IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බෙලිඅත්ත - හම්බන්තොට දුම්රිය මග ඉදිකිරීම සමාගමකට පැවැරීමට යයි

(රංජන් කස්තුරි)

බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වා වන දුම්රිය මාර්ගය අලුතින් ඉදිකර පවත්වාගෙන යාම සඳහා දේශීය හෝ විදේශීය ආයතනයකට පැවරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වා වන දුම්රිය මාර්ගයේ දිග කීලෝමීටර් 47ක් වන අතර එම දුම්රිය මාර්ගය ඉදිකිරීමට බාර ගන්නා ආයතනයට වසර 30ක කාලයක් එය නඩත්තු කර පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දීමටද එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලය පත්කළ උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නියමයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මෙම තීරණයට එළැඹී ඇති අතර නව දුම්රිය මාර්ගය ඉදිකිරීම එය පවත්වාගෙන යාම සඳහා දේශීය හෝ විදේශීය ආයතනයක් සොයා ගැනීමට ප්‍රචාරක කටයුතු අරම්භ කර තිබෙන බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගය මේ වන විට ඉදිකරමින් තිබෙන අතර මේ වසරේ අවසානයේදී එහි ඉදිකිරීම් නිම කෙරෙන බවද ඔහු කීය.



අදහස් (3)

බෙලිඅත්ත - හම්බන්තොට දුම්රිය මග ඉදිකිරීම සමාගමකට පැවැරීමට යයි

de silva Monday, 03 September 2018 05:58 PM

දැනට තිබෙන තත්වය අනුව ඕක ඉවර කරන්න තව අවුරුද්දක් විතර යනවා , අධි වේගී මාර්ගය බෙලිඅත්ත දක්වා නිම කරන්න තව අවරුදු 3 විතර යාවි.

:       0       2

දිලුම් Tuesday, 04 September 2018 03:11 AM

අලුතින් ඉදිකර කියන්නේ හදපු එක කඩල ආයෙ හදනවද නැත්නම් දැනටමත් හදල තියන එක පවත්වාගෙන යනවද?

:       0       2

Deepal Nirosh Tuesday, 04 September 2018 04:49 AM

ඉතා හොඳ තීරණයක්. නැතිනම් මේ ව්‍යාපෘතිය නිම කරන්න තව දශකයකින්වත් බැරිවෙයි. හැබැයි වනාන්තර හා වගා බිම් හැකිතාක් මඟහැර ඉදිකිරීමට වගබලා ගත යුතුමයි. වන සතුන්ගේ ආරක්ෂාවටත් සමාන්තර වැඩපිළිවලක් යෙදීම අත්‍යාවශ්‍යයි. ඒ වගේම තෙවැනි අදියර ලෙස හම්බන්තොට සිට කතරගම දක්වා දිගුව නුදුරු අනාගතයේදීම ලබා ගැනීම මේ රටේ මහජනතාවගේ මෙන්ම සංචාරකයන්ගේ ද ඒකායන බලාපොරොත්තුවයි.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 30 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 54 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1109 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1958 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2189 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1103 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site