IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ පිරිසක් හමුවීමට එෆ්බීඅයි නිලධාරීන් ඇවිත්‘

( ඩයනා  උදයංගනී සහ නාලක සංජීව දහනායක )
 
පාස්කුදා  ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වැලිසර නාවුක හමුදා කඳවුරේ රඳවා සිටින  මුස්ලිම් ජාතිකයින්  පිරිසක් හමුවීමට ඇමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරීන් දෙදෙනකු පැමිණ ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

 පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්  මන්ත්‍රීවරයා ඒ බව පැවසීය.
 
 මෙම සැකකරුවන් හමුවීමටඅවසර ඉල්ලා ඉකුත් 21 වැනිදා  කඳවුර වෙත ගොස් ඇති එම නිලධාරීන්  දෙදනා එදින පෙරවරු 9.30 ට කඳවුර තුළ ඇති ත්‍රස්ත විමර්ශන අංශයේදී ඔවුන් මුණ ගැසී ඇතැයිද ඔහු සඳහන් කළේය.
 
එම නිලධාරීන් දෙදෙනා සමඟ  ඇමෙරිකානු තානාපති කාර්යාලයේ  සංජය පලිපානන් නැමැති භාෂා පරිවර්තකයෙක් සහ තවත් නිලධාරීයෙක්ද පැමිණ  ඇතැයි කී මන්ත්‍රීවරයා  ඔවුන්  සැකකරුවන් සමඟ  පැය දෙකකට  වැඩි කාලයක්  සාකච්ඡා කර තිබෙන බවද කීවේය.
 
රටේ සිදු  වු  ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන අයට හා එෆ් බී අයි නිලධාරීන් කතා කරන්නට ඇත්තේ මොනවාදැයි තමන් ප්‍රශ්න කරන බව කී  මන්ත්‍රීවරයා  එම ප්‍රහාරය හේතුවෙන් රටට එෆ්බීඅයි ඔත්තු සේවාවේ තිප්පොලක් බවට  පත්කරගෙන තිබෙන බවද ප්‍රකාශ කළේය.



අදහස් (12)

‘පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ පිරිසක් හමුවීමට එෆ්බීඅයි නිලධාරීන් ඇවිත්‘

samansiri Wednesday, 31 July 2019 10:45 AM

මේ පාර නිවාඩුවට ඔහේ ඩිස්නිලන්තේ යනවැයි?

:       26       226

sirimal Wednesday, 31 July 2019 10:51 AM

මේ මහත්තයා දවල් හීන දකිනවා වගේ. පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශවල පමණක් නොව ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් ගණනාවක විශේෂඥයින්ගේ සහාය ලබාදෙන බව ඒ දවස්වලමයි ප්‍රසිද්ධ කෙරුනේ. ඕනෑ දෙයක් ගැන දිවට නොදැනී පට්ටපල් බේගල් ඇදබාන්න හරිම දක්ෂ බවයි පෙනෙන්නේ... මේ වගේ විහිලු කතා විශ්වාස කරන අයටයි තලන්න ඕනෑ...

:       6       161

sirisena Wednesday, 31 July 2019 12:15 PM

ඇමෙරිකන් භීතිකා රෝගය උත්සන්න වෙලා වගෙයි...

:       4       72

සෙනෙවිරත්න Wednesday, 31 July 2019 01:39 PM

ගෝඨා ඇමරිකන් පුරවැසිකම ඉවත්කරා දැයි නිවැරදිව කිව හැකිද?

:       12       59

[email protected] Wednesday, 31 July 2019 01:35 PM

මෙයාගේ සිහින රජවරුන් ඇමරිකන් පුරවැසියන් බව අමතක වෙලා, එහෙම කරන්න එපා පව්...

:       22       57

ravi Wednesday, 31 July 2019 02:15 PM

කන පැලෙන්න ගහන්නේ... කටවහගෙන හිටියේ නැත්තම් !!! ඉස්සෙල්ලාම විමල් අයියගේ බිරිඳ හමුවෙන්න යන එන අය ගැන හොයලා බලන්න. තේරුණාද?

:       30       69

BamunuarachchiFriday, 02 August 2019 03:18 AM

මෙයා ඇමරිකන් ගුඩ්ඩෙක් වගේ. විමල්ට අසු වුනොත් නම් ඉවරයි.

:       0       0

Bamunuarachchi Wednesday, 31 July 2019 04:18 PM

අදහස් බලාපොරොතු වෙන්නේ ත්‍රස්තවාදීන් හමුවුණු FBI කාරයන් ගැන... අදහස් දෙන්නේ ඝෝඨාභය ගැන. මේ ගොල්ලොයි මහලොකුවට රට හරියන ආණ්ඩු තෝරන්න කතා කරන්නේ...

:       1       1

athuraFriday, 02 August 2019 04:39 AM

ඉතින් එෆ්.බී.අයි. ඇමෙරිකාවේ එකක්නේ... ගෝඨා ඒ රටේ පුරවැසියෙක්නේ...

:       0       0

Kumar Wednesday, 31 July 2019 04:59 PM

ඇමෙරිකන් නිලධාරීන් ලංකාවට පැමිණියේ යමක් ඉගෙනගෙන යන්නයි. මෙම නිලධාරීන් ලොව පුරාම සිදුවෙන ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙන ක්‍රම දැනගැනීමෙන් ඇමෙරිකාව තුළ මෙවැන්නක් වැළකීමට උත්සාහ කරනවා. ඔව් ඉතින් ලංකාවේ ඉන්න විශාරදලා කාගෙන්වත් හොඳ දෙයක් ඉගෙන ගන්න කැමති නැහැනේ...

:       0       1

vidya Friday, 02 August 2019 01:11 AM

පාර්ලිමේන්තුවේ ඉන්න අයට මොකුත් කරගන්න බැරි නිසානේ

:       0       0

Bamunuarachchi Friday, 02 August 2019 03:15 AM

FBI එකෙන් එන්න ඇත්තේ මල්ලිලාට ස්තූති කරන්න වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 212 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 473 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 567 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 354 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 434 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 158 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site