IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රවිනාථ ආර්යසිංහ නැවත විදේශ සේවයට

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා නැවත වරක් විදේශ සේවයට අනුයුක්ත කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ඉකුත්ද‌ා පත් කරනු ලැබීය.

මෙරට විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු ලෙස සැලකෙන රවිනාථ ආර්යසිංහ මහතා මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ, වොෂින්ටන් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස සේවය කළ අතර බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා ලෙසත් ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් කටයුතු කළේය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වශයෙන්ද කටයුතු කළ ආර්යසිංහ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ 74 වැනි මහ මණ්ඩල සැසිය ඇමැතූ අතර ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වයද හෙබවීය.

රාජ්‍යතාන්ත්‍රික වගකීමක් ලැබෙන්නේද යන්න විමසූ අවස්ථාවේදී “මම නම් ඒ ගැන දන්නේ නැහැ. මුකුත් සාකච්ඡා කරලා නැහැ” යැයි රවිනාථ ආර්යසිංහ මහතා පැවැසීය.

රවිනාථ ආර්යසිංහ මහතා ශ්‍රී ලංකා විදේශ සේවයේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ඉතා ඉහළින් පිළිගැනේ.

055

 

 

 



අදහස් (5)

රවිනාථ ආර්යසිංහ නැවත විදේශ සේවයට

අනුර Sunday, 16 August 2020 03:11 PM

අත්දැකීම් බහුල මෙවැනි දක්ෂයන් වයස නොතකා සේවය ලබා ගැනීම ඉතා ඥාණානන්විත ක්‍රියාවකි. ජනාධිපතිතුමනි, ඔබගේ මේ තීරණයට ගරුකරමි..

:       0       0

Karunarathna Gampola. Sunday, 16 August 2020 03:15 PM

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබතුමා විශ්ෂ්ඨ සේවයක් ඉටුකර ඇත. ඊට ගෞරවය පුදදෙන අතර ඉදිරියටත් ඔබතුමාගේ සේවය අප ඉතා ආදරයෙන් අපේක්ෂා කරමු. තෙරුවන් සරණයි..

:       0       0

Prabha Sunday, 16 August 2020 09:01 PM

මේ අපේ රූපවාහිනී සේවයේ හිටපු රවිනාත් ජයසිංහ මහත්තයාද?

:       0       0

de silva Monday, 17 August 2020 07:34 AM

සාමාන්‍යයෙන් අපි තානාපතිවරු ලෙස පත්කරලා යවන්නේ... විශ්‍රාමික දේශපාලකයන්, හමුදා නිලධාරීන්, වයෝවෘද්ධ කලාකරුවන් වැනි පුද්ගලයන්...

:       0       0

Nimal Monday, 17 August 2020 09:24 AM

දුම්මල ගහලාවත් එලවන්න බෑ.... ජනාධිපති තුමාට ජයවේවා... නිවැරදි තීරනයක්.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 187 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 408 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 495 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 311 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 412 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 143 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site