IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


භාෂණයේ නිදහසට මුවාවී තක්කඩි වැඩ කරලා - ඇමති දුමින්ද


(බිඟුන් මේනක ගමගේ )
 
ඇතැම් වෙබ් අඩවිකරුවන් තම නම ඈඳා බොරු පුවත් නිර්මාණය කර පසුව මාසිකව වෙළෙඳ දැන්වීම් ඉල්ලමින් සමාදාන වීමේ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයක නියැලෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.
 
භාෂණයේ හා  ප්‍රකාශනයේ නිදහසට මුවා වී මෙවැනි තක්කඩි වැඩ කිරීමට ඉඩ දිය නොහැකි බව කී හෙතෙම ආණ්ඩුව ඇති කළ මාධ්‍ය නිදහස අමු අමුවේ අවභාවිත කිරීම හෙළාදකින බව ද අවධාරණය කළේය. 
 
සමාජ මාධ්‍ය ජාලා දිගින් දිගටම අවහිර කිරීමේ සූදානමක් රජයට නැති බවත් ජාතිවාදය අවුලවාලීමේ උපකරණයක් ලෙස එය භාවිත කරන්නන්ට එරෙහිව ඉදිරියේදී  තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් මහලේකම්වරයා පැවැසීය. 
 
එක් පුද්ගලයකුගේ ප්‍රකාශනයේ හිමිකම වෙනුවෙන් වල් බූරු නිදහසකට ඉඩ දී දෙකෝටියකට අධික රටවැසියන්ගේ මූලික මානව අයිතිවාසිකම් අනතුරේ හෙලීමට රජයකට ඉඩ දිය නොහැකි බවද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.



අදහස් (6)

භාෂණයේ නිදහසට මුවාවී තක්කඩි වැඩ කරලා - ඇමති දුමින්ද

Mahee Sunday, 11 March 2018 04:34 PM

ඔන්න ඕක තමයි ඇමතිතුමා අපටත් තියෙන ප්‍රශ්නය. ඒ කිව්වේ, දෙකෝටියක් ජනතාවගේ මුදල් එක්කෙනෙකුගේ වල් බූරු නිදහස වෙනුවෙන් ගොඩනැගිල්ලකට වැයකරලා තිබීම.

:       1       37

Senarath Monday, 12 March 2018 03:27 AM

ඔබලා 2015 දී මහින්ද මහත්තය පරදුවෙත් බොරු පුවත් නිර්මාණය කිරීමෙන් නේද. දැන් ඒ කර්මය පටිසන් දෙනකොට තේරෙනවද අමාරුව. ඒ උනාට එදා ඒ කරපු බොරුවෙන් පැරදුනේ රාජපක්ෂලා විතරක් නෙමෙයි, මුළු රටේම ජනතාව. අද ඩොලරය කීයද? හාල් ටික , පොල් ටිකත් පිටරටින් ගෙන්වා නේද. රටේ මර්මස්ඨාන පිටරැටියන්ට විකුනනවා එදා වෙලා ටුවර්ස් එක දුවන්න.

:       57       402

athuraMonday, 12 March 2018 08:15 AM

රටේම ජනතාව කිව්වේ මහින්දට ආවඩන කට්ටියද? මොකද මම සේවය කරන්නේ පුද්ගලික අංශයේ... අපිට නම් ඔබතුමා කියන කිසිම හෙනයක් නැහැ.

:       19       5

RNG Monday, 12 March 2018 11:48 AM

මෝඩයෝ නිසා තමයි මේ රටට මෙහෙම කලක් ගිහින් තියෙන්නේ ..

:       0       1

lalithsjm Monday, 12 March 2018 04:27 AM

කට කතා වලට මේ තරම් භයද ?? කෝ කියපු මාද්‍ය නිදහස ??

:       41       111

Raveendra Monday, 12 March 2018 08:13 AM

දියවන්නා ඔයේ ඉන්න තවත් කවටයෙක් බව මේ සෑම කතාවකින්ම හොඳින් පැහැදිලි වෙනවා.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 109 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 393 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 733 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 329 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 259 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි
2024 මැයි මස 10 1939 0

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site