IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක්වේ

කීව්හිදීය (රොයිටර්)
 
රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ. 

 
ඔහු රුසියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියකු වන ආකේඞ් බැබ්චෙන්කෝය. මිය යනවිට 41 එක්වන වියේ පසු වූ ආකේඞ් බැබ්චෙන්කෝට මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන එල්ල වී තිබිණි. 
 
සිය නවැතන ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ආකේඩි බැබ්චෙන්කෝ රෝහලට ගෙන අතරතුරදී ජීවිතක්ෂයට පත්විය. වෙඩි වැදී නිවස ඉදිරි පිට වැටී සිටියදී ආකේඩිගේ බිරිඳ ගිලන් රථයක් ගෙන්වා ගනිමින් ඔහු බේරා ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය සාර්ථක නොවීය. 
 
බැබ්චෙන්කෝ චෙච්නියානු යුද්ධයේ හිටපු යුද සොල්දාදුවකු වන අතර හෙතෙම යුද වාර්තාකරුවකු ලෙස  රුසියාව තුළ ජනප්‍රිය විය. යුක්රේනය අර්බුදයට සහ සිරියානු යුද්ධයට රුසියාව මැදිහත් වීම ආකේඩි බැබ්චෙන්කෝ දිගින් දිගටම විවේචනය කළ අතර ජීවිත ආරක්ෂාව හේතුවෙන් ඔහුට රුසියාව අත්හැර දමා යෑමට සිදුවිය. 
 
රුසියාව සිරියාවේ ඇලෙප්පෝ හි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම විවේචනය කළ ආකේඩි බැබ්චෙන්කෝ රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් ගත් පියවර ආක්‍රමණශීලි පියවර යැයි ද කීය. 
 
මේ හේතුවෙන් ඔහු රුසියානු ආණ්ඩුවට පක්ෂ දේශපාලකයන්ගේ අමනාපයට සහ විවේචනයට ලක්විය.
 
මීට වසර දෙකකට පෙර එනම් 2015 වසරේදී බෙලරුසියාවේ උපත ලැබූ රුසියානු සහ යුක්රේන මාධ්‍යවේදී පාවෙල් ෂෙරෙමෙත් කීව්හිදි අගනුවරදී ඔහුගේ මිතුරන් කිහිපදෙනකුද සමඟ ඝාතනයට ලක්විය. ඔහුද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ එම ආණ්ඩුව විවේචනය කළ මාධ්‍යවේදියෙකි. 
‘යුක්රේනයේදී මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වන බවත් ඝාතකයන් නිදැල්ලේ හැසිරෙන බවත්’ නිවේදනය නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
 
“ඝාතන සහ ප්‍රචණ්ඩත්වය කීව් රෙජීමයේ දෛනික ක්‍රියාවලියක් බවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්නැයි අපි යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි එම නිවේදනයේ දැක්විණි. 
 
මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බව ද රුසියාව සඳහන් කර තිබේ. 
 
රුසියාවේ විපක්ෂ කණ්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත්වූ ආකේඩි බැබ්චෙන්කෝ මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එම්.එච් 17’ ගුවන් යානය බිම හෙළීමට රුසියාව සිරියාවට පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යැවූ බවද එල්ල වූ චෝදනා හා එම සිදුවීම පිළිබඳවද වාර්තා කළේය.

055

 



අදහස් (7)

පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක්වේ

Abhaya Wednesday, 30 May 2018 01:43 PM

එහෙත් එහෙම වෙනවද

:       42       52

රවින් Wednesday, 30 May 2018 02:29 PM

උඩින් පෙනෙන විදියට තරාදිය සමතුලනය කලොත් තමා වඩාත් හොඳ.

:       23       0

emerson Wednesday, 30 May 2018 06:13 PM

ඕකට තමයි කියන්නේ මාක්ස්ගේ ප්‍රජාතන්ත්‍ර වාදය කියලා

:       49       3

LashanWednesday, 30 May 2018 11:14 PM

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදෙන් මොනාද ලැබුනේ? ගිහින් බලන්න රුසියාව, වියට්නාමය, චීනය

:       0       0

Ashan Wednesday, 30 May 2018 09:32 PM

අපේ රටටත් ආයෙ ඔය තත්වෙ ගේන්න සමහරු දැන් හරියට මහන්සි වෙනවා

:       1       0

samira Thursday, 31 May 2018 02:18 AM

මෙයා වෙනුවෙන් කම්පා වූ සැමටම විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා උපහාර දක්වමු

:       0       0

Yasas Sunday, 03 June 2018 02:52 PM

මෙම මාධ්‍යවේදීයාගේ මරණය යුක්රේනය විසින් රුසියාවෙන් මොහුට මරණ තර්ජන ඇති නිසා, සැලසුම් කල ව්‍යාජය එකක් නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 224 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 543 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 389 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 457 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1040 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1836 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site