IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


මඩු දේවස්ථාන පෙදෙස පුජා භුමියක් ලෙස ප්‍රකාශයට

                                

 

 

(ඩයනා උදයංගනී)

         

මන්නාරම් දිස්ත‍්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප‍්‍රදේශය පූජා භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.   

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

කිතුනු බැතිමතුන්ගේ වන්දනාමානයට මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේ ද ගෞරව භක්තියට ලක්වූ ඓතිහාසික පූජා භූමියක් වන මඩු පූජා භූමිය ආරක්‍ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන්නා වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවයක් සේ සළකා කටයුතු කිරීමට ද ජනාධිපතිවරයා එම අමාත්‍ය මණ්ඩල යෝජනාව මගින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව ප‍්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවහන පද්ධති හා සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්, එම පූජාභූමිය වෙත පිටතින් පැමිණෙන ජනතාව වෙනුවෙන් නවාතැන්, විශ‍්‍රාම ශාලා ආදී විශේෂ පහසුකම් සැපයීමත් ඇතුළත් විශේෂ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට ද නියමිතය.

වාර්ෂික මඩු මංගල්‍යය අවස්ථාවේ මෙන්ම වසර පුරා වන්දනාකරුවන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් රැසක් මඩු දේවස්ථානය කරා ඇදී එන අතර යුද සමයේ ඇතිවූ දැඩි අලාභ හානි හා කලක් තිස්සේ නඩත්තු හෝ ප‍්‍රතිසංස්කරණ කටයුතු නොකිරීම හේතුවෙන් මඩු දේවස්ථානය අවට ප‍්‍රදේශය දුෂ්කර හා අඩු පහසුකම් සහිත ප‍්‍රදේශයක් බවට පත්ව තිබේ.

 



අදහස් (1)

මඩු දේවස්ථාන පෙදෙස පුජා භුමියක් ලෙස ප්‍රකාශයට

බද්රානි Wednesday, 01 August 2018 09:14 AM

අපට හැඟෙන ලෙස නම් මුළු ලංකාවම පූජා භූමියක්. මුළු රටම එකට එකතු වෙලා, උදේ හවස පිරිත්, බණ අසා සාමුහිකව දෙවියන් යැද, අනෙකාට වින කරන්න ප්‍රාර්ථනා කරන, ඇතුලාන්තය හිස් වුවත්, ප්‍රදර්ශනයට ධාර්මිකව වෙසෙන සිල්වත් ජනතාවක් සිටින ලෝකයේ එකම රට...

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුජිබර් හෙට දිවුරයි
2024 මැයි මස 09 579 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල


ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දොපොළ රජයට
2024 මැයි මස 09 1938 0

දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්


ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
2024 මැයි මස 09 1465 0

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 09 1271 0

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
2024 මැයි මස 09 712 1

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘
2024 මැයි මස 09 2896 8

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 574 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2052 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1805 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site