IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බුලාගලදී වෑන් රියක් පෙරැළි එකම පවුලේ 15 ක් රෝහලේ

(කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල අනුරාධපුර ප්‍රධාන  මාර්ගයේ  බුලාගල ප්‍රදේශයේදී අද (17) උදෑසන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන  ට්‍රාන්ස්පෝමරයක  හැපීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ 15  දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.


මෙසේ තුවාල ලබා ඇත්තේ වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් බවත්  ඔවුන් වැලිමඩ ප්‍රදේශයේ සිට වව්නියාව ප්‍රදේශයේ  පවුලේ තරුණයෙකුට  විවාහවීම සඳහා තරුණියක් බැලීමට යන අතරතුර මෙම අනතුර සිදු වූ බව ඔවුහු පවසති.


දඹුල්ල දෙසින් අනුරාධපුර දෙසට වෑන් රථය වේගයෙන් ධාවනය වී තිබෙන බවත් එහිදී මාර්ගයෙන් ඉවතට පැන  මිටර් 40ක් පමණ දුර වෑන් රථය පෙරළී ගොස් මාර්ගය අසළ තිබුණු ට්‍රාන්ස්ෆෝමරයක  හැපී  වෑන්රථය වෙලකට පෙරළී ඇති අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.


පසුව ප්‍රදේශවාසීන් සහ එය අවස්ථාවේදී බස් රථයක ගමන් කරමින් සිටි මගියෙකු බැස තුවාලකරුවන් වහා දඹුල්ල මුලික රෝහලට රැගෙන ගිය බව ඔවුහු පවසති.


තුවාලකරුවන් අතර කාන්තාවන් අටක් පිරිමි පහක් කුඩා දරුවන් දෙදෙනෙක් වන බව පොලීසිය කියයි.


තුවාලකරුවන් බොහෝ දෙනකුගේ අත් පා වලට සහ සිරුරේ විවිධ ස්ථානවලට බරපතළ තුවාල සිදුව ඇතැයි රෝහල් බලධාරීහු පවසති. ඔවුන්ට හදිසි ප්‍රතිකාර ලබාදීමට රෝහලේ සේවකයන් යුහුසුළුව කටයුතු කළහ.



අදහස් (0)

බුලාගලදී වෑන් රියක් පෙරැළි එකම පවුලේ 15 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 259 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 217 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 171 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 460 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 946 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 148 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site