IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් පස් දෙනාගේ පෙත්සම කල් යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ ශිෂ්‍යයින් පස් දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බ්ර් 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.

නේවාසිකාගාරයක් තුළ බුද්ධ ප‍්‍රතිමාවක් සහිත බුදු කුටියක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට එම විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිම් කඩ වන බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනු කර  තිබේ.

මෙම පෙත්සම සිසිර ද ආබෘ , ප‍්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම කල් තැබිණි.

පෙත්සම කැඳවු අවස්ථාවේදී දෙවැනි වගඋත්තරකාර  යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී.මංගලේෂ්වරන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පෙත්සම සලකා බලන දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් පෙත්සමේ වගඋත්තරකරුවන්ට යළිත් නොතීසි දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දෙන ලදී.

එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වී.එස්.ඞී.එදිරිසිංහ , වී.ඒ.කසුන් ගයාන් , කේ.එම්.ජී.එස් උයද කුමාර , එස්.උදය ප‍්‍රසාත් සහ කේ.කේ.කේ.එස්.කන්නන්ගර නැමති සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් , යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී.මංගලේෂ්වරන් , විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති , උසස් අධ්‍යාපන අමාත්‍යවරයා , නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුද්ධ ප‍්‍රතිමාවක් සහිත බුදු කුටියක් තැන්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉකුත් ජනවාරි මස සූදානම් වූ බවයි.

මේ සම්බන්ධයෙන් එම  විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව වෙතින් කිසිදු විරෝධයක් එල්ල නොවූ බවද සඳහන් කරන පෙත්සම්කරුවන් එහෙත් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ල කොට තමන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම  තහනම් කර ඇති බවද පෙත්සමින් කියා සිටිති.

මේ හේතුවෙන් තමන්ට විශ්ව විද්‍යාලය තුළ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව පෙත්සම්කාර ශිෂ්‍යයන් සිය පෙත්සමින් පෙන්වා දේ.එහෙත් විශ්ව විද්‍යාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන මහවිරු සැමරුම් ඇතුළු සැමරුම් ගණනාවක් බාධාවකින් තොරව පැවැත්වීමට ඉඩ ලබා දී තිබූ බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගත් මෙම තීරණය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන  ඕනෑම ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට විශ්ව විද්‍යාලය තුළට ඇතුළු වී අධ්‍යාපන කටයුතු හැදෑරීමට මෙන්ම විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (1)

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් පස් දෙනාගේ පෙත්සම කල් යයි

Thiwa Wednesday, 10 October 2018 02:50 PM

මේ යහපාලනයයි සහෝදරයා....

:       35       132

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 26 30 0

ඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය වී එම තත්වය වේගවත් වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම්


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 216 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 92 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 279 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 649 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1262 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site