IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ප්‍රධාන පෙළේ බදු රැසක් ඉවතට

ක්‍රියාත්මක වන පරිදි  බදු වර්ග  රැසක් ඉවත් කිරීමට සහ තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට  රජයේ අවධානය යොමු වී තිබේ.

දැනට පවතින බදු ක්‍රමයේ පවතින දුර්වලතාවන් සළකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගනු ලැබ තිබේ.

මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී  පහත සඳහන්  බදු  වර්ග සියල්ල ඉවත්  කර තිබේ.

1) ගෘහස්ත භාණ්ඩ සහ සේවා මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද

2) රේගුවේදී අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හා ඒකාබද්ධ කෙරෙන අතර  දේශිය ආර්ථිකය ආරක්ෂා කරනු පිනිස අදාළ බදු අනුපාතිකය 10% ක්  කිරීම.

3)  ආර්ථික සේවා ගාස්තු 

4) බැංකු හා මූල්‍ය ආයතනයන් මත  පැනවෙන හර බද්ද

5) කොටස් වෙළෙඳපොල මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද

6) ස්වාධිපත්‍ය  දේපළ  මත පැනවෙන වැට් බද්ද

7) උපයනවිට ගෙවීමේ ආදායම් බද්ද

8) පොලී ආදායම් මත පැනවෙන රඳවා ගැනීමේ බද්ද සහ අනෙකුත් මාදිලියේ රඳවාගැනීමේ බදු

9) ණය සේවා බද්ද 


 



අදහස් (17)

ප්‍රධාන පෙළේ බදු රැසක් ඉවතට

MIHIRA Wednesday, 27 November 2019 11:54 AM

අප්‍රේල් වලින් පස්සේ වෙනස්වෙන එකක් නැහැ නේද ජනපතිතුමනි...?

:       0       0

රසික Wednesday, 27 November 2019 12:04 PM

බදු ඉවත් කිරීමෙන් අහිමිවන ආදායම කොහොමද හොයන්නේ කියලත් කිව්වා නම් තමා වටින්නේ..

:       154       109

nanaWednesday, 27 November 2019 03:54 PM

ඉතා පහසුයි. ආර්ථික කටයුතු වැඩිවීම නිසා සියලු බදු ලැබීම් ඉක්මනින් ඉහළ යයි. සමහරවිට අඩුවුණු බද්දටත් වැඩියෙන් ලැබෙන්නට පටන් ගනී.

:       22       147

ප්‍රසන්ග Wednesday, 27 November 2019 05:35 PM

අපි 15%ක් වැට් ගෙවලා ගෙන්නපු බඩුවලට 8% අය කරලා, ඉතිරි 7% ගෙවන්නේ ඔයාද?

:       1       0

BamunuarachchiThursday, 28 November 2019 06:05 AM

හරියට හරි. මන්ත්‍රීලාගේ වැටුප්, දීමනා අඩුකර වාහන ගෙන්වීම, පැන්ෂන් නවතා දමා වැඩ පටන් ගත්තානම් තමයි හොඳ. හැබැයි අරක්කු මිල නවන්නත් එපා. අඩු වුණු ආදායම හොයන්නේ කොහොමද? රට ස්ථාවර වෙනකම් අධිවේගී මාර්ග වගේ දේවල් නවත්වන්න.

:       0       0

Adam Wednesday, 27 November 2019 12:21 PM

රටේ ජනතාවට සහනයක්ම වේවා..!!! ගෝඨාභයට ජයක්ම වේවා..!!! 

:       267       399

කුමාර දිසානායක Wednesday, 27 November 2019 12:55 PM

ඔහොම බදු අඩු කරලා රටේ වියදමට මුදල් හොයාගන්නේ කොහොමද? රෝහල් වලින් මුදලට බෙහෙත් ගන්න වෙයි ඔහොම ගියොත්... රජයේ සේවක පඩි ගෙවන්න විදේශ ණය ගෙවන්න තියෙන විදිය මොකක්ද?

:       234       95

MaheeWednesday, 27 November 2019 03:53 PM

ඇසිය යුතුම ප්‍රශ්නයයි ඔබ අසා තිබෙන්නේ. මෙතෙක් අප දැක ඇත්තේ එක පැත්තකින් බදු සහන දෙන අතරේ සහන දීම සහ සංවර්ධනය සඳහා දේශීය හෝ විදේශීය ණය ගැනීමයි. අපි දැනටමත් විශාල ණය බරක ඉන්නේ... මේ බදු අඩුකිරීම ඊළඟ මහා මැතිවරණය ඉලක්ක කරගෙන කරන ලද්දක් බව පැහැදිලියි. ඒකට කමක් නැහැ. රජයේ වියදම් පියවා ගන්නා මාර්ග මොනවද කියලත් කිව්වා නම්... මහ බැංකු අධිපති කියලා තිබුණා විදේශ ණය වාරිකය සහ පොලිය ගෙවන්න රජයට ලැබෙන ආදායම හොඳටම මදි... ඒ නිසා ණය ගෙවන්නත් ණයගන්න වෙනවා කියලා. ඉතින් තවත් කොහොමද රජයේ ආදායම් අඩුකරන්නේ? බදු අඩුකිරීම ගැන මෝඩ චූන් ලබමින් ඔබට ඩිස්ලයික් දාලා තියෙන අය මේ කිසිවක් ඔලුවට වැටෙන අය නොවන බව නම් පැහැදිලියි...

:       128       12

sandy123 Wednesday, 27 November 2019 01:33 PM

බදු ඉවත්කරන එක ඉතා හොඳ ක්‍රියාවක්. හැමදේටම විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා නෙවෙයි. නමුත් ණය වාරික ගෙවන්නත් අමාරුයි කියලා ඊයේ පෙරේදාවක මහින්ද අමරවීර ඇමතිතුමා කිව්වේ මුසාවක්ද? කොයින්ද ඒවාට මුදල්? තවත් ඉඩම් කෑලි විකුණනවද? දන්නා විද්වතෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

:       0       0

කෝසල Wednesday, 27 November 2019 01:39 PM

ජාතිය ගොඩනැගීමේ බද්ද අයකරන්නේ ව්‍යාපාරිකයින්ගෙන්... ඒක ජනතාව මත පනවන බද්දක් නෙමේ. ඒ වගේම ආර්ථික සේවා ගාස්තුව අයකළේ ඉහළම පිරිවැටුපක් ලබන ව්‍යාපාරිකයින්ගෙන්.. ඒකත් ජනතාව මත පනවන බද්දක් නෙමේ.. නමුත් රඳවා ගැනීමේ බදු අයින් කළ එක හොඳයි. උපයන විට ගෙවීමේ බද්ද (එයත් රඳවා ගැනීමේ බද්දක්) මාසික වැටුප රුපියල් 150,000ට වැඩි අයගෙන් අයකළ බද්දක්, ඒකත් ඉහළ පන්තියට දුන්නු සහනයක්.., නමුත් වැට් බද්ද 7%ට අඩු කරනවා කිව්වා... ඒක කරලා නෑ. අඩුකරපු බදු පොදුවේ ඉහළ පන්තියට දුන්නා... ඒක සහනයක්.

:       0       0

siri Wednesday, 27 November 2019 01:51 PM

ඡන්දයක්වත් එනවා වත්ද?

:       168       15

d.upul Wednesday, 27 November 2019 01:53 PM

අපට චීනය ඉන්නවා ඕනෑතරම් ණයට දෙන්න. ඔය කොළඹින් සින්නක්කර ඉඩමක් දුන්නම ඇති හිලව්වට...

:       178       20

අනාත නොවූ අනාතයා Wednesday, 27 November 2019 01:56 PM

රට විනාශකරන මේ ආයතන නිසිකලමනාකරණය තුළින් අහිමිවන බදු ආදායම (අඩුකළ) ලබාගත හැක විදුලිබල මණ්ඩලය, දුම්රිය, ශ්‍රී ලංකන් එයාලයින්, ඛනිජතෙල් සංස්ථාව...

:       0       153

විජේවීර Wednesday, 27 November 2019 02:06 PM

සහන දුන්නොත් කොහොමද එහෙම දෙන්නේ කියලා අහනවා, නොදුන්නොත් කෝ සහන කියලා අහනවා. දේශපාලන කුහකත්වය කියන්නේ මෙන්න මේකටයි.

:       10       260

Rohana Wednesday, 27 November 2019 02:19 PM

බදු සහන බදු ගෙවන අයට ඉතාමත් වාසිදායකයි. නමුත් යථාර්තය එසේ නොවේ. ආණ්ඩුව කුමක් හෝ මාර්ගයකින් බදු රැස් කරන්න සිදුවෙනවා. නැති වූ බදු අාදායම ගන්නේ කොහෙන්ද කිව්වොත් වඩා හොඳයි. මීට හේතුව රාජ්‍ය අයවැයේ අති විශාල කොටසක් වන බදු අාදායම නැතිවීම හිලව් කර ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. ඒවා මහාජනයාට අහිතකර නම් රටේ නැවතත් ප්‍රශ්න ඇතිවිය හැකියි.

:       121       44

sandy123 Wednesday, 27 November 2019 05:26 PM

බදු ඉවත්කරන එක ඉතා හොඳ ක්‍රියාවක්. හැමදේටම විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා නෙවෙයි. නමුත් ණය වාරික ගෙවන්නත් අමාරුයි කියලා ඊයේ පෙරේදාවක මහින්ද අමරවීර ඇමතිතුමා කිව්වේ මුසාවක්ද? කොයින්ද ඒවාට මුදල්? තවත් ඉඩම් කෑලි විකුණවද? දන්නා විද්වතෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

:       0       10

BamunuarachchiThursday, 28 November 2019 02:19 PM

අපි බලමු මොකක්ද උපාය කියලා. මත්පැන් මිල ඉහළ දමන්න එපා කියමු. එයත් මිනිසුන්ගේ අවශ්‍යතාවයක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 6 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 143 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 562 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 147 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 208 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 583 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site