IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුව මස් හොද්දකට 20,000 ක දඩයක්

(එම්. කේ. නන්දසේන )

යාල යෝධකණ්ඩිය වුද්දකන්දර ප්‍රදේශයේ නිවසක් වැටලූ වනජීවී නිලධාරීහු පිසමින් තිබූ මුවමස් කිලෝග්‍රෑම් දෙකක ප්‍රමාණයේ මස් හොද්දක් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවිමෙන්පසුු වරද පිළිගත් සැකකරුවෙකුට රුපියල් 20, 000 ක දඩ මුදලක් ගෙවනලෙස දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද (21) නියෝග කළාය.

මෙ  දඩ මුදලෙන් රුපියල් 5000 ක මුදලක් එම අවස්ථාවේදීම ගෙවූ මොහු ඉතිරි මුදල් වාරික දෙකකින් ගෙවීමට ඉල්ලා සිටි හෙයින් අධිකරණය ඒ සඳහා අවසර ලබා දුන්නේය

මෙලෙස දඩ මුදල් ගෙවීමට සිදුවූවෙි යෝධකණ්ඩිය, වුද්දකන්දර, සමිපතගම ලිපිනයේ පදංචි එචි.ඒ.සුරංග ජනානන්ද නැමති අයෙකුටය.

මෙම පුද්ගලයා සෆාරි ජීප් රථ රියදුරකු බව වනජීවී නිලධාරීහු කියයි.

මුවමස් ලබාගත් ආකාරය පිළිබඳව මෙම පුද්ගලයාගෙන් වනජීවී නිලධාරීහු ප්‍රශ්න කර ඇතැත් පැහැදිලි තොරතුරක් ලබාදී නැතැයිද කියති.

යාලජාතික වනෝද්‍යානයේ වැඩ බලන උද්‍යානය භාර නිලධාරි ඩී.එමි. අජිත් වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත බැඹව වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි සහකාර ජේ.ඒ. පියසේන මහතාගේ මෙහෙයවීම යටතේ වන සත්ව නියාමක වරැන්වන කේ.කේ. එන්.සී රණසිංහ, එචි. අනස්දීන්, ක්ෂේත්‍ර සහායකවරුන් වන ඒ.පී.ගයාන් සුරංග, එස්. රුහුණු රංජිත් රියදුරු විකුමි ධනංජය යන නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.



අදහස් (4)

මුව මස් හොද්දකට 20,000 ක දඩයක්

Pathum Thursday, 21 May 2020 12:06 PM

මිනිස්සු මුවමස්වලට පුදුම කෑදරකමක්නේ තියෙන්නේ...

:       0       10

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 12:15 PM

යස දඬුවම... වන සතුන්ව පෙන්වා මුදල් උපයන මොවුන් ඒ සතුන්වම මරාගෙන කනවා. මෙහෙමත් තිරිසනුන්. අනේ මන්දා.

:       0       131

තේනුවර Thursday, 21 May 2020 12:55 PM

ඇත්තම කිව්වොත් මුවෝ, වල්ඌරෝ, හාවෝ, මොනරු වගේ සතුන්ගේ ගහනය ඉතාම වැඩියි දැන්. ලංකාවේ වගා කරන බෝගවලින් සියයට 40ක් විනාශ කරනවා මේ සතුන්... බස්නාහිර පළාතේ පවා නගරබදට කිට්ටු වන්න මුව රංචු බෝවී සිටිනවා. මිට වසර 20කට වගේ කලින් මා වගා කරපු ඉඩම් බොහෝමයක් දැන් අත්හැර දමා තිබෙන්නේ මේ සතුන්ගෙන් බේරා ගැනීමට නොහැකි නිසා. යම්කිසි ආකාරයකට මේ සතුන්ගේ බෝවීම පාලනයකට ගියේ නැතිනම් වගාසංග්‍රාම කියලා පටන් ගන්නා ඔක්කොම අසාර්ථක වෙනවා...

:       288       0

Denuwara Thursday, 21 May 2020 02:00 PM

තේනුවර මහත්තයෝ, සොබාදහමට විරුද්ධව ලෝකයා පාලනය කරන්න ගිහින් සිදුවෙලා තියෙන දේ පෙනෙනවා නේද? ගස්කොළන් කැපීම, පස්කැපීම්, කළුගල් කැඩීම , වැලි කැපීම... මේවා අපේ සොබාදහමට අයිති දේවල්... ඉතින් තිරිසන් සතුන්ගේ නිජභූමි අපේ ජනතාව අයිතිකරගෙන... ඒ සත්තු මරාගෙන කන එක හරිද?

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 87 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 224 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 263 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 218 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 324 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 116 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site