුණු කළේය. වෙන මොන දෙපාර්තමේන්තුවේද එහෙම කරන්නේ? එසේ සිදු වුණේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සෑම නිලධාරියෙක්ම ඉහළ නිලධාරියට වැඩ ගැන වග කිව යුතු නිසාය. ඇමරිකන්කාරය මේ වැඩ බාර ගත්තත් කරන්න වෙන්නේ අපටමයි. සෞදි අරාබියේ සෞදි අැරම්කො ආයතනයේ වැඩකළ අපේ මිනින්දෝරු මහත්වරු ඇමරිකන් මිනින්දොරුවන්ට සමානව දක්ෂයින් බව ඔප්පුකර හමාරය. එමනිසා නොදන්නා දේ මෙතන නොලියන මෙන් ඉල්ලමි.

:       0       1

Bamunuarachchi Saturday, 25 November 2017 12:56 AM

"භූමිය මැනීම සහ සිතියම් ගත කිරීම ඇමෙරිකාව කළොත් ඒක හරියට කරයි." ඔබ භූමිය මැනීම සහ සිතියම් ගත කිරීම ගැන දන්නේ මොන බම්බුවක්ද? අවුරුදු 217ක කාලය තුල මේ රටේ කරපු මහවැලි වැනි විශාල ව්‍යාපෘති කළේ කාගේ භූමිය මැනීම සහ සිතියම් වලින්ද? බෝවතැන්න විශාල උමගවල් පිහිටුවීමට ඇමරිකාවෙන් මිනින්දෝරුවන් ගෙන්වුයේ නැත. ඒවා කලේ මෙරටේ මිනින්දොරුවන්ය. එමනිසා මෙරටට විසාල සේවයක් කල මිනින්දෝරුවන් සහ දෙපාර්තමේන්තුව අපහාසයට ලක්නොකර තමන්ගේ ගොන්කම් ප්‍රදර්ශනය නොකර ඉන්නවා නම් ඔබගේ ඇඟට හොඳයි. අවුරුදු සිය ගාණක් පාවිච්චි කරන අඟලේ සිතියම පිළියෙල කළේ නවීන තාක්ෂණ ක්‍රමයට නොවේ. අදට සංසංදනය කරනවිට බොහොම යල් පැනපු ක්‍රමය කටයි. නමුත් එම සිතියමේ තිබෙන නිරවද්‍යතාවය දන්නේ ඒවා සමග වැඩකරන අය මිස නිකන් දොඩවන ඔබලා වගේ අය නොවෙයි.

:       1       60

Sam Saturday, 25 November 2017 02:30 AM

සුමල් සහ බද්රානිගේ අදහස් නිවැරදියි. චන්ද්‍රිකා සහ ජීපීඑස් තාක්ෂණයෙන් වඩාත් නිවැරදිව අඩු වියදමකින් මෙය කල හැකියි. ඒවා ඩිජිටල් සිතියම්..

:       88       0

සමන්ත Saturday, 25 November 2017 03:58 AM

මෙතන මෙයාලා මේ කොලේ වහලා ගේම ගහන්න හදන්නේ. මේ තරම් කාලයක් මෙයාලා කලේ අර සුද්දෝ ගෙනත් දීපු පරණ උපකරණ ටික තියාගෙන එච්සීපී බෙල්ලාගේ කාලේ කරපු විදිහේ වැඩ. ඒ නිසා අද වෙනකොට මුළු රටේම ඉඩම් පිළිබඳව පවතින්නේ අවුල් සහගත තත්වයක්. කවුදෝ කීවා වගේ අර ගූගල් එකේ සිතියම් නැත්නම් අද අපි අනාතයි. ගමක පාරක්, ලිපිනයක් හොයාගන්න ගියාම විඳින දුකක්. ඒ වගේම ඉඩම් ඔප්පු සහ ලේඛන පරිගණක ගතවෙලත් නෑ. මෙයාලට ඒවාට තාක්ෂණයත් නෑ. ඉරිසියාවේ අඩුවකුත් නෑ. අලුත් ලෝකයේ කාගෙන් හරි ඉගෙන ගන්න ලැබිලා තියෙන අවස්ථාවක් කියලා හිතලා ඒකාබද්ධ වෙලා වැඩ කරන්න. ආයෝජකයෝ එන්නේ එවැනි පැහැදිලි වැඩ කරන රටකට විතරයි.

:       21       86

BamunuarachchiSaturday, 25 November 2017 07:42 AM

මෙතන මිනින්දෝරු දෙපාර්තමේන්තුවට හෝ මිනින්දෝරුවන්ට පක්ෂව ලියවෙන එකම අදහසක් පලවෙන්නේ නැති බවයි පේනේනේ. එහෙම පලකරන්න බැරිනම් මොන බම්බුවකටද අපට අදහස් දාන්න කියන්නේ? මිනින්දෝරු වෘත්තිය ගැන නොදන්නා අයගේ අදහස් ඔහේ දානවා.

:       216       1

sukiri Saturday, 25 November 2017 04:39 AM

ජරාවකුත් කාලා වැඩේ ඇදඇද අවුරුදු ගාණක් තොරොම්බල් කර කර ඉන්න තිබ්බ චාන්ස් එක නැති වුණු එකේ දුක් අඳෝනාව තමයි ඔය ඇහෙන්නේ....

:       120       189

PerakumSaturday, 25 November 2017 09:18 AM

හරියට හරි. දැක්කනේ අර බිම් සවියට අපේ මිනින්දෝරු කට්ටිය කරපු දේ. ඒ ගොල්ලන්ට අඬ අඬා ඉන්න කියලා මේ වැඩේ ඉවරයක් කරලා දාමු.

:       1       95

සුනීතා Saturday, 25 November 2017 07:29 AM

මේක ඉතා හොඳ වැඩක්. මෙතෙක් කල් මේ කළේ වවාගෙන කෑමක්. බිම්සවිය වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ කරන විදිහට ලංකාවේම ඉඩම් බිම්සවිය යටතේ ඔප්පු ලබාදීමට අවුරුදු 150 ක් විතර යනවා. ඒකට හේතුව මිනින්දෝරුවේ ඉඩම් මනින්නේ නැති නිසා. ඉක්මන් කරන්න කියලා දිරිදීමනාත් දුන්නා. හැම කෙනාම කෝටි ගණන් ගත්තා මැනලා තියෙන්නේ ඉඩම් කීයද? මාසෙකට එක් නිලධාරියකු කල යුත්තේ ඉඩම් කැබලි 30 ක් මැනීම පමණයි. ඊට වැඩිය මැන්නම එක් ඉඩම් කැබැල්ලකට රුපියල් 3000 ක් දෙනවලු. එක මාසෙට ඉඩම් කැබලි 150 කට වැඩිය කරනවලු. එතකොට ගාණ කීයද? ඒ මනින ඒවා 50% ට වඩා වැරදියි. ඊට පස්සේ කියනවලු සංශෝධනය කරගන්න කියලා. ඒක කරගන්න ඕනෑ පුද්ගලික මිනින්දෝරුවෙකුට කියලලු. ඒක කරන කෙනා කවුද කියලා මැනපු කෙනාම කියනවලු. පුද්ගලිකවම මැනගන්න රුපියල් 15000 සිට 25000 දක්වා ගන්නවලු. එතකොට කොහොමද බිම්සවිය නොමිලේ දෙනවයි කියන්නේ. එ්කට විසඳුමක් ලෙස තමයි.... ඉතා ඉක්මණින්, නිවැරදිව මනින ක්‍රමවේදයක් අවශ්‍යවෙලා තියෙන්නේ. එ්ක තමයි වගකිව යුතු රජයක් විදිහට පුළුවන් කෙනෙකුට කියලා කරවාගන්න හදන්නේ. කරගන්න පුළුවන් අයට කරන්න දීලා හිටියනම් හරි.

:       1       118

රාජේශ් ඛන්නා ( Sumith Dharmawardana ) Saturday, 25 November 2017 10:13 AM

මෙම වෘත්තීය ගැන කිසිම බැරෑරුම් කමක් දන්නේ නැති අය මොනවා ලියනවද මන්දා? ලංකාවේ උතුරු ප්‍රදේශය නිවැරදිව මනීවිද? සිංහලයන්ට දෙවියන්ගේම පිහිටයි මීට ටික කාලයකට පෙර ලංකාවේ සිටි මැනුම් සම්බන්ධ ඉහළම නිලධාරියා ඇමෙරිකා සමාගමක් ඉදිරිපත් කළ මැනුම් ක්‍රමවල තිබු මායිම් සම්බන්ධ නොගැලපෙන ප්‍රමිතියක් නිසා කෝටි ගණනක් වටිනා ටෙන්ඩරය ප්‍රතික්ෂේප කළා. ඒ සමගම ගහක්, ගලක් වගේ හිටිය ඒ උගත්, නිලධාරියා තම රාජකාරි කාර්යාලයේදීම හදිසියේම මිය ගියා. දැන් සතුටුද?

:       252       12

BamunuarachchiMonday, 27 November 2017 03:15 PM

"මෙම වෘත්තීය ගැන කිසිම බැරෑරුම් කමක් දන්නේ නැති අය මොනවා ලියනවද මන්දා?" මේකේ ලියන කතා මොනවද? ඇමෙරිකන්කාරයෝ හඳට ගිය එක ගැනත් නොදන්නා විවේචන කරන මිනිස්සු ඉන්නකොට...

:       0       0

cham Saturday, 25 November 2017 11:06 AM

ලෝකයේ දියුණු ක්‍රමවලින් ඉඩම් මනිද්දී අපේ රටේ මිනින්දෝරුවෝ සහ නීතිඥයින් ඒ කාලේ ඉඳලම ඒ ක්‍රම ගේනවට විරුද්ධ වුණා. මොකද ඒකෙන් වෙන්නේ ඉඩම් සම්බන්ධ නඩු අවුරුදු ගාණක් ඇදෙන් නැතිව යන එකයි, එකම ඉඩම දෙපාර තුන්පාර මිනින්න වෙන් නැති එකයි. එහෙම වුණොත් අහිංසක මිනිස්සුන්ගෙන්, සල්ලිවලින් තමුන්ගේ සාක්කුව පුරවගන්න බැරි වෙන එකයි වෙන්නේ.

:       0       128

rocky Saturday, 25 November 2017 12:06 PM

මෙතන අදහස් පලකරන වැඩි දෙනෙකුට මේ විෂය ක්ෂේත්‍රය ගැන කිසිම අවබෝධයක් නැති බව පෙනෙනවා. එක අයෙක් කතා කරනවා ඉඩම් ඔප්පු ගැන. මෝඩ මිනිස්සු, ඒවා කොහෙද මිනුම් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්නේ? අපේ මැනුම් දෙපාර්තමේන්තුව තමයි, ඉංග්‍රීසි ආණ්ඩුව මේ රටේ ආරම්භ කරපු පළමුවැනි දෙපාර්තමේන්තුව. රජයේ මිනින්දෝරුවෝ, ඔය ඇමරිකාවේ එංගලන්තේ රටවල මිනින්දොරුවන්ට කිසිසේත් දෙවැනි නැහැ. හුඟක් දෙපාර්තමේන්තුවල ඉන්න සේවකයන් වැඩට දක්ෂ වුණත් අපේ ආණ්ඩු කැමති නැහැ .. ඔවුන්ගෙන් වැඩ ගන්න. පේනවනේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දක්ෂ ඉංජිනේරුවන් ඉද්දි රට ඉංජිනේරුවන්ගෙන් වැඩ ගන්න විදිහ? අපේ මිනිස්සුන්ගෙන් වැඩ ගත්තාම කොමිස් ගහන්න පිල්ලි ගහන්න බැහැ. අන්න ඒකයි හේතුව! ඔය සමහරු කියන විදිහට වඩා හොඳ සේවයක් ලබා ගන්න .. අපේ මේ ඔක්කොම දෙපාර්තමේන්තු රට රටවලට බෙදල දුන්නොත් හොඳට තියේවි නේද?

:       2       53

SAM Sunday, 26 November 2017 02:59 AM

බැදුම්කරේ වගේ තමයි. රනිල්ගේ යාළුවන්ට හැදෙන්ඩ දීපන් බොලන්නේ......

:       0       0

Gammuladeni Sunday, 26 November 2017 08:32 AM

කොළඹ ආවට 1-1000 පරිමාණයට ඇති සිතියම් සියල්ලම මැන ඇත්තේ නෝර්වීජියානු ආධාර ඇතිව අපේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන්. මේ සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව ගුවන් යානාවකුත් තියෙනවා නේද?

:       0       0

BamunuarachchiMonday, 27 November 2017 03:11 PM

ඔව් ඔව් අවුරුදු 200ක කාලයක් මේ රටේ සියළුම මැනුම් කටයුතු කලේ මේ රටේ මිනින්දෝරුවන් නැතුව පිටින් ගේනාවේ නැහැ. මේවා ගැන නොදන්නා අය නොයෙකුත් කතා කියනවා. අපි අහගෙන බලාගෙන ඉන්නවා. "කොළඹ ආවට 1-1000 පරිමාණයට ඇති සිතියම් සියල්ලම මැන ඇත්තේ" කොහෙද හලෝ කොළඹ අවට 1:1000 සිතියමක් තිබෙන්නේ.

:       0       0

Nana Sunday, 26 November 2017 09:42 AM

දක්ෂ අය ලංකාවේ ඉන්න බව ඇත්ත වුණත් වැඩ කරන්නේ හිමිහිට, ඒ වගේම හරි ගණන්. බොරුව රජවෙලා. මේ හැම තැනකම පුද්ගලික අංශයට දුන්නොත් වැඩ ටික ඉක්මනට අඩුවට කරගන්න පුළුවන්. රජය යටතේ තිබීම තමයි ප්‍රධාන ප්‍රශ්නය. ප්‍රිවෙස්ටිශේෂන් ඇර වෙන විකල්පයක් නැහැ. හැම රටක්ම දියුණු වුනේ එහෙම තමා. අපි ආපස්සට යන්නේ මොකටද? අපි මන්කීස්ලා වගේ ජාතියක කියපු එක ඇත්ත නේද?

:       0       0

Bamunuarachchi Monday, 27 November 2017 04:13 PM

"ඒ වගේම හරි ගණන්. " නැතුව මොන එකකටද ලාබෙට කරන්නේ. ඔප්පුවක් ලීවාම ඔප්පුවේ ලියවුනු මුදලින් 1.5% ලෝයර් ගන්නවා. අක්කරයකට රු. 10000000 ඔප්පුවක් ලීවාම ලෝයර් ගන්නවා 150000 ගාස්තු හැටියට මිනින්දූරු ගාස්තු අක්කරයකට නම් රු. 50000 වේවි. ඉතින් ඒක වැඩිද? ප්ලැන් එක නැතුව ඔප්පුවෙන් වැඩකුත් නැත ඔප්පුව නැතිව ප්ලැන තිබිලත් වැඩක් නැත. ඉඩමේ අයිතිය පෙන්වන්න ඔය දෙකම තිබෙන්න ඕනෙය. වෘත්තින් වල ගාස්තු ගැන කතා කිරීමට අනිකයට අයිතියක් නැත. කැමතිනම් මුදල් ගෙවා කර ගන්න බැරිනම් නිකන් ඉන්න.

:       0       0

Bamunuarachchi Monday, 27 November 2017 04:18 PM

"දක්ෂ අය ලංකාවේ ඉන්න බව ඇත්ත වුණත් වැඩ කරන්නේ හිමිහිට," මොකටද හයියෙන් කරන්නේ? මිනිදෝරු ප්ලෑන් එක ඉක්මන් වුණා කියලා අනික් හැමදේම ඉක්මන් වෙනවාද. ලෝයර් ඉක්මනට ඔප්පු ලියනවාද? ඔප්පුව ඉක්මනට රෙජිස්ටාර් වෙනවාද. පගාවක් නැතුව ප්‍රාදේශීය සබාවේ අනුමත වෙනවාද? ඒ අනුමත වෙන්නත් කොපමණ කල් යනවාද?

:       0       0

Bamunuarachchi Monday, 27 November 2017 04:23 PM

"බොරුව රජවෙලා. " මොකක්ද ඒ කතාවේ තේරුම ඔබ සල්ලි දෙනවානම් ඔබේ ඉඩම ඔබට මැන දෙනවා අනික් කෙනාගේ ඉඩම කෑල්ලක් ඔබට මැන දෙන්නේ නැත. ඔබෙන් කෑල්ලක් අනික් කෙනාට දෙන්නෙත් නැත. මනින මිනින්දොරුවා ගන්නෙත් නැත. ඉතින් මොකක්ද "බොරුව රජවෙලා" කියන්නේ

:       0       0

Bamunuarachchi Tuesday, 28 November 2017 03:00 AM

වැඩේ හරියට කරන මිනිහෙකුට දෙන්න එපාය ... වැඩ වර්ජන කර කර ඉඩම් මනිනකොට හද පායාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 475 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 938 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1101 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 630 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 631 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 215 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site