IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොල් බෑ දෙකක් බස්නාහිර සබේ උණුසුම් කරයි

(මුදිතා දයානන්ද)

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා සභා ගැබට පොල් බෑ දෙකක් ගෙන ඒමෙන් අද(3) පැවැති සභා රැස්වීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.

පොල් මිල ඉහළ යාම පිළිබඳව කතා කිරීම සඳහා කොඩිකාර මහතා මෙසේ පොල් බෑ දෙකක් සභා ගැබට ගෙනාවේය.

එසේ පොල් බෑ සභාවට ගෙන ඒමෙන් මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති බව පවසමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතා සභා ගැබ මැද වාඩිවිය.  පොල් බෑ දෙක තමන්ට බාර දෙන්නැයි සභාපති සුනිල් විජේරත්න මහතා ඉල්ලා සිටිය ද කොඩිකාර මහතා එය ලබානොදුන් අතර ඔහුට සහාය වෙමින් සුනිල් ජයමිණ මන්ත්‍රීවරයා එක් පොල් බෑයක් මේසය යට සඟවණු දැකිය හැකි විය.

මල්ෂා කුමාරණතුංග මන්ත්‍රීවරිය පැමිණ එක් පොල් බෑයක් රැගෙන ඉවතට විසිකළ අතර වේත්‍රධාරියකු පැමිණ සඟවන ලද පොල් බෑයද සභා ගැබෙන් ඉවත් කරනු ලැබිණි.

සභාවේ ආරක්ෂාව පිළිබඳ මන්ත්‍රී ආරක්ෂක අංශය වගකිව යුතු බවත් ඒ පිළිබඳව අදාළ අංශවලට පැමිණිලි කරන බවත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා කියා සිටියේය.



අදහස් (5)

පොල් බෑ දෙකක් බස්නාහිර සබේ උණුසුම් කරයි

aravinda Tuesday, 03 October 2017 10:13 AM

මේවා අර්ථයක්, ප්‍රතිඵලයක්, නැති මාධ්‍ය සංදර්ශන පමණයි.

:       0       0

dhamneth Tuesday, 03 October 2017 11:49 AM

මේ වගේ දේවල්වලට ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි හොඳ උත්තරයක් දී තිබෙනවා. දිනක් පුද්ගලයෙක් පන්සලට පැමිණ හාමුදුරුවන්ගෙන් ඇහුවලු මල් කිනිති කීපයක් කඩාගන්න. එවිට හාමුදුරුවෝ ඇහුවලු මල් කිනිති මොනවටද කියා. ඔහු කිවලු හාමුදුරුවනේ දුව වැඩිවියට පැමිණිලා අද උත්සවය. වාස් එකට දාන්න මල් ඕන කියා. දුවගේ වයස අසා හාමුදුරුවෝ කිව්වලු උපාසක උන්නැහැ දන්නේ නැද්ද දරුවා වැඩිවිය පත්වන බව. ඉඩමකුත් තියෙනවනම් මේ අවුරුදු 13 පොල් ගෑවද මල් ගහක් දෙකක් වවාගන්නේ නැතුව කියා. ඒවගේ අදත් ඉඩකඩ තිබෙන මිනිස්සුවත් පොල් ගහක් දෙකක් වවාගන්නවනම් පොල් ප්‍රශ්නය බොහෝ දුරට විසදෙනවා. අතරමැදියන්ට අසු නොවී.

:       0       54

NandalalTuesday, 03 October 2017 08:05 PM

මෙයත් දන්න දේවල් !!! මේ කතාව අපට කියා දීම ගැන බොහොම ස්තුතියි. තවත් මේ වගේ සිද්ධි දන්නවා නම් එවන්නකො.. ඉඩ තිබේ නම් කතෘතුමා ඒවා පලකරාවී..... හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා.

:       0       0

Pradeep LiyanageWednesday, 04 October 2017 02:37 AM

ඔබගේ කතාව හරියටම හරි. ඉඩකඩ තිබෙන නමුත් වගා නොකරන පුද්ගලයන් ඕනෑතරම් සිටිනවා, පොල් විතරක් නෙමෙයි අපට හැකි පමණින් මිරිස්, තක්කාලි, බටු, මෑ වගේ භෝග පහසුවෙන් මල් පෝච්චියක වුනත් වගා කරන්න පුළුවන්. නමුත් පසුගිය දිනවල පැවති දැඩි නියගය පොල් වගාවට දරුණු ලෙස බලපෑවා. පොල් මිල ඉහල යන්න හේතුව වුනේ එකයි මම දන්නා විදියට. මොකද අපේ පොල් ගස් දෙක තුනටත් එය බලපෑවා.

:       0       35

Nandalal Tuesday, 03 October 2017 08:16 PM

මැතිසබය දැන් කවටයන්ගේ, අන්දරේලාගේ රඟහලක් වෙලා වගෙයි. වැරදිලාවත් පොල් බෑයක් පියාඹා ගියා නම් මළකෙලියක් තමා, පාර්ලිමේන්තුව ඇතුලේ. ඔන්න අන්තිමට, දේවාලවල ගහන පොල්වලටත් අලුත් වැඩක් ලැබිල වගෙයි !!! දේවාලෙන් මැති සබේට...පොල් බෑයටත් "සුබ අනාගතයක්" !!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 63 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 518 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 496 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 275 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 506 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2558 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site