IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාර්ග 5කින් කොළඹට එති

 


(ශිරාන් රණසිංහ)


විරෝධතාවට සහභාගී වන පිරිස මේ වනවිට කොළඹ, මහනුවර, මීගමු පාර, බොරැල්ල, මරදාන, ටවුන්හෝල් ඔස්සේ මාර්ග පහක් හරහා කොළඹ නගරයට සමීප වෙමින් සිටිති.


දැනටමත් බස් රථවලින් පැමිණෙන පිරිස බස් රථ නවතා ඉන් බැස ගිමන් හරිමින් සිටින අතර සවස 3.00 පමණ වනවිට විරෝධතා පෙළපාළි ආරම්භ කළ හැකි බව සංවිධායකයෝ පවසති.


ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 15 දෙනා ද මෙම විරෝධතාවයට එක්වීම  සඳහා ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතාව රැගෙන කොළඹට ළඟා වෙමින් සිටිති.


සතර දෙසින් කොළඹ ලේක්හවුස් වටරවුම අසළට විරෝධතා පෙළපාළි වලින් පැමිණීමට දැනට සැලසුම් කර ඇත.


විරෝධතාකරුවන් පැමිණෙන බස්රථ ගාල් කර තැබීමට ස්ථාන වෙන්කර නොමැති බැවින් දැනටමත් කොළඹ මාර්ගවල එම බස්රථ නවතා තබා ඇති අයුරු ද දක්නට ලැබේ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ දී විරෝධතා පෙළපාලියට එක්වීමට නියමිතය.


මේ වනවිට වරු නිවාඩු ලබාගෙන ඇතැම් අය නිවෙස් බලා පිටත්ව යන අතර එලෙස වරු නිවාඩු දැමූ තවත් පිරිසක් විරෝධතා ආරම්භ වනතුරු මාර්ග අසළ රැඳී සිටිනා අයුරු ද දක්නට ලැබේ.


පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සීරුවෙන් තබා ඇති අතර කඳුළු ගෑස් හා කැරලි මර්දන පොලිසිය ද ස්ථානගත කර ඇතැයි ආරක්ෂක අංශ කියා සිටී.


විරෝධතා පෙළපාළිය ආරම්භ වූ පසු ඊළඟ සැලසුම් ක්‍රියාවට නංවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම අවසන් මොහොතේ දී කාටත් දැක බලාගත හැකි වනු ඇති බවත් විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන පිරිස කියා සිටිති.



අදහස් (3)

මාර්ග 5කින් කොළඹට එති

shanaka Wednesday, 05 September 2018 09:37 AM

මේ අදහස් දක්වන පිරිස එජාපයට කඩේ යන පිරිසක් මොකද විපක්ෂයේ කට්ටිය ජන බලයට ගිහින් සැබවින්ම මේ ආණ්ඩුව ජනතවට එපා වී ඇත...... එහෙත් ඡන්ද නොතියන නිසා ඔවුන්ට කිසිවක් කරගත නොහෙකි වී ඇත.....

:       3       106

Nandalal DE SILVA - France Wednesday, 05 September 2018 10:14 AM

විරෝධතා පෙළපාළිය ආරම්භ වූ පසු ඊළඟ සැලසුම් ක්‍රියාවට නංවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම අවසන් මොහොතේ දී කාටත් දැක බලාගත හැකි වනු ඇති බවත් විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන පිරිස කියා සිටිති. ඒ කියන්නේ තාම ගඩොල්, ගල්, යකඩ බට, වැලි බෝතල්, පැට්‍රල් බෝම්බ ආදිය හංගලා තියෙන්නේ ආපු බස්වල කියන එකද...."වහෙන් ඔරෝ" භාෂාවෙන් ? දැනට තිබෙන ඒකාබද්ද සන්ධාන විස්තරේ හැටියට, මහින්දගේ ඔඩොක්කුවේ ඉන්නේ ගෝඨා සහ ඔටුනු පැළඳීමට සිටින නාමල් බේබි පමණක් වගෙයි. පවුලේ අනෙක් රාජපක්ෂලා දොරට තට්ටු කරමින් එළියේ ඉන්නවා වගෙයි. හදිසි වෙන්න එපා වෙලාව ආවම ඔක්කොම හරි යාවි !!!!

:       48       80

සුරංග Wednesday, 05 September 2018 10:41 AM

අවසානයේ දී ආණ්ඩුවට විරුද්ධ ගොපල්ලන් පිරිස ජනතාව පීඩාවට පත් කර, සතුටින් තමන්ගේ බෙන්ස් රථයෙන් ද, ඔවුන් දැක්කා ගෙන ආ පිරිස අධි සුඛෝපභෝගී ලේලන්ඩ් බස් එකෙන් හා දුම්රියෙන් ද හෙට අලුත් ආණ්ඩුව දිවුරුම් දෙයි කියා සිතමින් ගෙවල් බලා විසිර ගියහ.

:       29       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 57 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 277 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 629 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 469 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 491 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1134 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site