IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


මහබැංකු අධිපතිගෙන් වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම කල් යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මහබැංකු අධිපතිගෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් සහ එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා  ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, අර්ජුන් ඇලෝෂියස්  ඇතුළු පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(26) තීන්දු කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඊට වන්දි වශයෙන් මෙම වන්දිය ඉල්ලා තිබිණි.
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් මහතා ,අනිල් ගුණරත්න  සහ නලින් පෙරේරා   යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එස්.පර්තලිංගම් මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කාර සමාගම් හි ගනුදෙනු සීමා කිරීමට අමතරව ඉකුත් 17 වැනිදා සිට ප‍්‍රාථමික ගැනුම්කරුවන් ලෙස කටයුතු කිරීමේ බලපත‍්‍රයද මේ වන විට අත්හිටුවා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ගැනීමට තවදුරටත් කල් ලබා දෙන ලෙසය. එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම කල් තැබීය.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින්,එහි නියෝජ්‍ය අධිපතිවරුන්, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පරීක්ෂක ඩබ්ලිව්.එන්.එස් ප‍්‍රනාන්දු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
 



අදහස් (0)

මහබැංකු අධිපතිගෙන් වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම කල් යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 0 0

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 188 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 95 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 3233 6

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
2024 මැයි මස 08 1273 2

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ


ඩයනාගේ මන්ත්‍රී පුටුව මුජිබර්ට
2024 මැයි මස 08 2424 7

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site