IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රත්තරං සෙවූ පිරිසක් අත්අඩංගුවට

බිමල් ශාමන් ජයසිංහ
 
යුද සමයේ  උතුරු නැගෙනහිර වල දමන ලදැයි කියන රත්තරං තොගයක් සොයා අඟුරුවාතොට අකුරුකරවිට ප්‍රදේශයේ ඉඩමක කැනිම් කළ  දොඩංගොඩ හමුදා කඳවුරේ සෙබලුන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.
 
නාදුනන පුද්ගලයින් කිහිප දෙනෙකු වෑන් රථයකින් පැමිණ අකුරු කරවිට ප්‍රදේශයේ ඉඩමක කැනිම් කරන බවට පොලිසියට ලැබුන තොරතුරක් මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ වෑන් රථයක් හා ඉඩම හෑරීමට ගත් භාණ්ඩ කිහිපයක්ද සොයා ගෙන තිබේ.



අදහස් (6)

රත්තරං සෙවූ පිරිසක් අත්අඩංගුවට

සංජීව Wednesday, 06 December 2017 07:01 PM

මොන අපභ්‍රංශයක්ද ඒ..? එතකොට අඟුරුවාතොට අයත් කළුතර දිස්ත්‍රික්කයත් අයිති උතුරට හෝ නැගෙනහිරටද..? හපොයි මේ අලුත් සීමානිර්නෙන් කරල තියෙන හරියක්..

:       0       23

VIpula Thursday, 07 December 2017 03:32 AM

උතුරු නැගෙනහිරලු... අඟුරුවාතොටලු... අකුරු කරවිට ලු මට නම් තේරෙන්නේ නෑ.

:       0       18

P.M.T.Perera Thursday, 07 December 2017 03:51 AM

මේ කතාව තනිකරම පොලිසියෙන් ගොතපු බොරුවක්. ලකුණු දමාගැනීමට වැඩ බැරී නිලධාරීන්ගේ විහිළු වැඩක්.

:       0       15

samThursday, 07 December 2017 06:33 AM

පෙරේරා, පොලිසිය දවල් හීනයක් දැක්කා කියලා තමයි උසාවියට චෝදනා ගොනු කරන්න වෙන්නේ... නාඳුනන පුද්ගලයෝ කියලා කොට්ටාශයක් නීතියේ නැහැ. කිසිම පුරාවිද්‍යාත්මක හෝ භූගත (මැණික් වැනි) සම්පත් ඇතැයි නොසැලකෙන තැනක වලක් හෑරීම වරදක් වෙන්නේ කුමන වගන්තිය යටතේද කියා ඇසුවාම, අර මම ඉහතින් කියාපු කාරණය තමයි කියන්න වෙන්නේ...

:       0       9

Lapaya Thursday, 07 December 2017 06:27 AM

ඔයිට ඉස්සෙල්ලා යහපාලන ආණ්ඩුවෙන්ම කොච්චර ඉඩම් හෑරුවාද හංගපු රත්තරන් හොයලා? වහපු නාන තටාක පවා ගොඩ දාලා බැලුවේ. දැන් මිනිස්සුන්ට ඒවා අමතකයි. හැබැයි හම්බ වෙච්ච දෙයක් නැහැ.

:       0       7

Sanath Thursday, 07 December 2017 08:12 AM

අඟුරුවාතොට තියෙන්නේ උතුරෙද​? නැගෙනහිරද​? දන්නේ නැති නිසා අහන්නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 299 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 633 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 763 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 425 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 494 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 175 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site