IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පොලිසිය රතුපස්වල රාජකාරි පැහැර හැරීමෙන් සාක්කි වසන් වෙලා

තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක

රාජකාරි පැහැර හැරීම නිසා රතුපස්වල යුද හමුදා වෙඩි තැබීමේ සාක්කි විනාශ වීම සම්බන්ධයෙන් එවකට ගම්පහ පොලිස් අධිකාරීවයකු ලෙස සේවය කළ වත්මන් කන්කසන්තුරේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් මාසිංහ මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන  බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැන්වීය.

පිරිසිදු පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබීම සම්බන්ධ පැමිණිල්ල අද (09) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.

වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු ඒ ගැන සොයා බැලීමට එවකට බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා එවකට ගම්පහ පොලිස් අධිකාරී එක ලෙස සේවය කළ රංජිත් මාසිංහ මහතා පත් කර ඇතැයි ද, මාසිංහ මහතා එම ස්ථානයට ගොස් වැලිවේරිය පොලිසියට වැඩ බලන ස්ථානාධිපතිවරයකු ලෙස පොලිස් පරීක්ෂක අමරසේකර මහතා පත් කර පිටව ගොස් ඇතැයි ද රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙය බරපතල සිදුවීමක් නිසා ඒ ගැන සොයා බැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් අධිකාරීරවයකු පත් කළත් මාසිංහ මහතා   එම ස්ථානයේ විමර්ශන කටයුතු හරි ආකාරව සොයා නොබැලීම නිසා අපරාධ ස්ථානයේ සාක්කි විනාශ වී ඇතැයි රහස් පොලිසිය කීවේය. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බව රහස් පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා හමුවේ ප්‍රකාශ කළේය.



අදහස් (2)

පොලිසිය රතුපස්වල රාජකාරි පැහැර හැරීමෙන් සාක්කි වසන් වෙලා

rohan Thursday, 10 August 2017 12:56 AM

වර්තමාන රජයේ අධිකරණ ඇමතිතුමා තමයි මේ හැම දේකටම මුල. ඔහු ඔය ඇමතිකම දරනකම් පසුගිය රජයේ කසිම හොරෙකුට දඬුවම් නොලැබේ...

:       0       0

sam Thursday, 10 August 2017 07:59 AM

මේ සාමාන්‍ය තත්වයේ පොලිස් නිලධාරීන්ට රාජකාරිය හරිහැටි ඉටු කරන්න පුළුවන් වාතාවරණයක් ඒ කාලේ තිබුනේ නැහැනේ. තුම්මුල්ලේ උපවාසේ වෙලාවේ ඒ බව මුළු ලෝකයටම ඔප්පු උනා මතකද ?? පොලිස්පති තමන්ගේ නිලධාරීන්ට රාජකාරිය නිසියාකාරව ඉටු කරන්න උපදෙස් දුන්නා කියා එතුමාව ගෙදර අරිනවා කියාපු එක හැමෝටම ඇහුනානේ . සුළුතරයක් නිලධාරීන් මේ නීති විරෝධී නියෝග කැමැත්තෙන් ක්‍රියාත්මක කලත් බහුතරයක් එසේ කලේ තම රැකියාව බේරා ගැනීමටයි . මේ නිලධාරීන් පස්සේ එලවලා ඔවුනට දඬුවම් කිරීමට තැත් කිරීම විහිළුවක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 461 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 913 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1080 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 609 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 619 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 213 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site