IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්නැයි ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකුගෙන්ම වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බවට සඳහන් දිවුරුම් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට  පැෆරල් සංවිධානය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විශාල කතිකාවතක්  හා සැකයක් සමාජය තුළ ජනිත වී ඇති බැවින් එම ක‍්‍රියාමාර්ගය කඩිනමින් ගන්නා ලෙසද කථානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

යම් ආකාරයකට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් තම ද්විත්ව පුරවැසිභාවය හෙළි නොකරන්නේ නම් එය ජනතාව රැවටීමක් බවත්  මේ පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.



අදහස් (8)

මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්නැයි ඉල්ලයි

mahinda Thursday, 09 November 2017 10:24 AM

අන්න හරි. මන්ත්‍රීන්ගේ අවංකකම ඔප්පු කරලා පෙන්නන්න

:       0       42

Prase Thursday, 09 November 2017 01:03 PM

ඉතා හොඳයි.

:       0       44

Nandalal DE SILVA - France Thursday, 09 November 2017 01:07 PM

දිවුරුම් දීල මැතිසබේට ඇතුල්වෙන අයගෙන් තවත් "දිවුරුම් ප්‍රකාශයක් " ගැනීම හාස්‍යයට කරුණක් නොවේද ? මෙහෙම ඇතුල් වෙන සමහර අය ගහන්නේ පොලොව පැලෙන බොරු බව ඡන්ද දායකයන් නොදන්නවාද ? ඇත්තෙන්ම ඔවුන් ඒ ගැන දන්නවා !!! එය ජනතාව රැවටීමක් බව අමුතුවෙන් කිව යුතුත් නැහැ. එත් මොනවා කරන්නද ? අපි අසරණයි....

:       46       2

dias Thursday, 09 November 2017 02:16 PM

ඉතා හොඳයි.

:       0       25

parakkrama Thursday, 09 November 2017 03:54 PM

දිවුරුම් ප්‍රකාශයක් දුන් තරමින්ම ද්විත්ව පුරවැසිභාවය ඇතුවාද නැතුවාද කියා හරියට කියැවෙන ක්‍රමයක් හොයාගන්න බැරි එකයි තියෙන ගැටලුව. ඒක හොයන්න මහජනයාගෙන්ම ඔත්තු ලබා ගැනීමට හැකි වන පරිද්දෙන් , එසේ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කළ ගරු මන්ත්‍රීතුමන්ලාගේ නම් ටික ගැසට් කරලා, ඊට අමතරව පුවත්පත්වලත් පල කරන්න ඕනෑ. ඊට පස්සේ ඔත්තු ලබා දෙන්න ඉඩ සලසන්න ඕනෑ. ඒ අනුව විමර්ශනය කර වරද කර ඇති අයට එරෙහිව නීතිමය පියවර ගත හැකි නේද ?

:       0       3

channaFriday, 10 November 2017 03:50 AM

වෙන කොහෙවත් යන්න ඕනේ නැ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඔක්කොම විසතර තියෙනවා. කම්පියුටර් එක ඔන් කරලා ප්‍රින්ට් එකක් ගන්නයි තියෙන්නේ.

:       0       42

ajith Friday, 10 November 2017 03:04 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීල තියෙන දිවුරුම් ප්‍රකාශ වල ඇතුලත් වන්නේ තමා ශ්‍රී ලාංකිකයෙකු බවත් සහ වත්කම් පිලිබඳ ප්‍රකාශයක් විතරයි. නමුත් එම ප්‍රකාශවල ද්විත්ව පුරවැසිකම් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒක නිසා මෙහෙම ප්‍රකාශයක් ගැනීම උචිතයි. බොරු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාට නීතිය අනුව ක්‍රියා කල හැකියි.

:       0       0

තිලක් Friday, 10 November 2017 03:19 AM

අනේ අපේ (වි)පක්ෂ නායක තුමා....!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 104 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 251 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 292 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 233 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 338 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 121 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site