IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රුපියල් මිලියනයක් බැංකු රථගාලේදී මන්ත්‍රීගේ අතටම

මනෝප්‍රිය ගුණසේකර
 
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට අද (24) දැනුම් දුන්නේය.
 

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේදී නොපවසන බවද පැවසීය.
 
රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම  විමර්ශනයේදී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකළ බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.
 
එමෙන්ම ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් රුපියල් මිලියනයක චෙක් පතක් මාරු කොට එම සමාගමේම ප්‍රධාන විධායක නිලධාරීවරයාට බාරදුන් බව මෙන්ඩිස් සමාගමේ සේවකයෙක් රහස් පොලිසිය හමුවේ පිළිගෙන ඇතැයි දැනුම් දුන් යසන්ත කෝදාගොඩ මහතා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම මෙන්ම ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමද එහි මුදල් වෙනත් පුද්ගලයින්ට දීමේ ක්‍රමවේදයක් අනුගමනය කොට ඇතැයිද දැනුම් දුන්නේය.
 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි මාස තුනකට අධික කාලයක් පුරා සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නමැත්තන් ලබන මස 07 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (24) නියම කළාය. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශ්වයන් විසින් ලබාදී තිබේද යන්න සම්බන්ධයනේ විමර්ශනයක් සිදුකරන ලෙසට මහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනිදා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණීල්ලකට අනුව රහස් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.



අදහස් (11)

රුපියල් මිලියනයක් බැංකු රථගාලේදී මන්ත්‍රීගේ අතටම

de silva Thursday, 24 May 2018 02:08 PM

නඩු කටයුත්ත ඉවර වෙනකම් ඇප එහෙම දෙන්න එපා , අැප දුන්නොත් මේ ගොල්ල සිංගප්පුරුවට පනිනවා ඊට පස්සේ අල්ලලා බොරු

:       0       8

rasika Thursday, 24 May 2018 02:18 PM

ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් නිසාද නම එලියට දන්නේ නැත්තේ. දැන් පේනවනේ කවුද හොරු කියල.. තවත් ජනතාව රවටන්න එපා. මේ ආණ්ඩුව අසර්ථකයි. හොරු අල්ලනවා කියල හොරකන් කලා. ආර්ථිකය ගොඩ ගන්නවා කියල .. ආර්ථිකය සම්පුර්ණයෙන්ම විනාශ කලා. රාජපක්ෂ ආණ්ඩුව රට චීන කොලනියක් කරනවා කියල , මේ ආණ්ඩුව ඔක්කොම චීනෙට විකුණුව. වොක්සවගන් ගේනවා කියල බොරු කිව්වා.. ඔක්කොම බොරු. පොර්ට් සිටි නවත්වනවා කියල බොරු කිව්වා. හම්බන්තොට වාරයේ ගලක් කියල බොරු කිව්වා. මත්තල වී දැම්ම. දැන් මංගල අයෙත් බොරුවම කියන්න පටන් අරන්.

:       72       66

Ruwan Thursday, 24 May 2018 02:32 PM

කරුණාකරලා මන්ත්‍රී ගේ නමත් කියන්න.

:       0       19

PubudhuFriday, 25 May 2018 04:22 AM

සුද්දවන්ත දයාසිරි ?

:       0       12

ranjith Thursday, 24 May 2018 02:42 PM

නම නොකියන හින්ද ඔක්කොම මන්ත්‍රිලා සැක කරන්න වෙනවා. එම නිසා වරද කරු හෙළි කර අන් අයගේ ගරුත්වය අරක්ෂ කළ යුතුය

:       0       21

සෙනෙවි Thursday, 24 May 2018 02:48 PM

හනේ කාට කියන්න ද? ම දැයි හැට දෙලක්ෂයක බලාපොරො‍ත්‍තු ගම්මන්පිල මහත්තයෝ ඕන එකක් කියන්න අහගෙන ඉන්නම්

:       31       11

prabha Thursday, 24 May 2018 03:43 PM

මැදවච්චියේ ගිය මන්ත්‍රීතුමා වෙන්න ඇති

:       0       0

parakkrama Thursday, 24 May 2018 03:50 PM

හරි, තවත් මාස ගණනක් කතා කරන්න , කතා මවන්න තවත් පොටක් පෑදිලා වගෙයි.

:       1       0

Saman Friday, 25 May 2018 01:09 AM

ඕක ඉතින් දැන් රහසක් නෙවෙයිනෙ, අර සුදු ඇදගෙන එලියට ගිය 16 දෙනාගෙන් කෙනෙක්නෙ.

:       0       14

නිර්මාණ Friday, 25 May 2018 02:29 AM

දයාසිරි ජයසේකර

:       0       11

kalani Friday, 25 May 2018 05:21 AM

ගරු අධිකරණය කරුණු නිවැරදිව පවසන තුරු පුද්ගල අපහාස කිරීම නුසුදුසුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 58 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 151 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 203 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 189 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 306 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 103 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site