IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහින්ද - මෛත්‍රී එකම මේසයේ

පසමිතුරන් ලෙසින් දෙපසට වී එකිනෙකාට දොස් පවරමින් සිටියද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් එකම මේසයේ එකළඟ අසුන්ගෙන සිටියහ.

රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයේදී විවාහයේ සාක්‍ෂිකරුවන් ලෙසින් අත්සන් කළේද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. 

පසඳ යාපා අබේවර්ධන මහතාගේ අතගත් මනාළිය වූ ජනාසි මල්ලිමාරච්චි මෙනවිය ජනක මල්ලිමාරච්චිගේ දියණිය වේ. 



අදහස් (17)

මහින්ද - මෛත්‍රී එකම මේසයේ

Prase Thursday, 07 December 2017 11:25 AM

කව්රුන් හෝ කිව්වොත් මම ඔබට වෛර කරනවා කියා... කව්රුන් හෝ කිව්වොත් මම ඔබට ආදරය කරනවා කියා... එතකොට කවුද පරාද?

:       1       19

kumara Thursday, 07 December 2017 11:47 AM

කොහොමත් රටේ ජනතාව දන්නවා රවටන්නේ ඒ ගොල්ලොමයි, අපිමයි කියලා.

:       0       170

neelaFriday, 08 December 2017 01:53 AM

මේ අය කවුරුත් එකයි. ජිවන වියදමේබර කාටවත් දැනෙන්නේ නැහැ. රට යනවා. හොඳට මඟුල් කනවා. සුපිරි වාහන වල යනවා. දෙපැත්තට බෙදිලා.......ගෙවල් අස්සෙත් නෝනා මහත්තයා පවා රන්ඩු වෙන්නේ දේශපාලනය වෙනුවෙන්. අපිට දැන් ඕනේ මේ දෙගොල්ලන්ගේ උජාරුව බලන්නවත් රට හොර ගුහාවක් කරන්න වත් නෙමෙයි. කරපු හොරකම් අල්ලලා දඩුවම් දිලා ඒවා නැවත අය කරගෙන, නැවත හොරකම් කරන්න කවුරුහඑි හිතන් ඉන්න වනම් ඒ සිතිවිල්ල පවා බියජනකයි කියලා හැගෙවෙන විධියට රට කරවන උගත් සහ හයියක් ඇති පිරිසක් රටේ නායකයන් ලෙස පත්කරගැනීමයි.

:       0       104

Upali Thursday, 07 December 2017 11:49 AM

ජනතාව කෙතරම් මුලා වී සිටියත් මේ ගොල්ලෝ එකම ඥාති මිත‍්‍රාදීන්නේ...

:       0       378

පිටිගල මිලානෝ Thursday, 07 December 2017 12:25 PM

මහින්ද කියනවා වගේ මෛත්‍රී යහපාලනයෙන් තරහ වෙලා එන්නෙත් නැහැ. මහින්ද-මෛත්‍රි එකතු වුණත් මෛත්‍රි ජනාධිපති කවදාවත් මහින්දට නම් අගමැතිකම දෙන්නෙත් නැහැ. දුන්නොත් වෙන්නේ තමා තණ අග රැඳි පිනිබිඳුවක් වීමයි. ඒ නිසා තවමත් කවුරු කවුරු එක මෙසේ වාඩි වුණත්, අපේ ජනාධිපති අපි බලාගන්නම් කියලා ඔළුව අත ගෑවත් තවමත් රනිල් බලවත්...

:       1133       1236

Raveendra Thursday, 07 December 2017 12:47 PM

විරසක වුණත් අප දෙදෙනා මෑතකදී... ඡන්දය ලඟනිසා මිතුදම ගැන සටන් වදී.. " මක්කා" වුනත් නිල් අතදී මතවාදී.. හිතුනා "කොහු අඹ" යාලුවෙක් වන්නට මෑතකදී..

:       0       459

athula Thursday, 07 December 2017 02:08 PM

මේ දෙගොල්ලම ඔහොම තමයි. ඒ ගොල්ලෝ එකට කනවා බොනවා අපට කොකා පෙන්වන්න. එළියේ මරා ගන්නවා. කෝ ජේවීපී එකේ කවුරුත් මෙතන ඉන්නවද? එයා ඒ ගොල්ලන්ට මේවා නොකියන්නේ එයාලගේ පන්තියේ නොවන නිසා. මේ සරල කරණය වැටහුනා නම් දිනකට මේ සෙල්ලම ඉවරයි.

:       1       243

sachithFriday, 08 December 2017 02:51 AM

අතුල, ඔයාගේ අදහස් දැක්වීම තේරුම් ගන්න බෑ අපේ ඇති බහුතරයකට, තේරුනත් එක පිළිගන්න සුදානම් නෑ. හැමදාම මේවගේ අවස්ථාවාදී දේශපාලනයට රැවටිලා ඉන්නවා. උන් කති බොති , ජනතාව හැමදාම ලේවකති.

:       0       113

Aka elle Thursday, 07 December 2017 03:55 PM

මේ ඔක්කොම දේශපාලක හොරු රැළ නිසා තමයි.

:       0       833

Sarath ra Thursday, 07 December 2017 04:15 PM

දේශපාලන ලෝකයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත.

:       0       93

wasantha Thursday, 07 December 2017 06:07 PM

පැහැපත් මූණක් නම් පේන්නේ නැහැ.

:       0       0

Chitra Siri Thursday, 07 December 2017 09:41 PM

ශ්‍රිලනිප නිලනායකත්වය නැතිව වුවද දේශපාලන ගමනක් යෑමට ඇති හැකියාව මහින්ද විසින් පෙන්වා දී තිබේ. මේ රටේ සියල්ලම දන්නා, සිරිසේනත් හොඳින් දන්නා තිත්ත ඇත්ත නම් ශ්‍රීලනිපයේ ඡන්ද පදනම තිබෙන්නේ මහින්ද අතේ බවය. තනියම තරඟ කිරීමෙන් ලැබීමට නියමිත පරාජය විසින් තම පැවැත්ම නිශේධනය වනු ඇතැයි සිරිසේන නිවැරදි ලෙස අනුමාන කර ඇත. ස්වකීය පැවැත්මක් ගැන ඔහුට කිසිදු ආකාරයක දැක්මක් හෝ ශක්තියක් නොමැත. මයික් එකක් ඉදිරියේ පසුගාමී කතා කීමෙන් එහාට ගිය දේශපාලන දැක්මක්ද නැත. දීර්ඝ කාලීන ඉලක්කයක් ඔස්සේ ඉවසීමෙන් ක්‍රියාකිරීමේ පරිචයක්ද නැත. බාල ගනයේ ජනප්‍රියත්වය උදෙසා තම පදවිය අවභාවිතයේ යොදවන මේ මිනිසා විවේචනය ඉදිරියේ වියරු වැටෙයි. තමන් කොපමණ ආකාරයේ හිස් මිනිසෙක්දැයි සිරිසේන මේ දක්වා මොනවට ඔප්පු කරමින් සිටී.

:       1       119

kanada disa Friday, 08 December 2017 01:57 AM

මේ සියල්ල යට තියෙන්නේ මහින්ද ගේ අධි බල තණ්හාවයි .

:       678       4

Shan Friday, 08 December 2017 07:21 AM

මුන් බඳින්නෙත් බලය වැඩි කරගන්නම තමයි.

:       0       1

Muhan Friday, 08 December 2017 08:40 AM

පොදු ජනතාවට කිසි පලක් නැති නිව්ස් එකක්...

:       0       1

senaFriday, 08 December 2017 08:56 AM

එහෙමම කියන්න බැහැ - දැන් ලක්ෂ 62 ටම තේරිලා ඇතිනේ කාටද රැවටුනේ කියලා.

:       0       114

Lakvidu Friday, 08 December 2017 12:42 PM

මහජනතාව මේසේ යට...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 62 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 107 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 200 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 473 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 637 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 252 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site