IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


යුක්තියේ පමාව ගැන ජිනීවා නුවරදී මැසිවිලි

හර්ෂණ තුෂාර සිල්වා

සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති මන්දාගාමී ප්‍රගතිය කනගාටුදායක යැයි මානව හිමිකම් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් කේට් ගිල්මෝර් අද (21) ප්‍රකාශ කළාය. 

එසේ වුවත් මානව හිමිකම් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය හා අඛණ්ඩව සම්බන්ධ වෙමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ යුතු යැයි ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය කීවාය.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන ලද ලිඛිත වාර්තාව සභාවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එම කරුණු කීවාය. 

ලබන වසරේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට පෙර ශ්‍රී ලංකාවට සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණය සම්බන්ධයෙන් වන න්‍යාය පත්‍රයේ කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත්දැයි යන්න සැක සහිත බව ද ඇයි මෙහිදි කීවාය. 

කේට් ගිල්මෝර් මෙසේ ද පැවැසුවාය.

“අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සාමාජිකයන් පත් කිරීමට පනත සම්මත වී මාස 20කට ආසන්න කාලයක් ගත වුණා. එය කනගාටුවට කරුණක්. හමුදාව යටතේ තිබූ ඉඩම් නැවත ලබාදීමේදී ද ශ්‍රී ලංකා රජය පෙන්වා ඇත්තේ මන්දගාමී ප්‍රගතියක්. අල්ලාගත් ඉඩම් නැවත ලබාදීමට නොහැකි වුවහොත් විශ්වාසය ගොඩනගන්න බැහැ. ආරක්ෂක හේතු මත හමුදාව යටතේ තිබෙන ඉඩම්වලට සාධාරණ වන්දි මුදලක් ගෙවිය යුතුයි. ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා.

 මහනුවරදී මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් දියත් වූ ප්‍රචණ්ඩත්වය සහ දින 12ක කාලයක් පැවැති හදිසි නීතිය සම්බන්ධයෙන් අපි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සුළු ආගමික හා සුළු ජන කොටස් ඉලක්ක කරගනිමින් කෙරෙන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ද අපි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් අපි දැඩි ලෙස කනගාටුවට පත්වෙනවා.  මේ නිසා එම කරුණු මෙන්ම ශ්‍රී ලංකාව තුළ වගවීම හා සංහිඳියාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කවුන්සිලය දැනට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි”  ද ඇය   ප්‍රකාශ කළාය. 

මෙහිදි ශ්‍රී ලංකාවට අමතරව බුරුන්ඩි, කොලොම්බියාව, සයිප්‍රසය, ගෝතමාලාව, හොන්ඩුරාස් සහ ඉරානය යන රටවල් සම්බන්ධයෙන් ද ලිඛිත වාර්තා ඉදිරිපත් කරන ලදි. 

ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත වාර්තාව පහත සබැඳියෙන්..

http://daccess-ods.un.org/access.nsf/Get?Open&DS=A/HRC/37/17&Lang=E



අදහස් (5)

යුක්තියේ පමාව ගැන ජිනීවා නුවරදී මැසිවිලි

Namal Thursday, 22 March 2018 01:51 AM

ඇයි නෝනේ අපි සිංහලයන් මිනිස්සු බව දන්නේ නැද්ද ? අවුරුදු 35 කොටි අපිව මරද්දී පුච්චද්දී, එලවද්දී, ඔය වගකීම් ඔබල යෙදෙව්වද ? වචනයක් කිව්වද කොටින්ට ? Hypocrisy කියල ඔයාලගේ භාෂාවේ වචනයක් තියෙනවා නේද ? ඇයි මේ discrimination against Sinhalese ?

:       1       115

ChandimaThursday, 22 March 2018 06:55 AM

වෙලා තියෙන්නේ මේකනේ. වෙන රටක නියෝජනය කරන මිනිස්සු නම් තමන්ගේ රට වෙනුවෙන් උපරිමය කතා කරනවා. මේ අය මොනාවක් වත් කරන්නේ කියන්නේ නැතුව ඔහේ නිදි කිර කිරා ඉඳල කියන දෙයක් අහගෙන ඉඳල හා එහෙමයි එහෙමයි කියල සවාරි ගහල එනවා ඇති.

:       0       61

Harindra000 Thursday, 22 March 2018 05:01 AM

අල්ලාගත් ඉඩම් .......

:       0       30

Chandima Thursday, 22 March 2018 07:19 AM

ඔය අතුරුදන් වුන කියල කියන බොහෝ දෙනෙක් කොටි සංවිධානේ එක්ක එකතුවෙලා යුද්දෙට ගිහින් එතනදී මැරිලා විනාශ වෙලා ගිය අය. ඒවාට වග කියන්න ඕනි කොටි. ඉතින් අපි ඒ ගොල්ලෝ ගැන වග වෙන්න ඕනි නැහැ. ඒවාට අපිට කරන්න දෙයක් නැහැ කියල කියන්නයි ඕනි. කොහෙද ඉතින් අපේ අය ඒවත් ඔලුවේ දාගන්නවා.

:       1       54

කොබා Thursday, 22 March 2018 10:32 AM

යුද්ධය ඉවර වෙලා අවුරුදු 10ක් වෙනවා, එත් යුද්ධය ඇතිවන්න හේතු වුනු කාරනා වලට විසඳුමක් ලැබිල නැහැ, යුද්ධයේ සිරකරුවන් නඩු නැතිව ඉන්නවා, හරි නම් යුද්ධය අවසන් වූ විගසම සංහිඳියා කොමිසමක් පත් කරලා ගැටළු විසඳා ගත්තා නම් අද කිසි කෙනෙක් ඇඟිලි ගසන්නේ වත් විසඳන්න බලපෑම් කරන්නෙත් නැහැ, දෙමළ ජනයා මිලියනයක පමණ පිරිසක් ඉන්නේ විදේශයන් වල. ඒ විතරක් නෙවේ තමිල්නාඩු දෙමළ ජනයා ආදීන්ද බැලුවම දෙමළ ඩයස්පෝරාව ඉතා බලවත්, ඉතින් අපේ රටට ලොකු පීඩනයක් දෙන්න ඔවුන්ට පුළුවන්. අපි තේරුම් ගත යුතුයි අපි ජීවත් වන කුඩා දූපත කියන්නේ ලෝකය නොවන බව, අනෙත් දෙය දෙමළ ජනයා වසර 30 මුළුල්ලේ පරදින යුද්ධයක් වෙනුවෙන් සහයෝගය දුන්නේ යුද්ධ කරන්න තියෙන ආශාව නිසා නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 666 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1238 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1436 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 796 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 756 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 244 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site