IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට

පාන් ගෙඩියක මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05 කින් ඉහළ දමන බව  සමස්තලංකා බේකිරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ යාම නිසා මෙම තීරණය  ගත් බව  බේකිරි හිමියන්ගේ සංගමය සඳහන්  කළේය. මේ වන විට පාන් ගෙඩියක  මිල රුපියල් 65 කි .

(36698)

 

 



අදහස් (19)

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට

sudantha Monday, 03 September 2018 05:17 AM

මං නම් මුකුත් කියන්නේ නෑමයි.

:       0       8

පිටරට පාන් Monday, 03 September 2018 05:18 AM

ඒකාබද්ධ සටන් පාටය : පිටරට දේ ගන්න. අපේ දේ ගන්න එපා. පිටරට දේ අඩු කරනු. අපේ දේට බදු ගසනු. බත් නොකනු.

:       113       88

SAMEERA Monday, 03 September 2018 05:36 AM

පිටි කිලෝ එකක් 5 ක් වැඩි උනාම, ග්රෑම් 400ක් වත් නැති පාන් රාත්තලක් 5කින් වැඩි වෙන්නේ කොහොමද?

:       20       186

NuwanMonday, 03 September 2018 07:29 AM

ඒ ආණ්ඩුවේ සුත්තර පුංචාගේ මිල සුත්‍රය නිසා.. තේරුණාද?

:       30       46

HafeelMonday, 03 September 2018 08:02 AM

සමීර, දැන් බේකරි වෙළඳාමත් හරියට රත්තරං වෙළඳාම වගේ. රත්තරං කඩයකට රත්තරං භාණ්ඩ ගන්න ගියොත්, වැඩ පාඩුයි කියමින් ගාණක් අයකරනවා.

:       0       15

ලුම්බිණි Monday, 03 September 2018 06:01 AM

තිරිගු පිටි කිලෝවක් යනවද පාන් ගෙඩියක් හදන්න?

:       0       54

Bamunuarachchi Monday, 03 September 2018 06:01 AM

අපේ සටන් පාඨය. පිටරට දේ ලාබෙටත් හොඳටත් ගන්න ලැබෙනවානම් මොන දේකටද අපේ දේ කියලා අතේ තිබෙන දේ වියදම් කොරන්නේ. ලංකාවේ හාල් කිලෝව 130 යි වතුර ප්‍රශ්න නැහැ. පෝර ප්‍රශ්න නැහැ, ඉන්දීය හාල්කිලෝව රු 90 යි.

:       2       8

aseMonday, 03 September 2018 06:53 AM

අනේ අපි නම් කන්නේ සතොසේ රුපියල් 70 හාල් !!! ඒවා අපේ රතු කැකුළු, රසයි, ගුණයි.. ලොකු මහත්තයත් කාලා බලන්න.

:       27       56

RNG Monday, 03 September 2018 06:02 AM

පාන් ගෙඩියක් හදන්න පිටි කිලෝ එකක්ම යනවද ඉතින් ..? අඩුම තරමෙ පාන් ගෙඩියක ශුද්ධ බර වන 400g ප්‍රමාණයවත් සමහර පාන්වල නෑ. ඒත් වැඩි කරන ගානෙ නම් අඩුවක් නෑ. අපි නම් පාන් කන්නෙ නෑ ඉතින් කොහොමත්.

:       0       11

dhamneth Monday, 03 September 2018 06:11 AM

පස්වෙනිදාට ආණ්ඩුවෙන් තල්ලුවක්.1994 ට පෙර තිබුන රජයන්නම් රු.5කින් පිටි කිලෝවක මිල වැඩිකලහම පාන්ගෙඩියේ මිල වැඩිකරන්න නියම කලේ රු.2.50කින්. බේකරි හිමියන්ට දැනට වඩා රු.5ක ලාබයක් පිටි කිලෝවක පාන් වලින්. අනිකුත් පිටි කැමවලින් මිට වඩා ලාබ ලබාගන්නවා.

:       0       7

චාමා Monday, 03 September 2018 06:16 AM

රාත්තලක් කියන්නේ ග්‍රෑම් 453 යි. දැන් පාන් රාත්තල ලෙස හදුන්වන එක වැරදියි. පාන් ගෙඩියේ ග්‍රෑම් 350 ක් වත් නැහැනේ.

:       0       1

wasala Monday, 03 September 2018 06:21 AM

අපේ දේ අගයන ශ්‍රී ලාංකිකයින් විදියට තිරිගු පිටි ආශ්‍රිත කෑම ගැනීම අඩුම තරමින් සතියකට නතර කරන්න. එතකොට පාරිභෝගිකයින් සූරා කන ඔය වගේ කූට වෙළදුන් නිකන්ම මට්ටු වෙයි. ඒ නැතිව වී විකුණලා පාන් කකා තර්ක කර කර හිටියට වැඩක් නැහැ. හාල් 80යි පාන් 60යි. දෙන්නෙකුට පාන් රාත්තලයි . හැබැයි බත් ඉව්වොත් හාල් 500g ( රු.40 ) ඇති. පාන් නක්න හදන මාළුම ප්‍රමාණවත්. හරි සරලයි. ආර්ථිකයට වාසියි. කම්මැලි වෙලා ලේසිය බැලුවොත් ප්‍රශ්ණ සමග ලෙඩ ගොඩයි.

:       6       23

rohana Monday, 03 September 2018 07:34 AM

පාන් පිටි කිලෝ එකම රුපියල් 5 කින් නේ වැඩිවුණේ. එහෙම එකේ පාන් ගෙඩියක් රුපියල් 5 කින් වැඩිකරන එක සාධාරණද?

:       0       6

kap Monday, 03 September 2018 07:55 AM

ආණ්ඩුව වැඩිකරන්නේ කිලෝ එකකට... මේ අය වැඩිකරන්නේ ග්‍රෑම් එකකට. අනේ මන්දා...

:       0       19

amare Monday, 03 September 2018 08:33 AM

පාන් වලින් විතරය් 5ක් වැඩි කරන්නේ... බලපල්ලා ඉස්සරහට ගල්බනිස් කිඹුලා මාළු පාන් 10, 15 කින් වැඩිවෙනවා.. මාත් බේකරියක් පටන්ගන්න කියලා හිටන් ...

:       2       7

දිලුම් Monday, 03 September 2018 08:34 AM

මෙව්ව බලන්න මේ රටේ එක එකෙක්වත් නෑ. ආයතන නම් හැටහුටහමාරක් තියනවා ඒවයේ ඉන්න උන්ට කෝටි ගනනින් පඩිත් ගෙවනවා. ඒත් පිටි කිලෝ එක 5කින් වැඩි උනාම පාන් රාත්තලත් 5කින්ම වැඩි කරන එක ගැන බේකරි සංගමයට කථා කරන්න එකෙක්වත් නෑ

:       0       1

paala Monday, 03 September 2018 09:09 AM

රුපියල් 5ක් කියන්නේ සුළු දෙයක්.

:       5       0

BamunuarachchiMonday, 03 September 2018 12:13 PM

තාත්තා පුතෙකුටත් කිව්වලු එයාට නම් ඕක සුලුදෙයක් කියලා...

:       0       3

BamunuarachchiMonday, 03 September 2018 02:17 PM

ඒ කතාව දන්නෝ දනිති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 173 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 499 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 354 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 436 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 989 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1766 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site